Great answer....!

S.Kota

Member
Oct 19, 2013
257
12
0
මෛත්‍රී දින්නොත් ඔහු කියපුව කරයිද කියල ප්‍රශ්න අහන උන්ට නියම පිළිතුර....

තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා විමුක්තිය පතා
නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්

''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන
එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත

බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
නොඒසේනම් එය සිතත් නැති කයත් නැති
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''

මෙය ඇසූ හිමිසද
හෝරා ගණනක් වැඩහිද නිසලව
කීවේ මෙලෙසය

''ඔබ ඇසූ පැණයට
පිළිතුරු නැත මට''

එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා
පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු
එහි සිටි සෙසු දන සැම අමතාලා
දෙසූහ මේ සුලු කතාව උපමා

''දවසක් මම ගෙයක් දුටිමි
එය ගින්නට හසුව තිබුණි
රත් පැහැගත් ගිනි ජාලා
එහි පියසෙන් උසට නැගුණි

එහි තුල මම දනන් දුටිමි
දොර හැර ඔවුනට හඩගා
පිටවන්නැයි මම කීවෙමි

එහෙත් එදන සැලුණේ නැත
හදිසි බවක් පෙන්වුවේ නැත
එක් අයෙකුගේ රවුල පවා
පිලිස්සෙද්දි ඔහු ඇසුවේ

'ගෙයින් පිටත මිට හොදද
වැසි වසීද සුළග තදද
දැවෙන නිවස දමා ගොසින්
ඉන්න ගෙයක් තියෙනවාද'
මෙවැනි ප‍්‍රශ්න රාශියක්ය

මම පිළිතුරු නොදී ඔහුට
නැවත වරක් වුණෙමි නිහඩ
මට හිතුනා මේ දරුවන්
නගන ප‍්‍රශ්න නවත්වන්නෙ
ගින්නෙන් නැසුණාම කියා

සත්තකින්ම ප‍්‍රිය දරුවනි
යම් මිනිසකු පොලෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න
බණක් නැතිය මට කියන්න''

එළෙසයි අප හිමි ගෞතම
පිළිතුරු දුන්නේ පෙරකල


උපුටා ගැනීමකි...
 
  • Like
Reactions: dina84 and Gayan88

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10863930_10152853221576259_2708673431001314166_o.jpg