<H1>ආණ්ඩුවෙ ඉහළම නායකයො</H1>

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    <H1>ආණ්ඩුවෙ ඉහළම නායකයො</H1>

    ආණ්ඩුවෙ ඉහළම නායකයො හා මහින්ද කල්ලිය අතර ඩීල් නත්තං මෙහෙම වෙන්නෙ කොහොමද...?

    වැලිකඩ සමූහ ඝාතනයට අවුරුදු පහයි – යහපාලනයේ පිහිටෙන් ගෝඨා තවමත් එළියේ.

    වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනයට වසර පහක් පිරෙද්දී පවා ඊට වගකිවයුතු කිසිවකු අත්අඩංගුවට නොගැනීම යුක්තිය හා සාධාරණත්වය යන කරුණුවල දී බරපතළ තත්ත්වයක් බව සිවිල් සංවිධාන සහ සමාජ කි‍්‍රයාකාරීහු අවධාරණය කරති.

    2012 නොවැම්බර් 09 සහ 10 යන දින දෙකේ දී සිදු වූ මේ ඝාතනය සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට ය. මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විශේෂ කමිටුවේ සාක්ෂි මඟින්ද අනාවරණය වී ඇත්තේ මීට ගෝඨාභය රාජපක්ෂගේ ඍජු මැදිහත්මක් තිබූ බවයි.

    මේ සම්බන්ධයෙන් එම කමිටුවේ සාමාජිකයකු වූ නීතීඥ එස්.කේ.ලියනගේ විසින්ද මේ කරුණු තහවුරු කර තිබිණි. ඔහු පවසා තිබුණේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, පොලිස්පති ඇතුළු අනෙකුත් නිලධාරීන්ට ඉහළින් මීට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල දී ද වැදගත් සාක්ෂි රැසක් ලැබී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව පසුගිය කාලය පුරා අදාළ ඝාතනයට හමුදාවට අණ දුන් බි‍්‍රගේඩියර්වරයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ ගත්තද, අදෘශ්‍යමාන හස්තයක බලපෑමෙන් එය ප‍්‍රමාද වෙමින් තිබේ. මේ සිද්ධියට අදාළව මෙතෙක් විධිමත් අධිකරණ ක‍්‍රියාවලියක් හෝ ආරම්භ කර නැති තත්ත්වයක් තුළ ලංකාවේ යුක්කිය පසිදලීමේ ක‍්‍රියාදාමය බරපතළ ගැටලූවකට මුහුණ දී ඇති බව අදාළ සිවිල් සංවිධාන සහ සමාජ ක‍්‍රියාකාරීන් මතු කරන තර්කයයි.