Google_තරඟයෙන්_ලංකාව_එක

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Google_තරඟයෙන්_ලංකාව_එක

    Google තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය ලංකාවට හිමියි

    1639543102Mogo-L.jpg



    Google සමාගම විසින් පවත්වන ලද ලොව පුරා රටවල් 56ක තරඟකරුවන් 317ක් සහභාගීත්වයෙන් පැවති Google Business Group Success Stories තරඟයෙන් මුල්තැන ලබාගැනීමට Mogo Reader යෙදුම (app) සමත්ව තිබේ.

    ඔබ එදිනෙදා අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි අතර සැරිසරන කෙනෙකු නම්, එසේ නොමැතිනම් පුවත්පත් කියවන්නෙකු නම් දිනකට නිකුත් වන දහස්ගනණක් පුවත් අතරින් ඔබ කැමති දේ ගැන කියවන්න තරමක් අපහසුය.උදාහරණයක් ලෙස ඔබ ක්‍රීඩා පුවත් ගැන දැනගන්නට කැමති කෙනෙකු නම් අද දවසේ ක්‍රීඩා හා සම්බන්ධ වැදගත් පුවත් දැනගන්නට ඔබට වෙබ් අඩවි කොතරම් ප්‍රමාණයකට පිවිසෙන්නට සිදුවේවිද? ඔබ තාක්ෂණය ගැන උනන්දුවන කෙනෙකු නම් තාක්ෂණික ලෝකයේ අලුත්ම තොරතුරු නිසි ලෙස දැනගැනීමට ඔබට වෙබ් අඩවි කිහිපියකට පිවිසෙන්නට සිදුවේ. අන්තර්ජාලය කෙතරම් තොරතුරු වලින් පිරී තිබුණද ඒ විසිරී තිබෙන තොරතුරු ඔබේ කැමැත්ත අනුව පහසුවෙන් එකතු කිරීමට හැකියාවක් නොමැත.

    එබැවින් ලංකාවේ අපේම දක්ෂයින් පිරිසක් Mogo Reader නමින් ,අන්තර්ජාලය පුරා විසිරී ඇති තොරතුරු ඔබේ රුචිකත්වය අනුව තෝරා බලා කියවන්නට හැකි ජංගම දුරකථන යෙදුමක් (app) නිර්මාණය කර තිබීම අතිශයින් වැදගත්ය.

    මේ ජංගම දුරකථන යෙදුම හරහා ඔබට කැමති දේ පමණක් තෝරාගෙන ඉක්මනින් හා පහසුවෙන් කියවීමේ හැකියාව ඔබට ලැබේ. ලංකාව පුරා විවිධ සිංහල වෙබ් අඩවි වල තිබෙන පුවත් පහසුවෙන් කියවිය හැකි පරිදි පෙළගැස්වීමටත් මේ ඇප් එකට හැකියාව තිබේ. වගේම නුදුරේදී ඉංග්‍රීසි හා දමිළ පුවත් සඳහාත් Mogo Reader සහාය දැක්වීමට නියමිතය.

    Google විසින් සංවිධානය කළ තරඟයේ ජයග්‍රණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපළ හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අද දෙරණට කියා සිටියේය.

    විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රාග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබූහ.

    -----------------------------------------------------------------------------

    http://www.adaderana.lk/sinhala/news.php?nid=48771
     
    • Like
    Reactions: KingCM

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල සෙක්ස් හෙව්වා කියලා හෝද හෝද මඩේ දාපුවට මෙහෙම දේකිනුත් අපි ඉදිරියෙන් කියල පෙන්නුව එකනම් ගොඩක් හොද දෙයක්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එල සෙක්ස් හෙව්වා කියලා හෝද හෝද මඩේ දාපුවට මෙහෙම දේකිනුත් අපි ඉදිරියෙන් කියල පෙන්නුව එකනම් ගොඩක් හොද දෙයක්

    මාත් බයේ බං ආවේ තවත් මුට්ටියක් කියල අම්මෝ :P ... මගෙන් සුබපැතුම්:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගූගල් වලින් අහවල් ඒවා හෙව්වට විතරක් නෙවේ මේවාටත් කප් එකක් ලැබිලා....:P ආශාවේ බෑ බොල :lol: