මම මිට පෙර රැකියාවක් සොයා ගැනීමට දන්විමක් දැම්මා. එත් ලැබුනේ නැහැ. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දැම්මා. ඒ සදහා 52000/=වියදම්උනා. මාර්තු 16 ඉදන් ගෙදර හිටපු නිසා වැටුප් බාගයයි ලැබුනේ. රට ඇරියම රැ කියාවට යන්න හිතන් ඉන්න කොට තමයි වැටිලා අත කැඩුනේ. අතේ ඉතිරි කරන් හිටපු මුදල් plate එක දාන්න වියදම් වුනාට පස්සේ අතේ ඉතිරි වුන මුදලින් අමාරුවෙන් කොහොම හරි ජිවත් වුනේ. දැන් දරුවන්ට පාසල් පටන් ගත්තා. එනිසා තවත් අමාරුයි. මම තවම තෙරපි යනගමන් ඉන්නේ. ජාතික රෝහලේ නිසා මුදල් වැය වෙන්නේ නැහැ. මේක බලන ඔයාලා කාටහරි මට මගේ අත සනීප කරගෙන මට කලින් වැඩ කරපු තැනට යන්න පුළුවන් වෙනකම් කරන්න තාවකාලික හො ස්ථර රැකියාවක් හෝ ඔයාලට කරන්න පුළුවන් වුදව්වක් මට කොලොත් ඔයාලට ගොඩක් පිං. මම මෙහෙම දැන්වීමක් දැම්මේ මට වුදව් කෙනෙක් නැති නිසා. මගේ medical report අවශ්‍ය අයෙකුට බැලිය හැකිය.
