Gys R u like BlackBerry? Yes or No...

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ජංගම දුරකතනයක් ගන්න මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික දුරකතනයක් ගැන මම අහලා තිබුනා. :eek:
    හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. :yes:
    Chamikawpblogspotcom3-60.jpg



    ගොඩාක් කාලෙකට පස්සේ හදිස්සියෙම ඔය කියන

    “බ්ලැක්බෙරියක්“ දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ
    :D
    අල්ලලා බැලුවා ම්හ්...
    අපෝ මෙලෝ වැඩක් නෑ..!!
    මොකකක්ද මේ කියලා හිතුනා.. :lol:


    ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය හා තවත් අතුරු කතා ‍ගොඩාක් .. මෙතනින් බලන්න පුළුවන්....


    සමහර විට මේ සිද්ධියම ඔයාලටත් වෙන්න ඇති.. :yes:
    දැන් සමහර විට පාවිච්චි කරනවත් ඇති ඒ වගේම අන්තර්ජාලය බැලුවාම දුරකතන අලෙවියේ බැලැක් බෙරි ‍ඉන්නේ පස්වැනි තැන... :cool:


    සිද්ධීය මෙහේම වෙද්දි අන්තර්ජාලයේ බැලැක්බෙරි 10 කියන ඔවුන්ගේ අලුත්ම නිකුත් කිරිමේ පින්තූර කිහිපයකුත් පල වෙලා තිබුනා.. :)


    හිතුවා ඒ ගැන ලියන්න කියන්න...
    11.gif

    මම දන්නෙත් මේ දේවල් අන්තර්ජාලයෙන් හොයා ගත්තට පස්සේ.. :sorry:
    අපි අපෝ මෙලෝ වැඩක් නෑ.. :D

    මොකකක්ද කියන දුරකතනය ගැන දැනගත්තේ... :cool:
    ඔයාලටත් වැදගත් වේවි.. කියවලා බලන්න අදහසක් දක්වන්න ඒක මට වැදගත් වේවී... :)


    දන්නවද කොතරම් දියුණු වු ඇපල් iPhone හා ඇන්ඩ්‍රොයිඩ් දුරකතන තිබුනත් ඇමරිකානු දේශපාලන නිලධාරීන් හා මිලියන 5කට වැඩි ආණ්ඩුවේ නිලධාරීන් භාවිතයට ගන්නේ බ්ලැක්බෙරි දුරකතනයි.:eek:
    ඒ එම දුරකතනයට එරට ආණ්ඩුවෙන් ලැබුන විශේෂ අවසරය මතයි. :shocked:
    එය එරට පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරින් වගේම
    බැරැක් ඔබාමා ජනාධිපතිතුමාත් භාවිත කරන්නේද බැලැක්බෙරි දුරකතනයකි. :shocked:
    Chamikawpblogspotcom13-12.jpg

    එය වි‍ශේෂ ආරක්ෂක විධීවිධාන සහිතව විශේෂයෙන් සකසන ලද්දක් බවද පැවසේ. එය එම නිසාම ඉතා මිල අධික යැයි ද සැලකෙනවා... :)


    මෙවර Time සඟරාවේ 2012 වසරේ මිනිසා ලෙස නම් කරලා තියෙන්නේ ඇමරිකානු වත්මන් ජනපති බැරැක් ඔබාමා මහතා...


    Chamikawpblogspotcom14-12.jpg

    ඒ සඳහා සඟරාවේ නිල ජයාරූප ශිල්පියා ගනු ලැබු ජයාරූපයක ඔහුගේ දුරකතනයත් සඳහන් වෙනවා.. :yes:


    එම දුරකතන වල වෙනස් කම් කරමින් තමන්ට අවශ්‍ය ලෙස සකසා ගන්නටත් පුහුණු කරන ලද බුද්ධි නිලධාරීන් ඇමරිකාවට ඇති බවත් වැඩි වශයෙන් සඳහන් වෙනවා... :D
    එලෙසම ඉතාලි අපරාධ කල්ලි තම ගනුදෙණු සඳහාද බොහෝ විටම යොදා ගනු ලබන්නේ බ්ලැක්බෙරි දුරකතන බව පැවසේ.. :)
    “නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව‍ -

    The History Of the "Nokia Tune" :D



    ඒ වගේම ලංකාවේත් විධායක ශ්‍රේණි නිලධාරීන් අත මේ දුරකතනය බොහෝම වෙලාවට තියෙනවා... :yes:
    ඔයාලා දැකලා ඇති...
    Chamikawpblogspotcom1-67.jpg

    මෙන්න බ්ලැක් බෙරියේ අතීතය මුල ඉදලා... :D


    RIM - නැතිනම් Reserch in Motion ආයතනය නිර්මාණය කරමින් එහි හිමිකරුවන් වු එවකට අවුරුදු 23 වු විදුලි ඉංජිනේරුවකු වීමට ඉගෙන ගෙන එය අත්හැර දැමු Mike Lazaridis හා Douglas Fregin ඇමරිකාවේ ඔන්ටාරියෝ හි වෝර්ටර්ලු හි තම සමාගම ඇරඹුවා..
    ඒ 1984 දීයී... :yes:
    Chamikawpblogspotcom5-52.jpg



    වයර් රහිත දත්ත බෙදා හැරීම ගැන මෘදුකාංග නිපද වීමට උත්සුක වු RIM සමාගම 1990 දි එවැනි මෘදුකාංගයක් ඉදිරිපත් කල අතර එය ක්‍රියාත්මක වුයේ Mobitex වයර් රහිත ක්‍රමයක් සමඟයි.
    එහි තිබු භාවිතයේ අපහසුතාව නිසා එයට තිබු ඉල්ලුමක් නොතිබු තරම් විය. :no:


    ව්‍යාපාරික හා තම පෞද්ගලික කටයුතු සඳහා භාවිත කල හැකි 1996 දී RIM නමින් PDA වර්ගයේ පේජරයක් නිකුත් කරන ලදි. එය ක්‍රියාකරන ලද්දේ AA බැටරි මගිනි. :D
    Chamikawpblogspotcom12-14.jpg



    1999 දි එය තවත් දියුනු කරමින් RIM 950 ඉදිරිපත් කල අතර එහි අන්තර්ජාලයට සම්බන්ධ වී ඊමේල් යැවීම හා ලබා ගැනීමේ හැකියාවත්, (එය “Push “) ක්‍රමය වාගේම කැලැන්ඩරයක්, ලිපින ඇතුලත් කොට තැබිය හැකි වීම ඇතුලු අලුත් දෑ අන්තර්ගත වු අතර RIM 950 සඳහා විවිධ වු පරිගණක, පත්තර සමාගම් හරහා සම්මානයන්ද ලබාගන්නට RIM සමාගමට හැකියාව ලැබුනු අතරම තම ආදායම එම වසරේදී ඩො.මි. 47.5 කරගත හැකි වුනා.. :cool:

    Chamikawpblogspotcom11-18.jpg

    එය ඉන පටියේ පැලඳ යාමට තරම් ප්‍රමාණයෙන් වු එය එකල වෙනත් ඒවාට වඩා බරින් අඩු වු අතර අවුන්ස 4.1 බරකින් හා කුඩා යතුරු පුවරුවකින් යුතුවිය. PocketLink යන නමින්
    එය හැදින්වීමටද පුරුදු වී තිබුනි.:D


    ස්ටීව් ජොබ් ගරාජයෙන් පටන් ගත්ත ඇපල් සමාගම ගැන
    දැනගන්න මෙතනින් යන්න... :rofl:

    1999 තමා මෙන්න මේ අපි කතා කරන BlackBerry නම එන්නේ හැබැයි ඒ දුරකතනයේ නම විදිහට නම් නෙවේ.. :lol:
    මෘදුකාංගයක් විදිහට.. :sorry:
    එනම් black Berry Enterprise Server (BES) විදිහටයි... :D


    එම අවුරුද්දේම 850 ලෙස තවත් පේජරයක් නිකුත් කල අතර එය හා RIM 950 අතර වැඩි වෙනසකට තිබුනේ තිබුනේ නැති තරම් !
    2000 වසරේදී RIM 857 හා RIM 957 නිකුත් කරන ලදි.
    ඉහත සියල්ල BlackBerry නමින් තවමත් හදුන්වන්නේ නැත.
    Chamikawpblogspotcom15-12.jpg

    එම වසරේදීම පළමු BlackBerry නිකුත් කිරීම සිදුකල අතර RIM 957 බොහෝ සමාන වු එය නම් කර තිබුනේ BlackBerry 5790 ලෙසයි. :cool:
    ප්‍රධානම වෙනස් කම් වුයේ 16MB මතකය හා විශාල වු තිරයයි.
    අන්න ඒ විදිහට BlackBerry දුරකතන ලෙස හදුන්වන්නට පටන් ගන්නේ 2000 වසරේ BlackBerry 5790 එක්කයි. :yes:
    Chamikawpblogspotcom16-11.jpg



    RIM සමාගම මේ නම එනම් BlackBerry යන්න තම නිපද වීම හදුන්වන්න යොදාගත්තේ තම දුරකතනයේ ඇති කුඩා යතුරු පුවරුව බොහෝ විටම Berry ගෙඩියේ ඇති බීජ වලට සමාන ලෙස අදහස් කරගෙන බවයි පැවසෙන්නේ... :D
    Chamikawpblogspotcom6-47.jpg

    එය යොදා තිබුනේ Lexicon Branding Inc of Sausalito නැමති කැලිෆෝනියාවේ පිහිටි ආයතනයකි. :yes:


    2002 වර්ෂයේදී BlackBerry දුරකතන වර්ග රාශියක්ම නිකුත් කල අතරම ඒවා අතර අලුත් වැඩසටහන් යුතු වර්ගද වුනා..

    BlackBerry 5810 දුරකතනයේ GSM රේඩියෝවක් ඇතුලත් වු අතර BlackBerry 6710 හා 6720 දුරකතනය ඇතුලත් කල මුල්ම වර්ග දෙක විය. BlackBerry 6510 තුල වෝකී ටෝකී ක්‍රමයක් ඇතුලත් කර තිබුනි. 6750 වර්ගයේ CDMA සඳහා සහය දක්වන ලෙස නිපදවා තිබුනි. :D


    එලෙසම එයටම ආවේනික වු කුඩා බෝලයක් ( Trackball) සහිත යතුරත් කුඩා යතුරු පුවරුවත් ඇතුලත්ව තිබුනි. :D
    Chamikawpblogspotcom10-19.jpg

    2003 දීත් විවිධ දුරකතන වර්ග රාශියක්ම නිකුත් කල අතරම මෙතරම් කල් කලු වර්ණ වු දුරකතනයන් විවිධ වර්ණ‍යන්ගෙන් යුතුව නිකුත් කිරීමද ආරම්භ කරන කරන ලදි. ඒ 7210,7230, 7280 වර්ගයි. :D
    එලෙසම මෙම 7000 අංක දරණ දුරකතනයන් සඳහා රෝමිං පහසුකම් ද ඇතුලත් කර තිබුනි.
    11.gif

    ඇමරිකානු රජයේ නිලධාරීන් සඳහා තම දුරකතන ලබා දීමට හැකියාව ලබා ගැනීම එහි තවත් සන්ධිස්ථානයක් විය.
    10.gif



    RIM සමාගමේ 20 වන සංවත්සරය සමරන 2004 වසරේදී මිලියන ‍2ක් වු තම දුරකතන භාවිතා කරන්නන් හා සමරන්නට ලැබුන අතරම මතකය වැඩි කල හා වර්ණ තිරයෙන් යුතු 7510 හා 7520 දුරකතන දෙකත් ඉතා සිහින් වු 7100 දුරකතනයත් වෙළද පොලට ඉදිරිපත් කරනු ලැබුවා. එලෙසම ඔවුන් තම මෘදුකාංගය භාවිතා කරන්නන්ට ලබා දෙමින් එයට වෙනස්කම් සිදු කරමින් භාවිතා කිරීමේ හැකියාවද 2004 දි ලබාදුන්නා.. :D
    Chamikawpblogspotcom17-7.jpg

    2005 වෙද්දී මිලියන 4 ක භාවිතා කරන්නන් සඳහා GPRS, GSM සහය වාගේම 320X240 ප්‍රමාණයේ LCD තිරයකින් වු 8700 මාදිලිය ඉදිරිපත් කල අතර ආලෝකයට සංවේදී ලෙස හැසිරෙන තිරය නිසා බැටරිය ඉතිරි කර ගැනීමේ හැකියාවත් HTML සඳහා සහය දැක්වීමත් නිසා 2006 වෙද්දී මිලියන 5ක ප්‍රමාණයක් තම සමාගම සතු කරගන්නට හැකියාව ලැබුනා.. :)


    2007 දී වර්ණ 65000 සහිත තිරයක් සමඟ අනෙකුත් ‍දෑ එක්කම නිකුත් කල 8800 කාණ්ඩය එලියට විසිවී ගියේ BlackBerry Curve 8300 කාණ්ඩය සමගිනි.
    එහි මෙගාපික්සල් 2 කැමරාවක්, Bluetooth හා සම්පුර්ණ යතුරු පුවරුවක් සහිත වු එය 2007 ඔක්තෝම්බර් මස නිකුත් කරන ලදි. :)
    Chamikawpblogspotcom2-63.jpg



    2008 දි 420X320 ප්‍රමාණයේ තිරයක් සහිතව BlackBerry Bold නිකුත් කල අතර එහි ස්ටීරියෝ ස්පීකරයක්,Wi-Fi හා HSPDA පහසුකම් ඇතුලත් කොට තිබුනි. එකල මිලියන 14 කට වැඩි පිරිසක් ලොව වටා BlackBerry දුරකතන භාවිතා කර තිබුනි. :yes:


    2009 දී තම ප්‍රථම ස්පර්ශක දුරකතනය ලෙස BlackBerry Storm වෙලඳපොලට ඉදිරිපත් කරන ලදි. :)
    එය එකල හැදින්වුයේ “I Phone Killer” ලෙසයි. එය එතරම් ජනප්‍රිය වු අතරම ලොව වටා ඒ වෙද්දී මිලියන 16 පිරිසක් BlackBerry ව‍ටා එකතුව සිටියේය. :)


    කඩදාසියෙන් පටන් ගත්ත නොකියා වැඩපලේ අතීතය දැනගන්න මෙතනින් පුළුවන්...
    11.gif



    මෙලෙස අවුරුදු පුරාවටම විවිධ වෙනස්කම් සමඟ ආ BlackBerry
    Chamikawpblogspotcom9-28.jpg



    තමන්ගේ අලුත් නිෂ්පාදනය 2013 ජනවාරී 13 වැනිදා BlackBerry 10 ලෙස නිකුත් කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Thorsten Heins වන 2012 නොවැම්බර් 12 වැනිදා එම සමාගමේදී පැවති උත්සවයේදී ප්‍රකාශ කලා.. :eek:


    ඒත් පසුගිය සති කිහිපයේ අන්තර්ජාලයේ BlackBerry 10 හැඩරුව දැක්වෙන ජායාරූපයක් කවුරුන් හෝ පල කර තිබුනා... :shocked:
    එය BlackBerry සඳහාම ආවේනික වු යතුරු පුවරුවත් එහි දක්නට තිබුනා..
    තවත් අලුත්ම වර්ගයේ ස්පර්ෂක බ්ලැක්බෙරියක පින්තූරත් එකතු කරලා..
    Chamikawpblogspotcom8-32.jpg

    එම නිසා එය කෙසේ එකක් වේ දැයි දැන් බොහෝ දෙනා බලා ඉන්නවා.. :eek:
    Chamikawpblogspotcom7-44.jpg



    දන්නවද වැඩේ මෙහේම ගියාට 2012 වර්ෂයේ ජුනි වන විට
    මිලියන 78 ක පිරිසක් BlackBerry භාවිතා කරමින් ඉන්නවා... :D
    ඇමරිකාවේ බොහෝ දෙනා BlackBerry ය හදුන්වන්නේ
    “ Crack Berry” කියලා!
    එන්න මෙතනින් සමාගමේ නිල අඩවියට දුරකතන සසදන්න..
    11.gif


    ඒකත් පුදුමයි නේද?? ;)
    අපිට නම් මේක දැක්කත් අප්සට්...
    :lol::lol:

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]
     
    Last edited:

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    tanx machan share kalata...

    blackberry company 1e me hema 4n 1k wenuwenma hadapu vertual 4n 1k tiyenawa
    hadisiyewat 4n 1 nati unot kalin 4n 1e data okkoma alut 4n 1ta ayet ganna puluwan kisima aduwak natuwa..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    උන් ොර ටෙන්ඩර් එකක් පාස්කරලලු බන් ආණ්ඩුේ අයට බලැක්බෙරිදෙන්න. ොමිස් එකට රැවටිලා ඇපල් වෙනුවට බැලැක්බෙරි යුස් කරන්නවෙලා ඉතිං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි චාමික අයියා.. හැමදාමත් වගේ වටින ලිපියක්.. ඔයා ත්‍රේඩ් එකක් දැම්මොත් ඉතිං සුප්පා තමා.. :D:yes:
     
    • Like
    Reactions: chamikawp

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,061
    694
    113
    Mage wife use karanne oka,Eya business karanne,Anit phone hariyanne me ne lu. matanam HTC hari samsung hari,Eyata blackberrey and apple.Samahara welawata wali.