"----- දින ---- ට ඇරඹෙන සුභ මොහොතින් මම වලට පැනීමෙ උත්සවය සමරන්න මෙසෙ ඇරයුම් කරමි"
හොඳද ?


අතට නිවාඩු දෙන දවස කියලා දාපන්![]()

උපන් දා ඉදං තනිකඩ වී ඉදලා.....
කෙල්ලො දෙතුන් දෙනෙකුට ලොකු පොලු තියලා......
හොයං එද්දි උං මා මරනවා කියලා.....
ඔන්න මචං මං බදිනවා හිටු කියලා.............
ලබන මාසෙ ................ දා අපි සෙට් වෙමුද.....
................ හෝල් එකෙ පාටිය අරගමුද......
පෝරුවෙ වැඩට කලියෙං හරියට එමුද...
පවුලේ සැවොම සමගින් මෙහි පැමිනෙමුද....
සාගර යක් වගේ ප්‍රීතිය උතුරනවා.......
කෑදරකමින් ආසාවන් ලියලනවා......
රාගය හිතේ තිබුනත් සිනහව එනවා....
සුහද සිතින් අපි ඔක්කොම නැලවෙනවා....
කිසිදා අරං නෑ වෙඩිමක් මීට කලින්....
චකිතය තියෙයි ඒ හින්දා හරි ඉහලින්....
අප්සට් කරන් නෑ උඹලව මේ ශූටිං.....
දීලයි යවන්නේ බොන්නට අපි ෆ්‍රෑන්ක්ලින්......
ඉස්සෝ ඩෙවල් එක හා කට්ලට් බැදලා.....
කඩල තම්බලා ඇත කූනියා දාලා........
සැන්ඩි වලට කෝක් සෝඩා රෙඩි කරලා.....
බලං ඉන්නෙ මං පාටිය සෙට් කරලා......
ෆ්‍රයිඩ් රයිස් දෙනවා කෑමට ඔන්න......
පොරකන් නැතුව ඔක්කොම ටික ඔබ කන්න....
කාලා කාලා දීසිය දමලා යන්න.....
ඩෙසට් එකට වටලප්පන් අරගන්න........
කාලා ඉවර වී මියුසික් එක දාලා....
ආතල් එකට දාමුකො නැටුමක් මාලා.....
ඩිස්කො එකේ ඇත ඩීජේ එක දාලා.....
එන්නකො සාරි ඔසරිය හෙම ගලවාලා.......,
සාදය ගෙවී යයි දැං සැන්දෑ වීලා.........
අපි ඔක්කෝම ඇත්තේ හෙම්බත් වීලා.....
එන තැන තිබුන කවරය ගෙන නම ලියලා....
දීලා යන්න කවරය තිළිනය දමලා......
