Guinea Pig හෙවත් Cavy නමින් ද හඳුන්වන මේ පුංචි සුරතලුන් විශේෂය ලේනුන් හා මීයන් අයත් වන Rodent පවුලේ සාමාජිකයෙක්. (මොවුන්ගේ නමේ pig යනුවෙන් සඳහන් වී තිබුණාට මොවුන් ඌරන්ට කිසිම සම්බන්ධයක් නැහැ. එය පොදුවේ ජනවහරෙන් මොවුන්ට හිමි වූ නමක්). ලෝකය පුරාම බෙහෙවින් ජනප්‍රිය සුරතලෙක් ලෙස අතීතයේ පටන්ම ඇතිදැඩි කල ගිනී පිග් සතුන් ලංකාවට හඳුන්වාදුන්නේ නම් තරමක් මෑත ඉතිහාසයේදීයි. අහාර ලබා දීම හා ඇතිකිරීම පහසු වීමත්, ප්‍රමාණයෙන් කුඩා නිසා නඩත්තුව පහසු වීමත්, කුඩා දරුවන්ට හොඳින් ගැලපෙන සුරතලෙක් වීමත් යන කරුණු නිසා සෑම රටකම සුරතලුන් ලෙස මොවුන් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගන්නවා. මොවුන් ගැන සවිස්තරාත්මකව මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.
හැඳින්වීම:
දකුණු ඇමෙරිකාවේ Andes කඳුකරය ප්‍රදේශය නිජබිම කරගත් මෙම පුංචි සුරතලුන් Cavia porcellus යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන අතර මොවුන් ඉතාම දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. වසර දහස් ගණනකට පෙර Andes කඳුකරය ආශ්‍රිත ගෝත්‍රික ජනතාව විසින් මොවුන්ගේ මස් ආහාරය ගැනීමට පුරුදු වී සිටි බවත්, ඒ සඳහා මොවුන් ගෘහාශ්‍රිතව ඇති කල බවත් ඉතිහාසගත වාර්තා වල සඳහන් වෙනවා. නමුත් පසුකාලීනව එම ප්‍රදේශ ගවේෂණය කිරීමට පැමිණි ස්පාඥ්ඥ, පෘතුගීසි, හා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මොවුන්ව යුරෝපයට රැගෙනවිත් තිබෙනවා. මොවුන් සුරතලුන් ලෙස ජනප්‍රිය වීමට පටන්ගත්තේ ඉන් පසුවයි.
ප්‍රමාණයෙන් කුඩා හා පහසුවෙන් බෝ කල හැකි සත්වයෙක් නිසා මොවුන්ව වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලදී විවිධ ඖෂධ වර්ග අත්හදා බැලීම ඇතුළු වෙනත් අධ්‍යයනයන් සඳහා අදටත් භාවිතා වෙනවා. එසේම වෙනත් පරීක්ෂණ කටයුතු වලදීද මොවුන් සජීවී නිදර්ශක ලෙස බහුලව භාවිතා වෙනවා.
උදාහරණයක් ලෙස අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට පෙර අත්හදාබැලීම සඳහා 1961දේ රුසියාවෙන් ගුවන්ගත කල Sputnic 9 රොකට්ටුව තුල මෙම Guinea Pig සතුන් කීපදෙනෙක් ඇතුලත් කර යැවූ බවට වාර්තා වෙනවා.
සුරතලුන් ලෙස මොවුන් ඇතිදැඩි කිරීම ගැනද මෙවැනිම සුවිශේෂී ඉතිහාසගත සටහන් දැකගන්න ලැබෙනවා. හොඳම උදාහරණයක් වන්නේ බ්‍රිතාන්‍යයේ Iවන එලිසබත් මහරැජින ද ගිනි පිග් සුරතලුන් ඇතිදැඩි කල බවට වාර්තා හමු වීමයි. අද වන විට ලෝකය පුරාම බාල, තරුණ, වැඩිහිටි සියලුදෙනා අතර ජනප්‍රිය සුරතලෙක් බවට මොවුන් පත්වී සිටිනවා.
වර්ණ හා දේහ ලක්ෂණ:
පෙනුමින් තරමක් දුරට මීයෙකුට සමාන වන අතර ශරීර ලක්ෂණ වලින් මොවුන් තරමක් දුරට හාවෙකු ගේ ස්වරූපයක් ගන්නවා. මේ නිසා අලංකාර සුරතල් පෙනුමක් මොවුන්ට හිමිවී තිබෙනවා. අහිංසක හා සුරතල් බෝනික්කෙක් වැනි ස්වරූපය නිසා මොවුන් බෙහෙවින් සිත් ඇදගන්නා සුළුයි. (පින්තූර දුටු විට ඔබ මෙය හොඳින් දැකගන්නට ඇතැයි අපි සිතනවා).
මොවුන්ගේ ශරීරයේ වලිගයක් පිහිටන්නේ නැහැ.
සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු පසු ශරීරය දිගින් අඟල් 8-10 පමණ වෙන අතර බර 700g-1200g පමණ වෙනවා.
මොවුන් සාමාන්‍යයෙන් වසර 4-6 පමණ ආයුකාලයක් හිමිකරගන්නා අතර උපරිම වශයෙන් වසර 8 පමණ ජීවත් වන බව වාර්තා වෙනවා. නමුත් කලාතුරකින් මීට වඩා කල් ජීවත් වුනු අවස්ථාද දැකගන්න පුළුවන්.
මෙම සුරතලුන්ගේ ලොම් පිහිටන ආකාරය අනුව ප්‍රභේද කීපයක් දැකගන්න ලැබෙනවා. මේ අතරින් කෙටි ලොම් සහිත American Guinea Pig නම් ප්‍රභේදය බෙහෙවින් ජනප්‍රියයි. තරමක් විසිරුණු අවුල් වූ ස්වභාවයක් ඇති ලොම් සහිත Abyssinian නම් ප්‍රභේදයක් ද, Coronet, Peruvian, හා Silkie යනුවෙන් ඉතාම දිගු ලොම් සහිත ප්‍රභේද 3ක් ද, Teddy නමින් හඳුන්වන කෙටි, සෘජුව විහිදුනු ලොම් සහිත ප්‍රභේදය ද, Texel යනුවෙන් හැඳින්වෙන කැරලිගැසුණු ලොම් සහිත ප්‍රභේදයක් ද, මීට අමතරව Skinny යනුවෙන් හඳුන්වන ලොම් රහිත සමක් ඇති ප්‍රභේදයක් ද දැකගන්න ලැබෙනවා.
ගතිලක්ෂණ:
බෙහෙවින් සුරතල්, අයිතිකරුට හොඳින් හීලෑ වන සත්වයෙක් හැටියට Guinea pig හඳුන්වන්න පුළුවන්. කුඩා කල සිට ඇති කල විට බලු පැටවකුට මෙන් විවිධ සෙල්ලම් පුහුණු කරවිය හැකි බවද වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් කුඩුවක් තුල තැබීම සුදුසු වුවත් මොවුන් දවස පුරාම කූඩුවක සිරකර තැබීම සුදුසු නැහැ. ඒ මොවුන් නිතර පවුලේ අය සමඟ සෙල්ලම් කරමින් විනෝද වෙමින් කාලය ගත කිරීමට කැමති සමාජශීලී සුරතලෙක් නිසයි.
සාමාන්‍යයෙන් නිදැල්ලේ මොවුන්ව තැබීමේදී කිසිවිටෙකත් පලා යාමට උත්සහ නොකරන අතර නිතරම අයිතිකරු අසලට වී සිටීමට කැමැත්ත දක්වනවා. නමුත් හොඳ උනන්දුවෙන් නිවස පුරාම ඇවිදිමින් නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කර බැලීමට මොවුන් කැමතියි.
නමුත් ප්‍රමාණයෙන් කුඩා සත්ව වර්ගයක් නිසා මොවුන්ට බළලුන්, සර්පයින් හා කපුටන් වැනි සතුන්ගෙන් අනතුරු වීමට බෙහෙවින් ඉඩකඩ තිබෙන බැවින් නිදැල්ලේ මොවුන් සිටින සෑම විටෙකම මොවුන් අසලටම වී හොඳ අවධානයෙන් සිටීමට ඔබ විසින් වගබලාගත යුතුයි. අනෙක් සෑම වෙලාවකම මොවුන් ආරක්‍ෂිත කූඩුවක් තුල තැබීම සුදුසුයි.
විවධ ශබ්ද වලට බෙහෙවින් සංවේදී මොවුන් නුපුරුදු ශබ්දයක් හෝ සතෙකුගේ හඬක් ඇසුණු විට ඉතාම විමසිල්ලෙන් බලන අයුරු දකින්න පුළුවන්. එසේම මොවුන්ට හොඳ ඉවක් ද සහිතයි.
සාමාන්‍යයෙන් යුවලක් හෝ කිහිපදෙනෙකු වශයෙන් ඇති කිරීමේදී මොවුන් වඩාත් සතුටින් සිටින බව දැකගන්න ලැබෙන අතර තනි සතෙකු ඇතිකරන්නේ නම් අනිවාර්යයෙන්ම දිනකට වරක් වත් මොවුන් සුරතල් කිරීමට වගබලාගත යුතුයි.
මොවුන් අයිතිකරු සමඟ සන්නිවේදනය කිරීමට විවිධ හඬවල් භාවිතා කරන බව දැකගන්න ලැබෙනවා. මෙම හඬවල් ගැන අවබෝධයෙන් සිටීමෙන් මොවුන් පැවසීමට උත්සහ කරන දේ ගැන වැටහීමක් ලබාගන්න ඔබට පුළුවන්.
මොවුන් අභිජනන සමයේදී ගැබ් ගත් ගැහැණු සතුන් කුඩුවේ කෙලවරක පැටවුන් බිහිකර පැටවුන් රැකබලාගැනීම සිදු කරනවා. (සාමාන්‍යයෙන් මොවුන්ගේ ගර්භනී සමය දින 63-70 පමණ වන බවයි වාර්තා වන්නේ. එසේම මොවුන් වරකට පැටවුන් 1-2 සිට 6 දක්වා අතර ගණනක් බිහි කරනවා. මීට වැඩිවන අවස්ථාත් සමහරවිට දකින්න ලැබෙනවා). පැටවුන් ඉපදී සති 2-3 වැනි කෙටි කාලයකින් පසුව මවගෙන් වෙන්වී තනිව ජීවත් වීමට සමත් වෙනවා.
Alternate Text
කූඩු සැකසීම:
Guinea Pig සුරතලුන් සඳහා කුරුල්ලන්ට සකස් කරන අන්දමේ දැල් කූඩුවක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙම කුඩුවේ අඩිය දැල් වලින් සකස් නොකර හොඳ ඝන පෘෂ්ඨයක් ඇති වන සේ තහඩු වලින් හෝ ඝන ලී වර්ගයකින් සකස් කල හැකිනම් සුදුසු බවයි සඳහන් වෙන්නේ. මෘදු ලී වර්ග මොවුන්ගේ කුඩු සැකසීමට යොදාගන්නේ නැහැ. ඒ මොවුන් ලී සපමින් කැබලි ගැලවීමට කැමැත්ත දක්වන නිසයි.
මොවුන් යුවලක් සඳහා අඩි 2ක් දිග හා අඩි 2ක් පළල කූඩුවක් අවම වශයෙන් තිබියයුතු බවයි සඳහන් වෙන්නේ. මේ කූඩුවේ පතුලට කැබලි වලට ඉරාගත් කඩදාසි කොළ තට්ටු වශයෙන් යෙදීම හෝ ලීකුඩු වැනි යමක් යෙදීම මගින් මොවුන්ට සැපපහසු ලෙස ජීවත් වීමට ඉඩ සලසා දෙන්න පුළුවන්. කූඩුව තුල මොවුන්ට සැඟවී සිටීමට හැකි වන ස්ථානයක් ද සකස් කර දීම සුදුසුයි. මේ සඳහා අඟල් 5 හෝ 6 විෂ්කම්භයේ pvc බට කැබැල්ලක් කුඩුවේ කෙළවරක තැබීම කල හැකියි. මොවුන් විවේක ගැනීමට හෝ බිය වූ අවස්ථා වලදී සැඟවීමට මේවා භාවිතා කරන අයුරු දැකගන්න පුළුවන්. මීට අමතරව ප්ලාස්ටික් බෝල, කුඩා ඉනිමඟක්, පාලමක් ඇතුළු විවිධ කුඩා ප්‍රමාණයේ සෙල්ලම් බඩු මොවුන්ගේ කූඩුව තුල තැබීමෙන් මොවුන්ට සෙල්ලම් කිරීමේ අවස්තාව සලසා දීම සුදුසුයි.
කූඩුව තුල නිතරම පිරිසිදු ජලය සහිත උසින් අඩු බඳුනක් තබන්න. නමුත් මොවුන් මේ බඳුනට බැස සිටීමටත්, ඒ තුල සෙල්ලම් කිරීමටත් උත්සහ කරන අවස්ථා ඇති නිසා දිනකට කීප වරක්ම මේ ජල බඳුන හොඳින් පිරිසිදු කිරීම වැදගත්.
Guinea pig සතුන්ගේ කූඩු හොඳින් ආලෝකය සහිත ස්ථානයක තැබීම සුදුසුයි. නමුත් නිවසින් පිටත එළිමහනේ තැබීම එතරම් සුදුසු නැහැ. එසේම අධිකව සුළං වදින ස්ථාන වල ද කූඩුව නොතැබීමට වගබලාගත යුතුයි.
මෙම සතුන්ගේ මලපහ ආදිය සහ අහාර බඳුන් වලින් හැලෙන ආහාර කොටස් ආදියද දිනපතා ඉවත් කරමින් කූඩු පිරිසිදු කිරීමත්, සතියකට හෝ දෙකකට වරක් කූඩු හොඳින් සෝදා පවිත්‍ර කරගැනීමත් කල හැකිනම් මොවුන් හොඳ නිරෝගී තත්වයෙන් තබාගැනීමට පුළුවන්.
ආහාර:
මොවුන්ට ආහාර ලබා දීම බෙහෙවින් පහසුයි. ප්‍රධාන වශයෙන් තණකොළ වර්ග, පලා වර්ග හා එළවලු ආදිය මෙන්ම පලතුරු වර්ගත් ආහාරයට ගැනීමට මොවුන් කැමැත්ත දක්වනවා. පිරිසිදු හොඳින් වියලාගත් තණකොළ වර්ග මොවුන්ගේ අහාර වේලට දිනපතා වුවද එකතු කල හැකි නම් සුදුසු බව සඳහන් වෙනවා. එසේම අමු තණකොළ වර්ග ද ලබා දෙන්න.
ඇට ඉවත් කරගත් ඇපල්, මිදී, කෙසෙල් වැනි පලතුරු වර්ගත්, කැරට්, මෑ, ගෝවා, මල් ගෝවා, සලාද කොළ, වැනි එළවලු වර්ගත්, කන්කුන් ඇතුළු බොහොමයක් පලා වර්ගත් මොවුන් හොඳින් ආහාරයට ගන්නා බව දැකගන්න පුළුවන්. මේ ආහාර කීපවරක් හොඳින් සෝදාගෙන ලබාදීම බෙහෙවින් වැදගත්. ඒ වෙළඳපොලෙන් ගන්නා එළවලු වල තිබී යම් විෂ රසායනික ද්‍රව්‍ය කැවුනොත් මොවුන්ට එය බෙහෙවින් හානිකර විය හැකි නිසයි.
මීට අමතරව තම්බාගත් බඩ ඉරිඟු, පිපිඥ්ඥා, වට්ටක්කා, ඇතුළු බොහොමයක් ශාකමය අහාර මොවුන්ට ලබාදෙන්න පුළුවන්.
නමුත් මොවුන්ට ලබා දීම එතරම් සුදුසු නැතැයි සැලකෙන ආහාර වර්ගත් තිබෙනවා. ඒ ගැන දැනුවත් වී සිටීම වැදගත්. අලිගැටපේර, ළූණු, සුදුළූණු, පොල්, අර්තාපල්, බටර් හෝ කිරි අඩංගු නිෂ්පාදන, චොකලට් ඇතුළු වෙනත් කෘත්‍රිම රසකැවිලි ආදිය මොවුන්ට ලබා දීම සුදුසු නැති බවයි සඳහන් වෙන්නේ. එසේම ගෝවා වර්ගද මොවුන්ට ඉඳහිට ආහාරයට එක් කිරීම සුදුසු වුවත් දිනපතා ලබා දීම නුසුදුසු බව සඳහන් වෙනවා.
සෞඛ්‍යය:
හොඳින් අහාරපාන ලබා දෙමින් හා පිරිසිදුව ඇතිදැඩි කලොත් සාමාන්‍යයෙන් මොවුන්ට එතරම් ලෙඩ රෝග නැති බව සඳහන් වෙනවා. නමුත් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
අධික උණුසුමට නිරාවරණය වුනොත් මොවුන්ට ආඝාත තත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. මේ නිසා මොවුන් කූඩුවක තබන විට මෙන්ම, වාහනයක රැගෙන යන විටත් සෘජුව හිරු එලිය නොවැටෙන සිසිල් වියලි ස්ථානයක තැබීම වැදගත්. විශේෂයෙන් ගර්භනී සමයේදී මොවුන්ගේ මරණ වලට බහුලම හේතුවක් වන්නේ අයිතිකරුවන් විසින් කූඩුවේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් නොවීමයි.
මොවුන් යම් ශ්වසන අපහසුතාවක් පෙන්නුම් කලොත් එය කලාතුරකින් නිව්මෝනියා තත්වය වියහැකි බැවින් පශුවෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.
කිනිතුල්ලන්, මැක්කන් වැනි සතුන් බෝ වීම සිදු වුනොත් පශුවෛද්‍ය උපදෙස් මත සුදුසු පරපෝෂිත මර්දන නිෂ්පාදනයක් භාවිතා කිරීම සුදුසුයි.
මීට අමතරව කලාතුරකින් ගැස්ට්‍රයිටිස් තත්වයන්, මලබද්ධය වැනි තත්වයන් ඇති විය හැකි අතර එවන් අවස්ථා වලදී පශුවෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමෙන් පහසුවෙන් සුව කරගන්න පුලුවන්.
මොවුන් දැල් කූඩු තුල ඇතිකිරීමේදී පාද තුවාල වීම හා ඉදිමීම වැනි ලක්ෂණ සමහර අවස්ථා වල දැකගන්න ලැබෙනවා. මේ නිසා කූඩුවේ අඩිය දැල් වලින් සැකසීම සුදුසු නැහැ.
එසේම මොවුන්ට මුත්‍රා ගල් ඇතිවීමේ අවදානමක් ඇති අතර මේ නිසා නිතරම කූඩුව තුල මොවුන්ට පානය කිරීමට ඇති තරම් පිරිසිදු ජලය තැබීමත්, එම ජල බඳුන් නිතර පිරිසිදු කිරීමත් වැදගත්.
.
.
.
.
share කරන්න කියලා ගත්තෙ නම් මෙතනින්..මේ site එකේ ගොඩාක් තියෙනවා මේ වගේ විස්තර
මම දැනට එක එක ජාතියේ සත්තු හදනවා.ඒ නිසා ඒ වගේ හදන අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා.