පොදු අපේක්ෂක මෛත්‍රී සහ ජනාධිපති මෛත්‍රී තවමත් එක් අයෙක් බව ඔප්පු කළ මෛත්‍රීගේ ඓතිහාසික කතාව නරඹන්න (Video)
(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.21 ප.ව.11.55) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු දෙදෙනෙක් නොව තවමත් එක් අයෙක් බව පැහැදිලි වීමක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් මාස 2 කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරුන් අමතා කළ කතාවෙන් තීරණය කළ හැකි විය.
මහින්ද රාජපක්ෂත් ශ්‍රීලනිප නායක කාරකාදීනුත් පක්ෂයේ සභාපතිත්වය තමන්ට දුන්නා නම් තමන්ට එය කරගෙන යෑමට ඉඩ දිය යුතු යැයි ඔහු අතීත පක්ෂ විපක්ෂ නායකයන්ගේ අත්දැකීම් පෙන්වමින් පැහැදිලි කෙළේය.
ශ්‍රීලනිපය ජාතිවාදී පක්ෂයක් නොවන බවත් ජාතිවාදී සටන් පාඨ ගන්නේ නම් තමන්ගේ කාලයේදීම යලි යුද්දයක් ආරම්භ වන බවත් ඔහු අනතුරු ඇඟවීය. වතුර නටන තුරු නටන කකුළුවන් මෙන් ජාතිවාදී සටන් පාඨ අල්ලාගෙන නටන්නට එපා යැයි ද අවවාද කෙළේය.
යම් පක්ෂයක් ලංකාවේ බලය ලබාගන්නේ නම් සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් එකතු කළ හැකි විය යුතු යැයි ඔහු අවධාරණය කෙළේය. පසුගිය කාලයේදී ලංකාව නිසා ලෝකයා බෙදුනු බවත් දැන් අප කළ යුත්තේ ඒ බෙදුනු ලෝකයා සමගි කරවා ගෙන ලංකාවට ආධාර කරන තැනට පත් කර ගැනීම බවත් පැවසීයය
හෘද සාක්කියට එකඟව අරමුණක් ප්‍රතිපත්තියක් හදා ගන්නැයිද ඔහු අවවාද කෙළේය. ජනාධිපති වරයෙක් නම් මෙහෙම විය යුතු යැයි එක් එක් අයට හැඟීමක් තිබිය හැකි වුවත් මං එහෙම නොවේයි මං මෙහෙමයි යනුවෙන් කියද්දී අසා සිටි අය අත් පොලසන් දුන්නේය. දැනටමත් ශ්‍රීලනිපයට ප්‍රජාතන්ත්‍රවාදය පැමිණ ඇතැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රාජපක්ෂ වසර 9 දී තමන් විඳි දුක කීවොත් පාක්ෂිකයා අඬන බව කියමින් එවන් පැහැදිලි කිරීමක් කළ අවස්ථාවක දී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉකි ගසමින් හැඬුවේ නමුත් තමන් ඒ ගැන දැන් කිසිවක් නොකියන බවද පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඓතිහාසික සහ හෘදයාංගම සත්‍ය හැඟීම් ජනිත කරවන ඒ කතාව සම්පූර්ණයෙන් මෙතැනින් නැරඹිය හැකිය
https://www.youtube.com/watch?v=khx0sBsVM8A&t=1743

Last edited: