ලොව දුෂ්කරම ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණෙන් ලොව අන්තර්ජාලයේ දැවැන්තයෙකු වන ගූගල් සමාගම විසින් නව ව්‍යාපෘතියක් අරඹා තිබේ.
ප්‍රොජෙක්ට් ලූන් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් සැහැල්ලු වායූන් පිරවූ අධිපීඩිත බැලුන් 30ක් නවසීලන්තයෙන් ගුවන්ගත කර ඇත.
මීටර 15ක විශ්කම්භයකින් යුත් මෙම බැලුන වලට 3G ජාල වල වේගයට සමාන අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ සවිකර ඇති අතර, ඒවා පාලනය කරන ලද ගුවන් පථයක් ඔස්සේ පොළොවට සැතපුම් 12ක් උඩින් ගමන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙය සාමාන්‍ය වාණිජ ගුවන් යානයක් ගමන් කරන උස මෙන් දෙගුණයක් පමණ වේ.
ගූගල් එක්ස් ලැබ් හිදී වැඩිදියුණු කරන ලද මෙම ව්‍යාපෘතිය පසුපස සිටින්නේ ගූගල් ග්ලාසස් හා රියැදුරෙකු නොමැතිව දුවන කාරය නිර්මාණය කළ කණ්ඩායමයි.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මැනීමට පනස් දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර, ඔවුන්ගේ නිවෙස් වලට විශේෂ ඇන්ටනා සවිකර තිබේ.
මෙම ව්‍යාපෘතිය ඔස්සේ මෙතෙක් අන්තර්ජාල පහසුකම් නොමැති ලොව ජනගහනයේ 2/3 කට පහසු මිලකට අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකියාවක් ලබාදෙනු ඇතැයි ගූගල් සමාගම පවසයි.
මේක තමයි wifi ග්‍රාහකය
(ඔය ඇන්ටි නෙමේ බන්
, වහලේ තියෙන රතු පාට බැලුම වගේ එක
)
හොඳනම් සලකලා යන්න
, bump එකකුත් දාන්න හොඳේ , repost නම් සමාවෙන්න ඕනේ , ගත්තේ web site එකකින් එක කිව්වොත් spam කියයි , ස්තුතියි


