ලංකාවේ අයගෙන් බහුතරය හෙල්මට් දාන්නෙ පොලිසියෙන් බේරෙන්නයි ලස්සනටයි විතරයි . . .
හෙල්මට් එකක් ගන්නකොට සයිස් එක වගෙම තව සලකලා බලන්න ඕනි දේවල් ගොඩාක් තියෙනවා . . .
1. Helmet Configuration
** 1.1 ගොඩාක් දුර බයික් එකෙන් යන කෙනෙක් නම් අනිවාර්‍යයෙන්ම සැහැල්ලු, ඇතුලට හොඳින් වාතාශ්‍රය ලැබෙන, එලියේ ශබ්ධ අැතුලට අඩුවෙන් අැහෙන හෙල්මට් එකක් තෝරා ගන්න ඕනි.
මම හිතන විදියට Modular Helmet එකක් තමා එහෙම කෙනෙක්ට හොඳම . . .
**1.2 ඒ වගේම වාහන වැඩිපුර ගැවසෙන, එහෙමත් නැත්තම් ටිකක් offroad යන්න වෙන අයට වඩාත් සුදුසුයි Dual Sport වර්ගයෙ helmat එකක් . . ඒ වගෙ වෙලාවල් වලදි අවශ්‍ය අමතර දෘශ්‍ය පරාසය ලබා ගන්න පුලුවන් Dual Sport helmet එකකින්. . .
2. Brand
දාන්නන් වාලෙ හෙල්මට් එකක් දාලා වැඩක් නෑ . . .ලක්ශයක් දීලා ගත්තත් ගත්තත් වැඩක් නෑ හෙල්මට් එකෙන් වෙන්න ඕනි දේ වෙන්නේ නැතිනම් . . . .ඒ නිසා අනිවාර්‍යයෙන්ම ගන්නකොට හොඳ Brand එකක එකක් ගන්න එක ශරීර සෞඛ්‍යයට හොඳයි.
3. කවදාවත් පාවිච්චි කරපු හෙල්මට් ගන්න එපා . . . හෙල්මට් එකක් නිශ්පාදනය කරන කොට ඒ ඒ අවශ්‍ය ස්ථාන වලට reinforcement සහිතවයි නිශ්පාදනය කරන්නෙ . .ඉතින් බිම වැටීමකින්, තදින් කොහේ හෝ වැඩීමකින් මේ reinforcement damage වෙන්න පුලුවන් . . හෙල්මට් එකෙ පිටතින් හානි නොතිබුනත් මේ වගෙ හෙල්මට් එකකින් වැඩක් නැහැ. . .ඒ නිසා පාවිච්චි කරන ලද හෙල්මට් නොගන්න එක වඩාත් හිතකරයි . .
4. තමන්ගෙ helmet එක වෙන කාටවත් දෙන්න එපා . . . . .
5. වැඩි පුර රාත්‍රී කාලයේ ගමන් බිමන් යනවා නම් High Viz (neon) helmet එකක් පාවිච්චි කරන්න. නැතිනම් අඩුම තරමෙ සුදු පාට හෙල්මට් එකක් පාවිච්චි කරන්න.
6. හොඳ හෙල්මට් brand එකක් නම් බොහෝ විට helmet එකත් එක්ක helmet එක අැතුලත පහසු අාකාරයට සකස් කරගන්න අවශ්‍ය වෙන Cheek Pads, Linings වෙනම එනවා . .
7. No Half Helmets . . . Scooter එකක් පැද්දත් Full face එකක් දාපන් . . .

