"Happy Birthday to You" Chamikawp

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle


    උපන් දිනය බොහෝම දෙනා දන්න සමරන දෙයක්.... ඒක සාමාන්‍යයි.. ඒ එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත් සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම...



    Capture%2001_zps6jbwysuw.jpg



    කියන්න යන්නේ [FONT=&quot]"Happy Birthday [FONT=&quot]to You "[/FONT] ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත් දන්නවා අනිවාර්යයෙන්ම..[/FONT]



    මේ උත්සහය අපි හැමෝම කියන මෙන්න මේ ගීතයේ අතීතය ගැන හොයන්න..



    වෙනදා වගේම තොරතුරු හා පින්තූර අන්තර්ජාලයෙන්ම තමා... කියවලා බලන්නකෝ....



    කෙන්ටර්කි ප්‍රාන්තයේ ලුවිස්විල් හි ගුරුවරියන් ලෙස කටුයතු කල මිලිඩර්ඩ් ජේ හිල් හා පැටි හිල් යන සහෝදරියන් දෙදෙනා 1893 දී "Good morning to you, Good morning to you, Good morning, dear children, Good morning to all" ලෙස පද රචනය හා සංගීතය යොදමින් තත්පර 12 ක් වන ගීතය තම ශීෂ්‍යයින්ට උදෑසන ගායනය සදහා රචනය කල අතර මෙය ප්‍රාථමික පාසල් වල එකල බොහෝ ජනප්‍රියත්වයට පත්විය.


    Capture02_zpssgzic4f5.jpg




    1911 දී කාලයත් සමග එය [FONT=&quot]"Happy Birthday [FONT=&quot]to You[/FONT] ලෙස වෙනස් වෙමින් ගායනය කරන්නට වු අතර ප්‍ර‍ථම වරට 1924 දී ලිඛිත ප්‍ර‍කාශණයකට පත්විය.ඉතා ඉක්මනින් ගුවන් විදුලියේ ප්‍ර‍චාරයෙන් ඉමහත් ජනප්‍රියට පත්විය. එය කෙසේ පරිවර්තනය වුවාදැයි නොදන්නා අතර 1934 දී තුන්වන හිල් සහෝදරිය මෙම ගීතය සදහා හිමිකම තමන් සතු කර ගත් අතර ගීතය චිත්‍ර‍පට, නාට්‍යයන් හි ගායනය වෙනුවෙන් මුදල් අය කිරීමට කටයුතු කරන ලදී.[/FONT]



    1988 දී Warner/Chappel සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වියදම් කරමින් හිමිකාරිත්වය ලබා ගත් අතර ඉන් පසුව වසරකට ඩොලර් මිලියන 05 කට අධික මුදලක් සෑම වසරකම උපයාගෙන ඇත්තේ එය ප්‍ර‍චාරණයට අයකර ගැනීමෙනි.


    Capture03_zpsx4gecthk.jpg




    එහෙත් පසුගියදා වසර හතරක් තිස්සේ පැවත අවසන් වු නඩු විභාගයකින් ඇමරිකානු දිස්ත්‍රික් උසාවියකින් එහි අයිතිය Warner/Chappel සමාගමට නොමැති බවත් එහි පියානෝ වාදනය පමණක් එම සමාගමට අයත් බවත් ගීතයේ අයිතිය නැවත මිලිඩර්ඩ් ජේ හිල් හා පැටි හිල් යන අයට පවරන ලදී.



    ලොව වැඩි දෙනෙක් ගායනා කරනු ලබන ගීතයට මෙච්චර දෙයක් වෙලා තියෙනවා කියලා දන්නෙත් මාත් නිකමට හොයලා බලපු ඩිංගට....

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]​
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හැපි බර්ත්ඩේ මචන්..... දැන් වයස කීයද?..... 38 වත් ඇති නේහ් :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මේහ්.....
    චාමිකයෙ උඹව දැක්ක කල්.....
    හොරෙන් ම කෂාද බැන්ද කියල දූසමාන ආරංචියක් ආව ඇත්ත වගේ.....
    නැත්තං උඹ එනව නේ මේ පැත්තේ....
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මේහ්.....
    චාමිකයෙ උඹව දැක්ක කල්.....
    හොරෙන් ම කෂාද බැන්ද කියල දූසමාන ආරංචියක් ආව ඇත්ත වගේ.....
    නැත්තං උඹ එනව නේ මේ පැත්තේ....
    අපෝ තාම තනිකඩ....... :)