ජිංතක ජිල්ලබකිට;20468875 said:ඉතින් ඒක තමයි, මිනිස්ට්‍රි සෙකට්‍රිලාට කවුරුත්
ගෞරව දෙන්න ගිහිලා නෑනේ මීට කලින්. කවුරුත් බැනලත් නෑ.
ගෝටාබයත් මිනිස්ට්‍රි සෙකට්‍රි, හැබැයි එයා යුද්ධේ කලා වගේ ටෝක්ස් දුන්න. මීඩියා වලින් පිම්බුවා ජනාදිපතිගේ මල්ලි නිසා. ජනදිපතිගෙ මල්ලි නිසා කොටිත් ගැහුවා. වෙනත් වචන වලින් කියනව නම් මිනිස්ට්‍රි සෙකට්‍රි තනතුර කියන්නේ පොලිසි (policy) ක්‍රියාත්මක කරන පරිපාලන තනතුරක්. ජනපතිගේ මල්ලි නිසා විශේෂයක් නැති තනතුර සුවිශේෂි කරගත්තා, ආරක්ෂක ලේකම්ට ඇන්දා (ආරක්ශක ඇමති වගේ) හැබැයි මහින්දට මල්ලි ශුවර් නැති නිසා ඇමති කලෙත් නැහැ. දැන් මොකද්ද දෙන්නේ ඕනේ අමුතු ගෞරවය? මූත් අනිත් උන් වගේ මිනිස්ට්‍රි සෙකට්‍රි කෙනෙක් විතරයි, ගොන්නු ඇන්දුනාට.
ඔව් එක ඇත්ත, හැබැයි කලින් හිටිය සේකට්‍රිල කාලේ යුද්දේ කරපු විදියයි, මෙයා හිටිය කාලේ යුද්දේ කරපු විදියයි වෙනස් උනේ නැද්ද ? ඒ වෙනසෙ අවසාන ප්‍රතිපලේ අපි යුද්දේ දිනන්නේ, එතකොට යුද්දේ පරදින කාලේ හිටිය සේකට්‍රිට දෙන ගෞරවෙයි, යුද්දේ දිනනනකොට හිටිය සේකට්‍රිට දෙන ගෞරවෙයි එකක් වෙන්නේ නෑ නෙ. ගොටාභයට වැඩි ගෞරවයක් ලැබෙන්නේ ඒකයි. කලින් අය වැඩ කරේ නෑ කියල එකෙන් කියවෙන්නේ නෑ.
අපි 96 ක්‍රිකට් ලෝක කුසලානේ දිනනකොට හිටපු කැප්ටන්ටයි, කෝච් ටයි හිටපු ක්‍රිඩකයන්ටයි අපි විශේෂ සැලකිල්ලක් දෙනවනෙ. පලවෙනි වටෙන්ම අයින් උන ටීම් එකක අයට ඒ ගෞරවේ අපි දෙන්නේ නෑ නෙ. ඒ වගේ තමයි. කැප්ටන් කම් කරා කියල, ලෝක කුසලාන වලට ගියා කියල හැමෝටම මිනිස්සු ගෞරව කරන්නේ නෑ.
පොර ටෝක් දීම නොදීම එක එක මනුස්සයගේ චරිතේ හැටි, හැබැයි පොර ටෝක් දුන්න හෝ නොදුන්නා කියල කරපු වැඩේ වෙනස් වෙන්නේ නෑ නෙ. අර්ජුන මිඩියා ඉස්සරහට ඇවිත් මම හින්ද තමයි ටීම් එක කප් එක ගත්තේ කියල පොර ටෝක් දුන්නත්, සද්ද නැතුව නිහතමානිව පැත්තකට වෙලා හිටියත්, කප් එක ගන්නකොට ටීම් එකේ කැප්ටන් අර්ජුන කියන එක වෙනස් වෙන්නේ නෑ නෙ. ඒ ගෞරවේ අපි දෙන්න ඕනේ එයාට.



