Happy Birthday Kandyan..!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද අපේ එළකිරි සමාජයේ පුරෝගාමී සාමාජිකයෙක් වන kandyan මහතාගේ හතලිස් පස් වෙනි උපන්දිනය

    stock-photo-23385072-cake-for-45th-birthday.jpg
    graphics-happy-birthday-563060.gif




    එළකිරි radioවට මේ තරන් ඇති විශාල සේවයක් කරන ඔහුගේ ජන්ම දිනය නොසලකා හරින්න තරම් අපිට කුහක වෙන්න පුලුවන්ද ???
    කොහෙත්ම බෑ .....

    ඉතින් අපි කල්පනා කරා මේ වටිනා සම්පත පිළිබඳව කෙටි thread එකක් ඉදිරිපත් කරන්න .......
    මේකට මගේ පුද්ගලික අදහස් දක්වනාවට වඩා අනික් සාමාජිකයින් kandyan පිළිබඳව දක්වන අදහස් වල එකත්වක් ඉදිරිපත් කරන එක වටිනවා කියල හිතුවා

    මුලින්ම අදහස් දැක්වීමක් කරේ kandyan ගෙ අතිජාත මිත්‍රයෙක්
    avatar71029_19.gif

    එක යායට කකා වැටි......
    එකා වගේ එකට හිටිය.......
    එක පවුලේ උපන් ලෙසේ.........
    කල ආරක්ෂා .......
    නාස් ලණුව දමනවාලු.......
    අපිට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා.......
    සුබ උපන්දිනයක් වේවා kandyan මචන් ..... !!!!
    CQqNMWQ.jpg





    හනි බනි set එකෙන් ඉදිරිපත් වුනේ


    avatar415371_8.gif


    අහ් කැන්ඩියන්??????

    අයියා මිනිහා හෙන මනමාලයා
    කෙල්ලන්ට බොක්ක උනත් පුදනවා.
    කැඩිච්ච computerහදන්න අරන් බෑ කීයලා ඒවා තියා ගන්නවා
    තමන්ගේ හොරවැඩ එලි වෙයි කියලා මිනිහා නමවත් කියන්නේ නෑ අපිට.
    යනවා කියලා රට වටේ යාලුවෝ එක්ක රවුම් ගහලා අපිට බොරු මවලා කියනවා මෙයා රේඩියෝ එකේ.මනමාලයා උනත් මෙයා එල කොල්ලෙක් ඉතින් සුභ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා මමත්.
    birthday-grandpa.gif









    මේ අපේ

    avatar329734_26.gif



    කැන්ඩියන් කියන්නෙ නේද? මේක කාටවත් කියන්න එපා. ප්‍රසිද්ධ කරන්නත් එපා. හිතේ ගැඹුරෙ එයා ගැන තියෙන අදහස් මම කියන්නං. පිටට පෙන්නන දේත් කියන්නං.

    මම එළකිරිය ඉස්සරහදි එයාට සළකන්නෙ හරිම අවිහිංසක, ළාමක, නිවුනු ගති පැවතුම් ඇති, පිවිතුරු අමද්‍යප අයියා කෙනෙක් විදියට.:P එයා මලක් වගේ කියල තමයි සේරම දන්නෙ. එහෙන් මෙහෙන් මඩක් ගහනව පොඩ්ඩක් ඉතින්, ඒ ආදරේට. :baffled:
    මිනිහ ළඟ පාතක හිටියනං අපිට එයා කෙල්ලො යාලු කරගන්න දෙන්නෙත් නැති එකේ, කැන්ඩියන් අයියව කසාද බඳිනවා හොරෙන් හරි. මේ ජාතියෙ නීතියට හොරෙන් ආදලේ කලනවා.:baffled::baffled::P


    Happy4.gif

    එයා හරිම දස්සයි. ඕන වැඩකට.:cool::baffled:
    මේ දවස් වල නං එයා වටේ ගිය ඒව ගැන වැඩසටහනක් කරනව නේද සැරිසර කියල. :rolleyes: ඒක නං හලි සෝක්.



    දැන් ඇත්තම කිව්වොත් හිත් පතුලෙන්ම එන දේ මෙහෙමයි.
    ඕක වගේ කුප්ප, කුජීත වනචර, හැම තිස්සෙම යක්සාවේස වෙලා ඉන්න අමු පට්ට කනමදයෙක් වගේ බොන මොලේ කලඳක් නැති බේබද්දෙක් තමයි ඔය කැන්ඩියන් කියන්නෙ.
    අහිංසක පොඩි කොල්ලො රවට්ටනවා.
    සමනල්ලු පියාඹනවා, අපි බලන් ඉන්නවා.:P:dull: ලංකාවෙ ඕව තහනම්. හැබැයි මේකා කරන්නෙම ඉල් ලීගල් වැඩනෙ.:baffled::rolleyes: කෙල්ලන්ට පැණි හලන එක ගැන කිව්වොත් ඉතින් ආයේ කතා කරල වැඩක් නෑ:angry:. අපි ගහකට නැග්ගොත් මේකා ගහ උඩ ඉඳන් බහිනවා.:angry:


    Angry1.gif

    පැණි කාපර් කෙනෙක්. කෙල්ලෙක් පේන්න බෑ. පස්සෙන්මයි යන්නෙ. අපිට එකක් හොයාගන්න බැරුව ඉන්න වෙලාවේ මූට 20ක් විතර ඉන්නවා. අනේ අර අහිංසක අක්ක පව්.:baffled:
    මූ ඉපදෙද්දී ළඟ ඉඳපු නර්ස්ලටත් පැණිය දාන්න ඇති නැති වෙන්න. :frown:
    ඉස්කෝලෙ හිටපු ටීචර්ලට පැණි හලපු මූ ගැන කුමන කතාද?
    මූ 250CC වලින් එහා බයික් ගන්නෙ පැණි හලලා වනචර වැඩ කරපු කෙල්ලො දැක්කම තියල විදින්න. නැත්තන් උන්ගෙන්, උන්ගෙ කොල්ලගෙන්, පවුල් වලින් දෙසනවා මූට අඬු ගැලවෙන්න.:rofl::rofl:
    Laughing04.gif

    අනේ මගෙ DVD4 අපරාදෙ දෙවෙනි පාරට අද ගෙනාව.:frown: මුගෙ ගේ හොයාගන්න ඕනෙ අපි තනියම ගිහින් දෙන්න ඕනෙ බඩු. හිතන් ඉන්නෙ අපි මැජික් කාරයො කියල වෙන්න ඇති.

    ඔන්න බලහල්ල හෙන පොරක් වගේ ස්ටයිල් එකට බහින කැන්ඩියන් අයියගෙ කැරැට්ටුව. විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා හරහට අට පාරක්.

    අනේ මේ මේව ඔය යකාගේ අතට අහු වෙන්න තියන්න එපා. ශේප් කරගන්න ගියාම ආයේ ලොවෙත් පන යයි මගෙ.:baffled:

    ඒක නෙමේ 11 උපන්දිනේ නේද මිනිහගෙ.
    කෙල්ලන්ට නං සතුටු ඇති මෑන් ඉපදුනාට. අපෝ අහිංසක අපේ පැණි හැලියට පයින් ගහන්න මූ ආවනේ මේ ලෝකෙට නුවර ඉඳන්.
    අවුලක් නෑ පස්සෙ බලාගමු මිනිහ එක්ක.:rofl:

    දැන් ගිහින් හදවතින්ම සුභ උපන්දිනයක් වේවා කියල පතන්න ඕනෙ මිනිහට අපි එල කොල්ලො වගේ පේන්න.:P
    සුභ පතන්නෙ කොහොමද කියලද අහන්නෙ.
    මෙන්න මෙහෙමයි කවියක් ලියන්න එපැයි මේ දවස් වල ට්‍රෙන්ඩ් එකට. එතකොට මිනිහට හෙන ආතල් එකක් යයි.:rolleyes:



    එළකිරියේ කැන්ඩි අයිය හොඳ මිනිහා
    කූල් වතුර නිමල කරල බොන මිනිහා
    ඒව දකින මම වෙන්නද හොඳ මිනිහා
    කැන්ඩි අයිය වගේම වෙමි හොඳ මිනිහා

    Tongue04.gif

    kandy1.png




    ඒහා වටිනා අදහසක්
    avatar35153_43.gif
    ගෙනුත් අදහසක් ඉදිරිපත් වුණා

    මේ වගේ අවස්ථාවක දී....
    කැන්ඩියන් ගේ උපන් දිනයේදී.....
    මම ඌට ඉස්තුති නොකරොත් හරි වැරදී......
    ඇත්තටම රේඩියෝ ටීම් එකම මට බැන වදී........
    අපිට කරදරයක් ආව විටකදී......
    ගියත් තම හිස සිදී.......
    ඕකා කිව්වා යන්නේ නෑ කියලා අපෙන් මිදී.........
    මේ වගේ වචන අපේ හිත් වලට හරියට වදී......

    මේ ලගකදී........
    කැන්ඩියන්ගේ අම්මා ගිටාර් එකෙන් අම්බානෙක බැටදී.....
    මහ රෑ සිංදු කියන්න එපා කියදිදී........
    එළකිරි කොල්ලො කෙල්ලො වෙනුවෙන් සිංදු කීවා.......
    බෙරිහන් දිදී.......
    මේ වෙලාවෙදී........
    එළකිරි රේඩියෝවේ සැරිසර වැඩසටහන වෙනුවෙන් රවුම් ගසද්දී.......
    සුභ පතන්න මම අද කෝල් එකක් දෙද්දී........
    කැන්ඩියන් කීවේ මචං බස් එක මිස් උනා මට ගෙදර යන්න වෙන්නේ නෑ ඒක නිසා මම බස් හොල්ට් එකේ නිදි...
    මේවා අහද්දී මගේ හිතට හරි මදී........
    එළකිරි රේඩියෝව වෙනුවෙන් කට්ට කන කන මේ නාකියාට සුභ පැතුම් දිදී..........
    අපි වගේ කොල්ලො සෙට් එකම එහෙනම් බොමු යුෂ මිදි..........
    sad-crying-smiley-face.gif
    T5Z52Yr.jpg
    sad-crying-smiley-face.gif








    ඒ වගේම නම කියන්න එපා කිය
    පු කෙනෙක්ගෙනුත් අදහසක් ඉදිරිපත් වුණා....
    (කාන්තා පාර්ශ්වයේ නිසා ඒ පිළිබඳව බිය වීම පුදුමයට කරුණකුත් නෙමෙයි තමයි)
    මේ kandyan විසින්ම ඇයට කියපු ඇසුරෙන් ඉදිරිපත් වුණදෙයක්



    මුලින්ම සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම .....

    මම නං ගොඩක්ම kandyan කියන කෙනාව දකින්නේ එලකිරි පවුලට ඉන්න වටිනාම සංගීතයට ආදරේ කරන , දක්ෂ කෙනෙක් විදිහටයි .... මොකද අපි කවුරුත් දන්නා තරමින් මේ සොදුරු මිනිසාගේ ජීවිතයම ගෙවෙන්නේ ගීතයෙන් .... මුළු ජීවිත කතාවම කියන්න ගියොත් නං අවුරදු බර ගානක ගීතමය පසුබිම කියන්න වෙනවනේ .... ඒ නිසා අපි ගොඩක් දෙනෙක්ගේ මේ ගෙවන , තරුණ කාලය kandyan ගෙ ගෙවුනු කොහොමද කියල කියන්නන් ...... මේකත් මට කිව්වේ kandyan ම තමයි .... මම හිතන්නේ ඒ වෙත්දී මම තුන වසරේ වගේ හිටියේ .....


    ඉතින් මේ කාලේ මෙයා ටිකක් මනමාලයිලු...... (ටිකක් කිව්වට ඉතින් ටිකක්ම නෙමෙයිලු )
    මේ කාලේ මෙයාගේ හිත වැටුණු ලස්සන සුදු කෙල්ලෙක් හිටියලු..... kandyan ඉතින් කොයි වෙලෙත් එයාගේ පස්සෙන්මලු ... (දන් නැත්ද ඉතින් .... තරුණ කාලේ ගැලපීම් නොගැලපීම් තේරෙන් නෑ නෙ)
    ඉතින් මේ කෙල්ලගේ පස්සෙන්ම යනවලු මෙහෙම කිය කිය

    "කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ .....
    ආදරේ දෙනවද කෙල්ලේ .... ??? "


    මුලදී මුලදී නං කෙල්ල මෙහෙම කිවුලු

    "මනමාලයි ඔයා කොයි ලෝකෙද උපන්නේ ???
    සිතල කතාවයි .... කෝමල හිනාවයි ....
    මට ලැජ්ජයි .... "


    ඒත් ඉතින් kandyan අතාරින්නෙම නෑ ලු වැඩේ ... ඒ පාර කියන්න ගත්තලු

    "you are my one & only one
    & your my ever loving one "


    කෙල්ලටත් දැන් මේක මල ඇනයක් වුණාලු.... ඒ පාර මුනටම කියල දැම්මලු ...

    "ඇන්නෑවෙ මේ මල කෝලන්
    පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් ....... "




    ඒත් ඉතින් පව් අනේ අපේ අසරණ kandyan වැඩේ ඇත අරින්නෙම නෑ ලු ...
    බැරි වුනත් ඒ පාර මෙහෙමත් කියල බලනවා කියල හිතල කෙල්ලව හොයන් ගියාලු...
    ගිහින් කිව්වලු

    "පොල් කඩලා ගාලා දෙන්නන් ...
    රෙදි සෝදා වේලා දෙන්නන් ...
    මොකද ආදරේද අනේ ... "

    LLH1hC4.jpg
    man-washing-his-cloth-ganges-river-varanasi-india-600x400.jpg


    මෙච්චරත් පස්සෙන් යත්දී අනේ මොන හිතකින්ද බෑ කියන්නේ ????
    ඉතින් ඔන්න අවස්ථාවක් දීල බැලුවාලු ....
    කොහෙද???? හරි යන් නෑ .....කෙල්ලට ඌරු ජුවල්ලු


    "අනේ පාරේ යන්න බෑ...
    මට තමුසේ එක්කලා ....
    හොරෙන් හොරෙන් ගෑනු දිහා බැල්ම දානවා
    චි ලැජ්ජා හිතෙනවා .... "
    guy-staring-main.jpg


    මේක නං ටිකක් හිතට වැදුනලු .... ඔන්න ඊට පස්සෙලු දැන් ටිකක් විතර පැණි ම්ට්ටියේ බර අඩු වෙලාලු....

    දැන් අලුත් business එකකුත් පටන් අරන්ලු....... ඒ මොකක්ද කියලා නං ප්‍රසිද්දියේ කියන්න අමාරුයි ....
    කොහොම හරි දැන් කටේතියෙන්නෙම

    "රා රා රා බොම්බියේ...
    මුවා වෙයන් නංගියේ.....
    ජපන් මැන්ඩලින් නද කර ....
    අවූරුදු එයි හන්දියේ ..... "
    2865034046_a3caffd9b3_z.jpg


    මොනවා කරන්නද ඉතින්

    මේවට තමයිලු කියන්නේ
    "නාකි දනගානවා කියල ...."

    කමක් නෑ ඉතින් මොනවා උනත් හිත හොද මනුස්සයනෙ
    කිසිම කෙනෙක්ට නරකක් කරන් නෑ ....
    දැන් නං ඉතින් මිනිස්සුන්ට කරපු හොද වැඩ මතක් කර කර සැදෑ සාමය ගෙවනව
    කියල තමයි ආරංචිය
    ;););)

    මොනවා වුනත් kandyan කියන්නේ අපේ එළකිරි පවුලට ඉන්න වටිනාම සම්පතක් ..... ඔබට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා එළකිරි පවුලේ හැමෝම.....

    birthday-9.jpg
     
    • Like
    Reactions: Randike Mendis

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    54.gif
    54.gif
    54.gif


    කැන්ඩියන් වරෙන් මචන් ඔන්න මම රා බෝතලයකුත් ගේනවා.... ගසමු ඇගිලි දෙකෙන් ගෙදර යන්න

    කැන්ඩියන් ස්වල්ප මොහතකින් ජාතිය අමතනු ලැබේ


    54.gif
    54.gif
    54.gif
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි රේඩියෝව වෙනුවෙන් කට්ට කන කන මේ නාකියාට සුභ පැතුම් දිදී..........
    අපි වගේ කොල්ලො සෙට් එකම එහෙනම් බොමු යුෂ මිදි..........
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙන්පිටින්ම අරූගේ චරිතය ඝාතනය කරලා , එල එල, සුභ උපන්දිනයක් කැන්ඩියන් අයියා .
     
    • Like
    Reactions: kandyan