Help-රිය අනතුරකදී

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ගොඩක් වාහන පදවන අයට මේක වැදගත් වෙයි. එළකිරියේ දන්න කෙනෙක් කියා දෙන්න​.
    Full Insuarance තියෙන වාහනයක් පැදගෙන යනකොට

    1. අපේ වැරද්දකින්
    2. අනෙක් රියදුරාගෙ වැරද්දකින්
    රිය අනතුරක් වෙනවා. අපි හිතමු, තුවාලකරුවන් නැහැ කියලා. මෙවැනි අවස්තාවකදී මොනවාද ගන්න ඕන ක්‍රියාමාර්ග​. හරි විදියට ක්‍රියා නොකරපු නිසා Insuarance claim කරගන්න බැරි වීම වගේ අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුනු සිදුවීම් අපි දැකලා තියෙනවා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් help එකක් දෙන්න​​. අනෙක් අයටත් වැදගත් වෙයි.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පිස්සු හැදෙයි බං. ඉන්ෂුවරන්ස් කරන උන්වත් හරියට දන්නෙ නෑ කියහන්කො. :
    BUMP
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං.. ඉන්ෂූරන්ස් කාරයෙක්ගෙන් තම අහන්න වෙන්නෙ.. හැබැයි උනුත් දන්නවද දන්නෑ..
     
    kingdewi

    Well-known member
  • දන්නා පරිදි පිළිතුරු දෙමි .
    1.වාහන අනතුර සම්බන්ධව පොලිසියට දැනුම් දීම
    2.වහාම අදාළ ( තම තමන්ට අදාළ ) රක්ෂණ සමාගමේ දුරකථන අංකයට කතාකොට විස්තරය කීම
    මෙහිදී ,
    ඔබ බීමතින් සිටියොත්
    රියදුරු බලපත්‍රය නොමැති අයෙකු වාහනය පදෙවුවොත් , ඔබගේ රක්ෂණ ආවරණය නොලැබේ

    ඇතැම් අවස්ථාවලදී අනතුර සම්බන්ධව පොලිස් වාර්තා ඉල්ලා නොසිටින අවස්ථාද ඇත .
    එමෙන්ම ,
    ඔබ අත යට ගනුදෙනු කර ඇත්නම් ( අනෙක් වාහනයෙන් මුදල් ලබාගෙන ඇත්නම් ) එහිදීද රක්ෂණ හිමිකම් නොගෙවනු ලැබේ
    මතක තබාගත යුතුයි ,
    ඔබ පළමු දුරකථන ඇමතුම ලබාදෙන කරුණු වලට පරස්පර දෑ කිසි විටකත් නොපවසිය යුතුයි ..මන්ද මෙය පටිගත වන පළමු සාක්ෂිය ලෙස සටහන් කරගන්නා නිසා !
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    දන්නා පරිදි පිළිතුරු දෙමි .

    Thank you. +reps added.
     
    අඩේ තෑන්ක්ස් බං..
    REP 32+
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,336
    6,180
    113
    wahanayk happuwoth uge wahana ankaya balaganna.u dala geyoth police report walata ona wenawa.insurance anakan winadai 15k yanakan wahane ain kranna epa 15ta wadi unoth ain kranna nathnam minissu ain karai:lol:
    policeyen langa hitiyoth u sakshi widiyata thiyan wahane ain karanna nathnam hollannawath epa.

    town aken pita unoth ithin anathai insurance enakn balan inna wei.happapu ekage id number ekai wahane ankayaii mathaka thiyaganna.echcharai ona wenne danna tharamin.:)
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    Thanks & +reps
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    මට වුනා ඕක. හැබැයි තුවාල කාරයෙක් හිටියා. ඒ එක්කම පොලිසියේ ඩබලක් ආව. මාවයි බයික් එකයි පොලිසියට ගෙනිච්චා. තුවාලකාරයට 500ක් දුන්නා. ඉන්ෂුවරන්ස් කෝල් කරලා එකෙක්ව ගෙන්නගත්තා. ඌ ෆොටෝ ගහගෙන ගියා. මම පොලිසියෙන් ලයිසන් එක අරගෙන ආපහු ගෙදර ගියා. සති තුනකින් වගේ බයික් එකේ ක්ලේම් එක ගත්තා.. :P
     
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මට වුනා ඕක. හැබැයි තුවාල කාරයෙක් හිටියා. ඒ එක්කම පොලිසියේ ඩබලක් ආව. මාවයි බයික් එකයි පොලිසියට ගෙනිච්චා. තුවාලකාරයට 500ක් දුන්නා. ඉන්ෂුවරන්ස් කෝල් කරලා එකෙක්ව ගෙන්නගත්තා. ඌ ෆොටෝ ගහගෙන ගියා. මම පොලිසියෙන් ලයිසන් එක අරගෙන ආපහු ගෙදර ගියා. සති තුනකින් වගේ බයික් එකේ ක්ලේම් එක ගත්තා.. :P
    ela ela, tfs
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    Full Insurance

    අපේ අතේ වරදකින් අනතුරක් සිදු වුනොත්,
    අපේ පාර්ශවයටත්,
    අනතුර සිදුවන පාර්ශවයටත් වන්දි මුදල් ගෙවයි.(උසාවි යා යුතුය)

    වෙන පාර්ශවයක වරදකින් අනතුරක් සිදු වුනොත්,
    අපේ පාර්ශවයට පමණක් වන්දි මුදල් ගෙවයි.

    Third party Insurance

    අපේ අතේ වරදකින් අනතුරක් සිදු වුනොත්,
    අනිත් පාර්ශවයේ ගමන්ගත් මගීන්ට අනතුරක් වී ඇත්නම් පමණක් වන්දි මුදල් ගෙවනු ලබයි.(උසාවි යා යුතුය)

    වෙන පාර්ශවයක වරදකින් අනතුරක් සිදු වුනොත්,
    කිසිවකුට තඹයක් හෝ නොගෙවයි.

    අනතුරක් සිදු වූ වහාම,

    1. ලඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.
    2. අදාළ රක්ෂණ සමාගමේ ක්ෂණික ඇමතුම් අංශයට කතා කර අනතුර කෙටියෙන් විස්තර කරන්න (මෙහි නිරවද්‍යතාවය ඉතා වැදගත් වේ. රක්ෂණ සමාගමේ නියෝජිතයා හට කරන විස්තර කිරීම සහ මෙම විස්තර කිරීම පරස්පර විරෝදී විය නොහැක. මෙම ඇමතුම පටිගත වේ.)
    3. එවිට ළගම සිටින නියෝජිතයෙකු ඔබ අනතුර සිදු වූ ස්ථානයට පැමිණෙනු ඇත.
    4. ඔහු ඔබගේ රියදුරු බලපත්‍රය ඉල්ලා විස්තර ලබාගෙන, අනතුර පිළිබද කෙටියෙන් විස්තරයක් අසයි, ඡායාරූප ලබාගනී.
    5. අනතුර සිදුවුන විට රිය පැදවූ රියදුරාට රියදුරු බලපත්‍රය නොමැති නම් හෝ බීමතින් සිටියේ නම් රක්ෂණ වන්දිය නොලැබේ.
    6. විරුද්ධ පාර්ශවයේ වරදකින් අනතුර සිදුවූයේ නම් ඔබට එම ස්ථානයේදීම කතා බහ කොට එම පාර්ශවයෙන්ද වන්දියක් ගෙන ඔබගේ රක්ෂණ සමාගමේ වන්දිය ද ලබා ගත හැක. (ඔබ විරුද්ධ පාර්ශවයේ රක්ෂණයෙන් වන්දි මුදල් ලබා ගනී නම් උසාවි යා යුතු අතර එවිට ඔබගේ රක්ෂණයෙන් වන්දි මුදල් ලබා ගත නොහැක)
    7. ඔබ පාර්ශවයේ වරදකින් අනතුර සිදුවුයේ නම්, අනිත් පාර්ශවය ඔබෙන් වන්දියක් ඉල්ලා සිටීනම් උසාවි ගොස් නඩු කියා ඔබගේ රක්ෂණයෙන් එම පාර්ශවයට වන්දිය අරන් දිය හැක. නඩු නොකියා ගොඩින් බේරා ගැනීමට අවශ්‍ය නම් අත යටින් මුදල් දී ඔබට ඔබගේ වාහනය ඔබගේ රක්ෂණයෙන් පාඩුවේ සාදා ගත හැක.

    උත්තරේ ලැබුන නම් +rep දීපල්ලා :):):)
     
    Last edited: