google servers

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,554
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් කාලෙකින් එළකිරි ආවේ. පොස්ට් එකක් දානවා. මේල් එකකින් ආවේ. කලින් පොස්ට් වෙච්ච එකක් නම් සමාවෙන්න ඕන. scooby doo කියන ගෘප් ඒකෙන මට එවල තියෙන්නේ. ස්තුතියි එයාලට. වටිනවා නම සලකල යන්න.

    ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

    ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.

    මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා.

    මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.


    image002.jpg


    මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wired සඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

    ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සමාගමේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.

    පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි.

    වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්


    image003.jpg


    ගුගල් කලර් කෝඩ්ස් :මෙහි පයිප්ප තුලින් ගෙනයන්නේ සිසිලන පද්ධතිය සඳහා අවශ්‍යය වතුර වන අතර රතු පති පයිප්පයෙන් රත්වූ වතුරත් නිල් පැහැති පයිප්පයෙන් සිසිල් වූ ජලයත් ගෙනයනු ලබනවා

    image004.jpg


    දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.

    image005.jpg


    දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?

    image006.jpg


    සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු
    කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය


    image007.jpg


    සිසිලන පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.
    image008.jpg


    අයෝවා හි පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක්

    image009.jpg


    ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු

    image011.jpg


    බලල නිකන් යන්න එපා හොඳේ.