GOTA ළගදීම_හිරේ - සරත් ෆොන්සේකා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    GOTA ළගදීම_හිරේ - සරත් ෆොන්සේකා

    ජනාධිපතිවරණයට පෙර ගෝටාභය හිරේ යනවා..- ෆොන්සේකා


    image_1520223211-41803e1a1e.jpg


    ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිරේ යාමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ වල ඇති වංචා දූෂණ නඩු දෙස බැලූ විට තමන්ට එසේ සිතෙන බවත් ඔහු ඒවාට සම්බන්ධ යැයි තමට පෙනී යන බවත්ය.

    කැලණියේ දී පැවති උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු එහිදී සදහන් කලේය.

    රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවකුට ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීම සදහා විශේෂ සුදුසුකම් කිසිවක් තමන් නොදකින බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෝඨ විතරක් නෙමෙයි මුලු රාජපක්ෂ පවුලම හිරේනෙ දැන් අවුරුදු ගානක ඉදං.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ට හුඩු යකෝ මම මේ පාර ගෝටට චන්දෙ දෙන්න හිටියෙ. උන්දැ හිරේ ගියා කියන්නෙ අකමැත්තෙන්
    උනත් ආයෙත් රනිල් සර්ටම චන්දෙ දාන්න වෙනව.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2015 - 28587 චන්ද මුලු ලංකාවෙන්ම.....
    වෙල්විදානේ ඉල්ලන් කැවා, 2010 රනිල්ගේ ලනුව කෑවා. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක් ද.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝටා තමයි එෆ්සීඅයිඩී එකට ඉස්සර වැඩියෙන්ම ගියේ.ගෝටාට නඩු ගොඩක් තියෙනවා.මිග් නඩු,මිනීමැරුම් නඩු,ස්මාරක නඩු,තජූඩීන් නඩුව, ලසන්ත නඩුව,එක්නැඑලිගොඩ නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුව.මේ වගේ තීන්දු ඔක්කොම මාස හයකින් එනවා.අනිත් එක දිවිත්ව පුරවැසි කම තාම තියෙනවා. මරා වගේම ගෝඨාත් රටක් පාලනය කරන්න පුලුවන් වයසක නෙවෙයි ඉන්නේ.මුන් දැන් මහලු වැඩී දේශාපලනය කරන්න. උඩින් ඩයි බොටොක්ස් මේකප් දාගෙන හිටියට යටින් මේකප් ,ඩයි බොටොක්ස් දාන්න බෑ.:lol:

    ඒකට අපේ රනිල් සෑර් නම් දෙහි බොන නිසා තාම කොල්ල වගේ ඉන්නව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    ගෝටා ලගඳිම ලංකාවෙ කියපන්. මොකද පොර මේ දවස් වල අපේ රටට ජාත්‍යන්තර කුමන්ත්‍රන කරන රටකට ගිහින් ඉන්නෙ