Heart Attack vs Gastric

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    heart-attack_650x400_41511334726.jpg



    Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?

    පොතේ නම් තියන්නේ
    පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන
    දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ
    විනාඩි 20කට වඩා තියෙන
    කැක්කුමක් ය කියල.

    මීට අමතරව මේ කියන කැක්කුම
    පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති
    වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා.

    මේ හැර
    දාඩිය දැමීම,
    හුස්ම ගන්න බැරි ගතියක්,
    වමනේ ගතියක් වගේම
    පපුවේ ගැස්ම ගතියක් ද
    ලෙඩා අත්දකිනවා.

    ලෙඩා මහන්සි වෙච්ච වෙලාවක, බර කෑමක් ගත්තු වෙලාවක, සීතල වෙලාවක (රෑට නාපුවා ම වගේ) සහ හිතට දුකක් දැනිච්ච වෙලාවක හරි තමයි ගොඩක් වෙලාවට මේ තත්වය ඇතිවෙන්නේ.

    ඒ තමයි පොතේ තියන විදිය. හැබැයි මේ විදියට ම ලෙඩ්ඩු එන්නේ ටිකක් අඩුවෙන්.

    එතකොට ගෑස්ටික් කැක්කුම ??

    හැදුනු අය දන්නවා ඇති. මේකෙදි එන්නේ බඩේ උඩ හරියේ දැවිල්ලක් වගේ කැක්කුමක්. මේක පපුව දිගේ උඩට පිච්චෙනවා පිච්චෙනවා වගේ පැතිරිලා යන ගතියක් තියනවා. ඒ වගේ ම වමනේටත් එනවා.

    ඉතින් මේ දෙකේ තියන සම්බන්ධය මොකද්ද කියල ඔයාල දැන් බලනවා ඇති. මේ කැක්කුම් දෙක හරි විදියට අදුරගන්න ටිකක් විතර අමාරුයි. ඒ කිව්වේ ඔයා කැක්කුම ගෑස්ටික් කියල හිතුවට ඒක ඊට වඩා ගොඩක් භයානක heart attack එකක් වෙන්නත් පුළුවන් කියන එක. මේ කියන කාරණය හන්දම ගොඩ දෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න පුළුවන්.

    මේ ඒ වගේ ලෙඩ්ඩු දෙතුන්දෙනෙක් ගැන කතා ටිකක්...

    පළවෙනි ලෙඩා

    මෙයාට පාන්දර දෙකට විතර එක පාරටම බඩේ දැවිල්ලක් ඇවිල්ල. කලින් ගෑස්ටික් තිබිලත් නැහැ. ඒ පාර කෑම ටිකක් එහෙම කාල ආයෙත් නිදාගෙන. ඒත් කැක්කුම අඩුවෙලා ම නැහැ. කොහොමින් කොහොම හරි පාන්දර 6 වෙනකන් ම ගෙදරට වෙලා ඉදල. අඩුවෙලා නැති තැන මෙයාල hospital ගිහින්. යන අතර මගදී මෙයා නැතිවෙලා...
    පහුවෙනිදා මෙයාගේ මරණ පරීක්ෂණය සිදුවෙනවා. ඒකෙදි හෙළිවෙනවා හදවතට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාලිකාවක් අවහිර වෙලා තමයි මෙයාගේ මරණය සිදුවෙලා තියන්නේ කියන කාරණය. ඒ කියන්නේ මෙයා ගෑස්ටික් කියල හිතන් හිටියට ඇත්තටම වෙලා තියන්නේ Heart Attack එකක් ආපු එක. දන්නේ ම නැතිව තත්වය උත්සන්න වෙලා තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ.

    දෙවැනි ලෙඩා.

    මෙයා මට හමුවෙන්නේ පහුගිය සතියේ දවසක.
    ඩොක්ටර් මං අද දවල් ඇඹරැල්ල මාළුවක් එක්ක බත් කෑවා. තව මිරිස් මාළුත් තිබුණ. දැන් නිකන් බඩ අප්සට් වෙලා වගේ...
    එහෙම කියද්දී මට හිතුනේ මෙයා කොහෙන්ද ජරාවක් කාල දැන් බඩේ අමාරුවක් හදාගෙන කියල.

    වමනේ ගියාද ? නැහැ.
    බඩ එළියේ ගියාද ? නැහැ
    බඩ නිකන් පෙරළෙනවා පෙරළෙනවා වගේ ද? ඒත් නැහැ. ඒත් මගේ පපුව නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ.
    කලින් ගැස්ටික් හැදිලා තියනවා ද? ඔව්
    කැක්කුම ඒ වගේ ද?
    ටිකක් විතර කල්පනා කරපු ලෙඩා එකනම් හරියට හිතාගන්න අමාරුයි කියල කියපු හන්ද ම මං ECG එකක් ගන්නයි කියල කිවුවා.

    ECG එක ආපුවාම දැකපු දෙයින් මං අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ බඩේ අජිරනයක් කියල තව ටිකෙන් බෙහෙත් ටික දීල ගෙදර යවන ලෙඩාට Heart Attack එකක්.
    මං හදිසියේ දෙන්න ඕනි බෙහෙත් ටික දීල ලෙඩාව වහාම ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරිය. මේ ලෙඩා තාමත් ඉස්පිරිතාලේ.

    එක පාරක් Heart Attack එකක් හැදුනු ලෙඩෙක් ටිකට් කපල ගෙදර එවනකොට පොඩි උපදෙස් ටිකක් දෙනවා.

    ඔයා සතියක් යනකම් හොදට rest කරන්න ඕනි. හෙට ඉදන් දවසට පොඩ්ඩක් ගේ වටේ එහෙම ඇවිදින්න ඕනි . ටික ටික ඇවිදින ප්‍රමාණය වැඩි කරන්න ඕනි.
    සති තුනක් යනකම් බර වැඩ, වාහන එලවන වැඩ, දර පලන වැඩ එහෙම මුකුත් බැහැ. ඒ වගේම වැදගත් ම එක සති දෙකක් යනකම් ලිංගික ක්‍රියාකාරකම් තහනම්.

    මෙහෙම නීති දාන්නේ මේ කියන කාල සීමාවේ දී ආයෙම Heart Attack එකක් එන්න ගොඩක් ලොකු chance එකක් තියන හන්ද...

    මෙහෙම කීවට දවසක් Heart Attack එකක් හැදිලා ටිකට් කපල ගෙදර ගියපු ලෙඩෙක් අමාරුවක් නැති හන්ද පහුවෙනිද ම වෙළට ගිහින්. දෙපාරයි උදැල්ලෙන් කොටලා තියන්නේ. පපුවේ කැක්කුමක් ඇවිත්. මනුස්සයාට වෙලෙන් ගොඩ එන්න වත් හම්බවෙලා නැහැ.

    තව එකක් තමයි වරක් Heart Attack එකක් ආපු ලෙඩෙක් ජිවිත කාලයටම ගන්න ඕනි බෙහෙත් ටිකක් තියනවා..
    ඔයා Heart Attack එකක් ඇවිත් තියන ලෙඩෙක් නම් දන්නවා ඇති ක්ලිනික් ගියාට ඔයාව හරියට බලන්නෙත් නැහැ. doctor එකම බෙහෙත් ටික ඔහේ ලියල දෙනවා.
    ඇත්තම කිවොත් ඇඟට අමාරුවකුත් නැති හන්ද ටිකෙන් ටික ලෙඩාට හිතෙනවා මේ බෙහෙත් නතර කරන්න ඕනි කියල.

    එහෙම නතර කරපු ගොඩක් ආයෙම Heart Attack හදාගෙන hospital එනවා... ගොඩ දෙනෙක් අමාරුව වැඩිම වෙන්න කලින් එන හන්දම බේරිලා ගෙදර යනවා...

    ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔයාට ගෑස්ටික් වගේ කැක්කුමක් ආවොත්. කලින් ගෑස්ටික් හැදිලා නැතිනම් අනිවාර්යයෙන් ම ECG එකක් ගහල බලන එක ඇඟට ගුණයි කියන එකයි.
    කලින් ගෑස්ටික් හැදිලා තියන කෙනෙක් නම්, කැක්කුම වෙනද වගේ නැතිනම් ඒත් ECG එකක් ගහල බලන්න.

    private බෙහෙත් ගන්න එන ගොඩ දෙනෙක් ECG එකට රුපියල් 500ක් විතර යන හන්ද වැඩේ අදිමදි කරනවා. ඒත් එක කරන්න එපා කියල මං ඔබෙන් ඉල්ලන්නම්. එහෙම සල්ලි නැතිනම් ළඟම රජයේ රෝහලට එන්න. සේරම නිකන් කරලා දේවි.

    ඒ වගේ ම Heart Attack එකක් ආවොත් අර සති තුන අනිවාර්යයෙන් ම doctor උපදෙස් දෙන විදියට ම ඉන්න. ඒ වගේ ම එකම බෙහෙත් ටික දුන්නත් ඒ ටික කියන කාලයක් යනකන් ගන්න.

    Heart Attack එකක් එන එක වළක්වා ගන්න එකත් මේ වගේ ම වැදගත්.
    සරලව කිවොත් තෙල් කෑම වැඩිය කන්න එපා. සිනි කෑම වැඩිය කන්න එපා.
    දුම් පානය කරන්න එපා. මත් ද්‍රව්‍ය ගන්න එපා.
    දවසට අඩුම පැය භාගයක් වත් හොදට දාඩිය දාන්න excercise කරන්න.අඩුම තරමේ ඇවිදින්නවත් යන්න.
    ඔයා වයස 30ට වඩා වැඩිනම් අනිවාර්යයෙන් ම රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටෙරෝල් මට්ටම කොහොමද කියල වසරකට සැරයක්වත් බලාගන්න. මොකද ඒ දේවල් heart attack එකක් එන්න තියන chance එක ඉහල දමනවා...
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Matat gastric tinawa oya widiyata behet gatama eweleta nawalinawa. meka dakama baya hituna. :dull::dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මටත් දවසක් ආව බං.. එහෙම ගෑස් ටික් කියල එකක් කවදාවත් තිබිලත් නෑ
    පපුව ඇතුලෙන් නිකං උලුක් වෙලා වගේ කැක්කුමක්. පල්ලැහැට නැමෙනකොට වැඩි වෙනව. අත උස්සනකොට වැඩි වෙනව. හිනා වෙනකොට වැඩි වෙනව.. කතා කරන්ඩ අමාරුයි
    මං හිතුව මලා තමා කියල... දොස්තර කෙනෙක් ගාවට ගියා.. ගෑස්ටික්වලට තමා බෙහෙත් දුන්නෙ
    දැං ගොඩක් කල් ආයෙනං එහෙම වුණේ නෑ..

     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මට දැන් මාසෙක විතර ඉදන් විටින් විට පපුවේ වම් පැත්තෙන් කැක්කුමක් එනවා, වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ, ඒ වගේම වෙනදා වගේ නෙමෙයි හුස්ම ගන්නත් අමාරුයි.

    මම හිතං හිටියෙත් ගෑස්ටික් සහ සේම ගතිය නිසා ඒ දෙක වෙන්නේ කියලා.
    දැන්නම් බයයි...

    හෙට අනිත්දම යන්න ඕනේ හොස්පිටල්...
     

    chathu28

    Junior member
  • Oct 3, 2015
    52
    20
    8
    Matath gastric thiyanawa wadi wenawa adu wenawa beheth kochchara genawath wadak ne ban.papuwa thama ridenne.:(:(