හැකින් කියන වචනය වර්තමානයේ තරුණ පරපුර අතර සුලභව භාවිතා වන වදනකි.නමුත් ඉන් අදහස් වන ක්‍රියාවලිය හරි ආකාරව ක්‍රියාවට නැංවීම නම් සාමාන්‍යය පුද්ගලයෙකුට කල හැකි දෙයක් නොවේ.තොරතුරු තාක්ෂණය සහ පරිගණ විද්‍යාවේදී යෙදෙන හැකින් නම් ක්‍රියාවලිය සිදුකරන්නට නම් යම් පුද්ගලයෙක් සතුව පරිගණ උපාංග ජාලකරණය,ක්‍රමලේඛනය ආදි සම්බන්ධව ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුය.එම ක්ෂේත්‍රවල හැකියාවන් සහිත පිරිස් නිර්මාණය කරන පරිගණක වැඩසටහන් යොදාගෙන වෙනත් පුද්ගලයන්ගේ පරිගණක ,පරිගණක ජාල ආදියට පිවිසෙන පිරිසක්ද සිටියි.ඔවුන් බොහෝවිට පරිගණක ජාලකරණය,ක්‍රමලේඛනය ආදිය සම්බන්ධ දැනුමක් නැති හෝ ක්‍රමලේඛ භාෂා ගැන යම් දැනුමක් සහිත නමුත් තමන්ගේම වැඩසටහන් නිර්මාණය කරගැනීමට නොහැකි පිරිස් වේ.
බාහිර පුද්ගලයන්ගේ පරිගණක උපාංග,ජාල,දත්ත ගබඩා,වෙබ් අඩවි ආදියට පිවිසෙන පිරිස් හැකර්වරුන් නමින් හඳුන්වයි.ඔවුන් එම ක්‍රියාවන් සිදුකරන්නේ අවසරයක් සහිතද නැද්ද යන්න මත හැකර්වරුන් කණ්ඩායම් දෙකකට බෙදේ.අවසරයක් රහිතව අන් අයගේ පරිගණක,ජාල,වෙබ් අඩවි වෙත ඇතුලු වීම,දත්ත සොරාගැනීම,අඩපණ කිරීම,දත්ත විකෘති කිරීම,කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම ආදිය කරන පිරිස බ්ලැක් හැට් හැකර්වරුන් නමින් හඳුන්වයි.අවසරයක් සහිතව පරිගණක,ජාල,වෙබ් අඩවි ආදියට පිවිස ඒවාහි දෝෂ හඳුනාගෙන වාර්තා කරන,නිවැරදි කරන පිරිස වයිට් හැට් හැකර්වරුන් නමින් හඳුන්වයි.මේ දෙපිරිසගේම ලක්ෂණ සහිත කොට්ඨාශය ග්‍රේ හැට් හැකර්වරුන් නමින් හඳුන්වයි.
හැකින් කිව්වාම අපේ අයියලාට නම් ෆේස්බුක් හැකින්වලට වඩා දෙයක් නෑනේ.අනුන්ගේ කුණු අවුස්සන්න අන්තර්ජාලයේ තියෙන මෘදුකාංග තමන්ගේ පරිගණකවල ස්ථාපනය කරගත්ත සමහරුන්ට ඒවායේ ඵලවිපාකත් ලැබිලා ඇතිනේ.අදටත් Facebook Hacking යනුවෙන් ගූගල් සෙවුමක් කල විට ලැබෙන ප්‍රතිඵල සටහනේ ෆේස්බුක් ගිණුම් හැක්කර දෙනවා යැයි පවසන වෙබ් අඩවි 100%ක්ම ව්‍යාජ ඒවාය.එවැනි කාර්යයක් නොමිලේ කර දෙන්නේ යැයි කියන වෙබ් සේවා හෝ මෘදුකාංග 100%ක් බොරු ඒවාය.
ෆේස්බුක් යනු බොහෝදෙනා සිතනවා මෙන් ආරක්ෂාව අතින් පහත් වෙබ් සේවයක් නොවේ.නමුත් එහිද විවිධාකාර දෝෂ තිබේ.ඒවා හඳුනාගැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට කල නොහැකිය.ඒ සඳහා ක්‍රමලේඛ භාෂා සම්බන්ධව මනා දැනුමක් තිබිය යුතුය.
හැකින් සම්බන්ධව හොලිවුඩ් චිත්‍රපටකරුවාගේද උනන්දුවක් තිබෙන බව පසුගිය සමයේදී නිර්මාණය කල චිත්‍රපට තුලින් පැහැදිලිවේ.නමුත් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට ඔවුන් ඒවාහි යොදාගෙන තිබෙන දෑ හැකින්වල සැබෑ ස්වරූපය වසන් කර තිබේ.මුල්ම දේ හැකින් යනු මවුසය ක්ලික් කිරීමක් හෝ බටනයක් තද කිරීමක් නොවන බවයි.හොලිවුඩ් චිත්‍රපටවල පෙන්වන හැකින් යනු අතිශය අතාත්වික නිරූපණයකි.සැබෑ ලෝකයේදී වෙනත් අයෙක්ගේ පරිගණකයකට හෝ පද්ධතියකට පිවිසීමට දක්ෂතාවය මෙන්ම ඉවසීමද අවශ්‍ය වේ.තොරතුරු රැස්කිරීම,පද්ධතියේ දෝෂ සෙවීම සහ ඉලක්ක කරන පුද්ගලයා උපායට හසුකර ගැනීම ආදියට දිනයක්, සතියක්,මාසයක්,අවුරුද්දක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ගතවීමට ඉඩ තිබේ.එය තීරණය වන්නේ යොදාගන්නා උපාය උපක්‍රම සහ ඉලක්ක කරන පද්ධතියේ ආරක්ෂාවේ ස්වභාවය මතයි.හොලිවුඩ් හැකින් චිත්‍රපට යනු තාත්ත්විකබවට වඩා විනෝදාස්වාදය මුල් කරගත් දෙයකි.නමුත් කලාතුරකින් තාත්ත්වික නිර්මාණ බිහිනොවෙනවාද නොවේ.Algorithm (2014),Blackhat (2015) සහ Mr. Robot (ටෙලි නාට්‍යයකි )එවැනි තාත්ත්වික නිර්මාණ කිහිපයකි.
මා මෙතෙක් නරඹා තිබෙන සම්බන්ධ චිත්‍රපට කිහිපයක් පහත දක්වා තිබේ.
Movies and Dramas
Live Free or Die Hard - 2007
හැකින් සම්බන්ධව උනන්දුව ඇතිකරන්නට හේතුවූ හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකිය.ෆයර් සේල් හෙවත් පියවර තුනකින් රටක පරිගණක පද්ධති යටතේ පාලනය වන ක්‍රියාවලි අඩපණ කර සාමාන්‍ය ජීවිතය අවුල් කිරීම සම්බන්ධව පළමුවරට ලෝකයේ අවදානය යොමුකරවන්නේ මෙම චිත්‍රපටයෙන් බවයි මගේ අදහස.
Who Am I - Kein System ist sicher (2014)
හැකර්වරුන්ගේ කණ්ඩායමකට එකතුවන තරුණයෙක් ඔවුන් සිදුකල සයිබර් අපරාධවලින් පළායෑමට තම Social engineering හැකියාව යොදාගන්නා අයුරු මින් නිරූපණය කෙරේ.
The Fifth Estate (2013)
විකිලීක්ස් හෙවත් විවිධ රටවල ආණ්ඩුවල රහස් හෙළිකරන වෙබ් අඩවියේ නිර්මාතෘ වන ජූලියන් ඇසාන්ජ්ගේ චරිතාපදානය රැගත් මෙම චිත්‍රපටය තවත් අපූරු නිර්මාණයකි.
Untraceable (2008)
මෙය හැක්කිරීමට වඩා අනුක්‍රමික මිනීමරුවෙක් සොයා යෑමට FBI ආයතනයේ නිලධාරිනියක් ගන්නා උත්සාහය ගැන කියවෙන චිත්‍රපටයකි.මෙහි ඇති විශේෂත්වය මිනීමරුවා පරිගණ විද්‍යාව ආශ්‍රිත දක්ෂයෙක් වීම සහ සියළුම ඝාතන සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශනය කිරීමත්ය.
Algorithm (2014)
මෙතෙක් කාලයකට මා දුටු Hacking සම්බන්ධව නිර්මාණය වූ අති තාත්ත්වික සිනමා නිර්මාණය වන්නේ මෙයයි.හැකර්කරුවෙක් විසින් සොයාගන්නා රජයේ රහසිගත පරිගණක පද්ධතිය නිසා ඔහු ඇතුලු පිරිසට රජයේ රහස් නියෝජිතයගේ තාඩන පීඩනවලට ලක්වන අයුරු මින් නිරූපණය කෙරේ.
Mr. Robot (2015 -)
මෙතෙක් නිර්මාණය වූ Hacking සම්බන්ධ හොඳම ටෙලි නාට්‍යය වූ ගැන යමක් සඳහන් නොකර මෙම ලිපිය අවසන් කිරීම එහි නිර්මාපකයන්ට කරන අගෞරවයක් යැයි සිතේ.බ්ලැක් හැට් හැකර්වරයෙක්ගේ සැබෑ ස්වරූපය සහ යන්න නියමාකාරයෙන් ලෝකය ඉදිරියට ගෙන ගිය මෙම නිර්මාණයේ අවසානය සම්බන්ධව සමහරුන් දැඩි ලෙස විවේචනය කල බවක් පසුගිය සමයේ මෙම ෆෝරමය තුලත් දක්නට ලැබිණි.විවේචකයන්ගේ රසවින්දනය අවසන් මොහොතේ බිඳී ගියද ඒ ඔස්සේ ආධුනිකයෙකුට ඉගෙනීමට යමක් තිබෙන බවයි මගේ හැඟීම.
Video Games
හැකින් සම්බන්ධව නිර්මාණය කල පරිගණක ක්‍රීඩා තිබෙන බව සමහරවිට ඔබ අසා නොමැති වන්නට පුලුවනි.මම නම් පරිගණක ක්‍රීඩා සම්බන්ධ එතරම් අවදානයක් නැති අයෙක්.මේ කියන්න යන කිසිම එකක් මම සෙල්ලම් කරලා නෑ කියලා මුලින්ම කියන්න ඕනේ.
Uplink
මෙය 2001 වසරේ තරම් ඈත කාලයේ නිකුත් කල ක්‍රීඩාවක්.2D ගේම් සෙල්ලම් කරන්න නම් බොහෝදෙනෙක් කැමති වෙන එකක් නෑ.ඇත්තටම හැකර් කෙනෙක් වෙන්න නොහැකි අයට මේ ගේම් එක ඔස්සේ බ්ලැක් හැට් හැකර්කරුවෙක් ගැන චිත්‍රයක් මවා ගන්නට හැකිවේවි.මෙහිදී ඔබට කරන්නට තිබෙන්නේ ඔබ සේවය කරන ආයතනයේ තරඟකාර සමාගම්වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම,ඔවුන්ගේ කටයුතු කඩාකප්පල් කිරීම,මුදල් සොරාගැනීම(Banks hacking
),සාක්ෂි මකා දැමීම ආදියයි.Watch Dogs
මෙය action-adventure වර්ගයේ පරිගණක ක්‍රීඩාවක් වන අතර වෙනත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන,පරිගණකවලට අනවසරයෙන් ඇතුලුවීමේ හැකියාව තිබේ.නමුත් මෙය Hacking තාත්ත්වික ලෙස නිරූපණය නොකරයි.
Hacknet
ඔබව සැබෑ හැකර්කරුවෙක් බවට පත් කරන ක්‍රීඩාවක් ලෙස හැඳින්විය හැකිය.UNIX commands මත වැඩි වැඩ කොටසක් කිරීමට සිදුවන ,HackThisSite වෙබ් අඩවියට සමාන ක්‍රියාදාමයක් මේ තුල ක්‍රියාත්මක වේ.මෙය ඕන්ලයින් සෙල්ලම් කල හැකි ක්‍රීඩාවකි.
මේ අවුරුද්දේ ජුලි/ජූනි කාලයේදී Mr. Robot season 2 විකාශනය වෙනවා කියලා ආරංචියක් තියෙනවා.අලුත් චරිත කිහිපයකුත් නාට්‍ය මාලාවට එක් කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.Evil Corp ආයතනයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසීම ගැන පරීක්ෂණ පැවැත්වීමට FBI ආයතනය එක්වන අතර පරීක්ෂණ කටයුතු පැවරෙන්නේ තරුණ ඒජන්තවරියකටය.ඒ චරිතය සඳහා Grace Gummer තෝරාගෙන තිබේ.
-HarshaLulzSec-

