Full Insurance
අපේ අතේ වරදකින් අනතුරක් සිදු වුනොත්,
අපේ පාර්ශවයටත්,
අනතුර සිදුවන පාර්ශවයටත් වන්දි මුදල් ගෙවයි.(උසාවි යා යුතුය)
වෙන පාර්ශවයක වරදකින් අනතුරක් සිදු වුනොත්,
අපේ පාර්ශවයට පමණක් වන්දි මුදල් ගෙවයි.
Third party Insurance
අපේ අතේ වරදකින් අනතුරක් සිදු වුනොත්,
අනිත් පාර්ශවයේ ගමන්ගත් මගීන්ට අනතුරක් වී ඇත්නම් පමණක් වන්දි මුදල් ගෙවනු ලබයි.(උසාවි යා යුතුය)
වෙන පාර්ශවයක වරදකින් අනතුරක් සිදු වුනොත්,
කිසිවකුට තඹයක් හෝ නොගෙවයි.
අනතුරක් සිදු වූ වහාම,
1. ලඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.
2. අදාළ රක්ෂණ සමාගමේ ක්ෂණික ඇමතුම් අංශයට කතා කර අනතුර කෙටියෙන් විස්තර කරන්න (මෙහි නිරවද්‍යතාවය ඉතා වැදගත් වේ. රක්ෂණ සමාගමේ නියෝජිතයා හට කරන විස්තර කිරීම සහ මෙම විස්තර කිරීම පරස්පර විරෝදී විය නොහැක. මෙම ඇමතුම පටිගත වේ.)
3. එවිට ළගම සිටින නියෝජිතයෙකු ඔබ අනතුර සිදු වූ ස්ථානයට පැමිණෙනු ඇත.
4. ඔහු ඔබගේ රියදුරු බලපත්‍රය ඉල්ලා විස්තර ලබාගෙන, අනතුර පිළිබද කෙටියෙන් විස්තරයක් අසයි, ඡායාරූප ලබාගනී.
5. අනතුර සිදුවුන විට රිය පැදවූ රියදුරාට රියදුරු බලපත්‍රය නොමැති නම් හෝ බීමතින් සිටියේ නම් රක්ෂණ වන්දිය නොලැබේ.
6. විරුද්ධ පාර්ශවයේ වරදකින් අනතුර සිදුවූයේ නම් ඔබට එම ස්ථානයේදීම කතා බහ කොට එම පාර්ශවයෙන්ද වන්දියක් ගෙන ඔබගේ රක්ෂණ සමාගමේ වන්දිය ද ලබා ගත හැක. (ඔබ විරුද්ධ පාර්ශවයේ රක්ෂණයෙන් වන්දි මුදල් ලබා ගනී නම් උසාවි යා යුතු අතර එවිට ඔබගේ රක්ෂණයෙන් වන්දි මුදල් ලබා ගත නොහැක)
7. ඔබ පාර්ශවයේ වරදකින් අනතුර සිදුවුයේ නම්, අනිත් පාර්ශවය ඔබෙන් වන්දියක් ඉල්ලා සිටීනම් උසාවි ගොස් නඩු කියා ඔබගේ රක්ෂණයෙන් එම පාර්ශවයට වන්දිය අරන් දිය හැක. නඩු නොකියා ගොඩින් බේරා ගැනීමට අවශ්‍ය නම් අත යටින් මුදල් දී ඔබට ඔබගේ වාහනය ඔබගේ රක්ෂණයෙන් පාඩුවේ සාදා ගත හැක.
උත්තරේ ලැබුන නම් +rep දීපල්ලා![]()
තෑන්ක්ස් +reps added,
පොලිස් ස්තානයට දුරකතන ඇමතුමකින් දැනුම් දීම ප්‍රමාණවත්ද?
වාහනය පාරෙන් අයින්කර ගත යුත්තේ එකෙන් ආ පසුවද? ( thusan kiwwa widiyata winadi 15kata passe ayin kalata awulak nedda?)

