ඔය වීඩියෝ එකෙන් හරි හමන් දෙයක් කියන්න බෑ නේ?
අලුත් ලැප් එකක් ද? පරණ එකක් ද? (මට පෙන්නේ acer 43xx සීරිස් එකේ එකක් වගේ. )
චාජර් එක කනෙක්ට් කරලද තියෙන්නේ? නැතිනම් බැටරි එකෙන්ද රන් වෙන්නේ?
කලින් හොඳට වැඩ කළා නම් බැටරි හෙල්ත් කොහොමද?
කූලින් ෆෑන් වැඩ ද?
හාඩ් ඩිස්ක් එකෙන් අමුතු සද්ද එනවද?
බීප් එනවද?
මේ වගේ දේවල් දැනගෙන ඉන්න ඕන මොකක් හරි කියන්න නම්
කූලින් ඉශු නිසාත් පරණ ලැප් ඔය විදිහට එකපාරටම ඔෆ්ෆ් වෙලා යනවා, RAM ප්‍රශ්ණ නිසාත්, බැටරි ප්‍රශ්ණ නිසාත් වෙන්න පුළුවන්. පවර් බටන් එක ස්ටක් වෙලා වෙන්නත් පුළුවන්. update හෝ ඩ්‍රයිවර් ප්‍රශ්නයක් වෙන්නත් ඉඩක් තියෙනවා.
ඕවර් හීටින් ඉශූ එකක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා, ඒ නිසා ඔකේ මොඩල් එක සර්ච් කරලා සර්විස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගෙන එක බලාගෙන ගලවල හොඳට සර්විස් කරන්න. ඔය මොඩල් එක යූ ටියුබ් එකේ සර්ච් කරලා ඩීඇසෙම්බල් කරන හැටිත් බලාගන්න.
සර්විස් කරන්න කලින් esd ප්‍රෝටෙක්ෂන් ගැනත් කියවල දැනුමක් අරගෙන ඉන්න,
අලුත්ම එකක් නම් ගලවන්න යන්න එපා, ෂොප් එකට දෙන එක තමයි හොඳම දෙය.
ගූඩ් ලක්