Google Maps Navigation කිව්වම ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටියට පොඩ්ඩක් කිව්වොත්,
තමන් ඉන්න තැන ඉඳන් යන්න ඕනේ තැන සලකුණු කරාම යා යුතු මාර්ගය සිතියමේ සලකුණු වෙලා ශ්‍රව්‍ය මාධය්‍යෙන් අපිට දැනුම් දෙනවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන එලවන අයට තමයි. තවත් පැහැදිලි වෙන්න ඕනේ නම් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ.
කොහොම හරි ලංකාවේ මාර්ග හොඳට පෙන්වන Navigation System කීපයක් තිබුනත් ඒවාට මුදල් ගෙවන්න ඕනේ. මම මේ කියන්න යන එක ඔයාලට FREE භාවිතා කරන්න පුලුවනි.
මේකට ANDROID OS එක තියෙන ජංගම දුරකතනයක් තියෙන්න ඕනේ. උදාහරණ ලෙස කිව්වොත් HTC Desire, Samsung Galaxy i9000, HTC Wildfire, LG Optimis One වගේ දුරකතන ගන්න පුලුවනි.
ඒවගේ Google Navigation තිබබත් එයාල ඒක ඇමරිකාවට විතරක් සීමා කරලා තියෙනවා. අපි කරන්නේ ඒක භාධකය ඉවත් කරන එක විතරයි. ඒකට දැනට තියෙන Google Maps වෙනුවට අලුතින් Install කරන එක තමයි කරන්න තියෙන්නේ.
මෙන්න මෙහෙමයි කරන්නේ....
ANDROID OS එක root කරගන්න ඕනේ. ඒක ගැන පැහැදිලි විස්තරයක් කාලිංග අයියාගේ මෙන්න මේ බ්ලොග් ඒකේ තියෙනවා.
පලමුව මෙම Google Maps Navigation භාගන්න.
ෆෝන් එකෙන් Google Markeplace එකට ගිහින් Titanium Backup භාගත කරගෙන install කරගන්න. නැත්නම් මෙතනින් භගත කරගෙන ෆෝන් එකට install කරගන්න.
එහි Backup/Restore වෙත ගොස් Maps යන්න සොයාගෙන Wipe Data කර පසුව Uninstall කරන්න
ඒ ආකාරයටම Street View තිබෙනවානම් Wipe කර Uninstall කරන්න
පස්සෙ අර භාගත් කරපු Google Maps Navigation install කරගන්න.
StreetView ඕනේ නම් Google Marketplace එකට ගිහින් install කරගන්න.
ADB Shell එකෙන් කරනවා නම්,
Code:
adb remount
adb push /maps5.3.1-SLReady.apk /system/app
Source: http://andarademala.blogspot.com/2011/05/google-maps-navigation-android-free-for.html
Last edited:



