ඔයාලා දන්න හොඳම home security guard, private chef සේවා සපයන සමාගම් නිර්දේශ කරන්න පුළුවන්ද? හෝ තේරීමක් කරනකොට බොහෝ දෙනෙක් නොදන්න මම සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද?
සමහර අයට මුල් වතාවෙදී සේවයට ගත්ත අය හොඳයි, ඒත් අසනීප, leave වලදී එවන replacement සේවකයෝ නිසා සමාගමම තිත්ත වෙන අවස්ථා තියනවා. මේ වගේ ගැටලු මඟහරවා ගන්නේ කොහොමද?
ලංකාවේ සමාගමකින් දැනටමත් සේවාවක් ගත්ත අය ඉන්නවා නම් සේවාව ලබාගත් කාලය සහ අත්දැකීම් කියන්න. මගේ අවශ්‍යතාව අනුව සමාගමෙන් ලැබෙන සේවාව සහ සේවකයින්ගේ වෘත්තීමය මට්ටම ගොඩක් වැදගත්.
මට අවුරුදු කිහිපයක ඉඳන් රට යන්න අවශ්‍යතාවක් තියනවා. ලංකාවේ ඇතුලේ පවා දවස් කිහිපයක් ගෙදරින් පිට වෙලා ඉන්න බැරි තත්වයක් තියෙන්නේ. මට කෙලින්ම ගෙදර ආරක්ෂාවට, උයන පිහින වැඩ කරන්න අය ගන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ රට ඉන්නකොට මගේ වැඩත් එක්ක මෙයාලව හසුරුවා ගන්න අමාරුයි, හොස්ස ළඟින් මැස්සා යන්න බැරි අය ගෙදර ඉන්න නිසා ගෙදර සිදුවීම් ගැන නිතර updates ඕන, හරියට වැඩ කරනවා ද කියලා විශ්වාසයක් නැහැ, අම්මා, තාත්තා කරුණාවන්තයි, ඒත් උන්ට අසනීපයක් වෙලා දෙමාපියන්ට මැදිහත් වෙන්න වුණොත් අනිවාර්යෙන් මට වලක් කපාගෙන බුදියගන්න හිතෙන තරමට බැනුම් අහන්න වෙනවා. නිවාඩු ගත්තොත්, සේවය හැරගියොත් වෙනත් සුදුසු කෙනෙක් හොයාගන්න සති කිහිපයක් ගතවෙනවා සහ මට ඔක්කොම වැඩ දාලා ලංකාවට එන්න වෙනවා. ඒ නිසයි සමාගම් හොයන්නේ.
වගකීම
Security guard ලට ගෙදර පැය 24 ම ආරක්ෂාවට ඉන්න (ගෙදර වයසක අය විතරයි කියලා දැනගත්තම risk එක වැඩි වෙනවා), අවට දේපල ගැන සෝදිසියෙන් ඉන්න, දෙමාපියෝ එක්ක ඇවිදින්න, කඩවල් වලට යන්න, අවශ්‍ය දවස් වලට බෙහෙත් ගන්න යන්න තියෙන්නේ. වෙන වැඩක් නැහැ. එයාලා අල්ලගෙන යනවට කැමති නැහැ. ඒත් සමහර වෙලාවට අල්ලගෙන සහායක් දෙන්න වෙනවා, බෙහෙත් ගන්න ගියාම වැඩිපුර සහයෝගයක් දෙන්න වෙනවා. කෑම බීම ගෙනත් දෙන්න වෙනවා. ගෙදරින් පිට දී අනපේක්ෂිත වගකීම් වැටෙන්න ඉඩ තියනවා.
රජයේ පුහුණුවක් ලබපු අය ඉන්න නිසා පහත සමාගම් දෙකට වඩා වෙනත් සමාගමක් ගැන පැහැදීමක් හදාගන්න අමාරුයි. මෙයාලටත් සේවා ගත්ත මිනිස්සු බැනලා තියනවා. අනිත් පෞද්ගලික සමාගම් වලටත් මිනිස්සු ඕන තරම් බැනලා තියනවා, negative reviews දාලා තියනවා.
https://rall.lk/land-security/
https://rall.lk/skilled-services-2-2/
https://avantgarde.lk/services/
https://avantgarde.lk/services/security-for-protection-of-persons-property/
දෙමාපියෝ උයන්න දඟලන නිසා අසනීප දවසකට හෝ මහන්සි වෙලාවකට හැරෙන්න private chef ට තුන් වේලම උයන්න වෙන්නේ නැහැ. අසනීප දවස් වලට කන්න බොන්න සහයෝගයක් දෙන්න වෙනවා. අනිවාර්යෙන් ඔය මනුස්සයා රහට උයන්න දන්න professional chef කෙනෙක් වෙන්නම ඕන. අම්මා රහට උයන්න දන්න කෙනෙක් නිසා එයාලට කෑම රහට තිබුණේ නැත්නම් reject වෙනවා.
Elder care සමාගම් මට සෙට් වෙන්නේ නැහැ. මම දන්න තරමින් ඔය ආයතන වල ඉන්නේ too-old or, අසාධ්‍ය, disabled පුද්ගලයින් බලාගන්ක හුරුවුණ අය, දෙමාපියන්ගේ mentality එක අනුව ඔය අය එක්ක ගනුදෙනු කරද්දී වැඩි දවසක් යන්න කලින් චොර වෙන්න ඉඩ තියනවා.
e.g. https://www.royalnursinghome.com/home-nursing
security guard, private chef roles stable නම් දෙමාපියන්ට ඕන daily සහයෝගය දෙන්න හොඳ elder care service එකක් හොයන්නේ නැතිව පෞද්ගලිකව කෙනෙක් බඳවා ගන්න පුළුවන්. එතකොට security අයට සහ chef ට වැටෙන out of scope වගකීම් අයින් වෙනවා. හදිසියේ නිවාඩු ගත්තට හෝ සේවය හැරගියාට මම එකපාරට හිරවෙන්නේ නැතිවෙයි කියලා හිතනවා.
ගෙදර තත්වය (ගෙදර පරිසරයත් දැනගන්න අවශ්‍ය අයට)
දෙමාපියෝ අවු. 65-75 අතර අය. එයාලා මම කොහෙවත් යනවට කැමති නැහැ. මං පොඩි කාලේ ගෙදර වැඩට මිනිස්සු හිටියා. ඒත් දැන් ගෙදර කවුරුහරි තියනවා කියන්නේ පොඩි ළමයෙක්ට තිත්ත බේතක් පොවන්න හදනවා වගේ වැඩක්. පිට මිනිස්සු ගෙදර තියාගන්න බැහැ කියනවා. උන්ට වෙනම සලකන්න වෙනවලු, එයාලගේ නිදහස පවා නැතිවෙනවලු. මම බැනුම් අහලා, මාත් එක්ක තරහ වෙලා තමයි ඔය ගැන කතා කරන්න හැදුව වෙලාවක කතාව කෙළවර වෙන්නේ. එයාලා කියන දේවල් වල ඇත්තක් තිබුණට මගේ අත්දැකීම් අනුව එච්චර අවුලක් නැහැ. එයාලා හදන්නේ ප්‍රතිකේෂ කරන්න.
දෙමාපියෝ ගැන බල බල ඉන්නේ නැතිව ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න ඔයාට වුවමනා තැන් වලට යන්නලු, එයාලට තනියෙන් ඉන්න පුළුවන්ලු, අසනීපයක් වුනොත් සල්ලි තියන නිසා වාහනයකට හෝ ළඟ ගෙදරකට කතා කරලා බෙහෙත් ගන්න පුළුවන්ලු. ඔය කියන විදිහට තියලා ගියොත් ඉතිං වටපිටාවේ මිනිස්සුන්ගෙනුත් මට හොඳට අහගන්න පුළුවන්.
තනියෙන් ගෙදර තියලා යන්න කොහෙත්ම බැහැ. ඇවිදින්න අමාරු ප්‍රශ්න තියනවා (කකුල් කැක්කුම්, දණහිස් අමාරු වගේ දේවල්), සීනි, සෙම, කොලෙස්ටරෝල්, සමහර වෙලාවට අමතක වෙන ප්‍රශ්න තියනවා, ඇස් පෙනීම ගොඩක් දුර්වලයි. සාමාන්‍යයෙන් ලෙඩ වලට බෙහෙත් කරන්න, වෙලාවට බෙහෙත් ගන්න මම වෙනම යුද්ධයක් කරන්න ඕන. බෙහෙත් ටික දවසක් අරන් අඩු වෙනකොට මගහරිනවා, දොස්තරලා වෙනස් කරනවා, කෑම බීම, ගෙදර වැඩ (ආයේ ඉතිං මම නොදැක්ක වෙලාවක කිලෝ ගාණක් බර මල් පෝච්චි පවා උස්සනවා. ඊළඟට අඩිය තියාගන්න බෑ, ඉනේ කැක්කුම්, කොන්දේ කැක්කුම් ජීවිතේ දුක්ඛිත ස්වභාවය ගැන කියෝ කියෝ ඉන්නවා), ශරීර සෞඛ්‍ය ගැන කිසිම පාලනයක් නැති නිසා ලෙඩ අඩුවක් නැහැ. එයාලා අඳුරන අය කියන දේවල් ඇහැව්වට මම කියන දෙයක් ලේසියෙන් අහන්නේ නැහැ. එළකිරියේ අඩුවැඩි වශයෙන් මෙහෙම ලක්ෂණ තියන දෙමාපියෝ ඉන්න අයගේ පොස්ට් දැකලා තියනවා.