Helmat එකක් ගන්නකොට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙල්මට් එකක් ගන්නකොට ලස්සන විතරක් බලලා මදි. ඔව් සුපර්මොටෝ ෆුල්ෆේස් එකක් දාලා ගොගල්ස් 2ක් දාගෙන බහිනකොට පට්ට ගති තමයි, හැබැයි ඒක ඔයාගේ ඔලුවට හරියට සෙට් උනේ නැත්නම් මරණය අත ළඟ.

    පියවර 1:
    මිනුම් ටේප් එකක් හෝ වයර් හෝ ලණු කැබැල්ලක් ගෙන ඔබගේ ඔලුවෙහි වටප්‍රමාණය මැනගන්න.ඔලුවෙහි පළලම තැනින් මිනුම ලබාගැනීමට මතක තබාගන්න.ඉන්පසු හෙල්මට් නිශ්පාදකයන් ලබාදෙන මිනුම් chart එක සමඟ ඔබේ මිනුම සසදන්න.මතක තබාගන්න එක එක නිශ්පාදකයන්ගේ මිනුම් විවිධයි.එම නිසා එක වර්ගයක medium හරියන විට අනෙක් වර්ගයෙන් එය large විය හැක.
    Determining-the-head-size.png


    මේ චාට් එකත් බලලාම ඉන්න
    F95131660.jpg

    පියවර 2
    ඔබගේ මිනුමට හරියන හෙල්මට් පැළඳ බලන්න.සමහර හෙල්මට් වල ක්ලිප් ලොක්ද සමහර හෙල්මට් වල D ring වලින්ද හෙල්මට් එක තද කිරීමට ඇත. ඒවා හරියාකාරව තදවනවාද වැඩ කරනවාද පරීක්ශාකර බලන්න.තවද වයිසරය හෝ ගොගල් එක හරහා හරිහැටි අපහසුවකින් තොරව ඉදිරිය දර්ශනය වනවාද බලන්න.

    පියවර 3:
    කණ්නාඩියකින් හැඩ බලන්න.ඔයාට ගැළපෙනවාද බලන්න.ගොඩක් හිරද කියලත් බලන්න. සැපපහසුව ගොඩක් වැදගත්.මොකද ඔයා ගොඩක් දුර පදිනකොට හෙල්මට් එක වදයක් වෙන්න බෑ.ඔලුවේ කුමන හෝ පෙදෙසක් රිදුම් නොදෙන බවට තහවුරු කරගන්න.කම්මුල් වලට හොඳට ළංවෙලා තියෙන්න ඕන.හෙල්මට් එක හා කම්මුල් අතර ඉඩ තියෙන්න බෑ.නළල හා නළල දෙකෙළවර පරීක්ශා කරන්න. ඒ අතරට ඇඟිල්ල දැමීමට ඉඩ නොතිබිය යුතුය.ඔලුව පිටුපසත් පරීක්ශා කිරීමට අමතක නොකරන්න.

    පියවර 4:
    අවසානයේ හෙල්මට් එක ඉදිරිපසින් අල්ලා උඩට පහළට කරන්න.හෙල්මට් එක සෙමෙන් එහාමෙහා විය යුතුය.හෙල්මට් එක ඔලුවෙන් ගැලවී යනවා නම් එය ඔබට හරියන හෙල්මට් එක නොවේ.

    මතක තබාගන්න හෙල්මට් එක ඔබගේ ඔලුවේම කොටසක් ලෙස හැඟිය යුතුය.අලුත් හෙල්මට් එකක්ම ගන්න කෙනෙකු භාවිත කළ හෙල්මට් ගැනීම එතරම් සුදුසු දෙයක් නොවේ.

    පවතින නීතිය කුමක් වුවත් ෆුල්ෆෙස් හෙල්මට් එකක් භාවිත කරන්න පුලුවන් නම් එය වඩාත් ආරක්ශාරී වේ.!

    වැඩිපුර අධ්‍යයනය සදහා පහත වීඩියෝව නරඹන්න



    ලස්සනට වගේම ආරක්ශාවටත් වැදගත් තැනක් දීලා ඔළුව පරිස්සං කරං බයික් පදිමු..

    අන්තර්ජාලය ඇසුරිනි