cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,167
    1,314
    113
    මන් ඉස්සර එහෙම නෑ. ඒත් දැන් මට වැඩිය කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෙ නෑ. ගෙදර අය එක්කත් එහෙමයි. මට කතා කරන්න ඕනෙ ඒත් මුකුත් හිතෙන්නෙ නැති ගතියක් වගේ තියනව. කතා කරත් ඒ උවමනාවකට විතරයි. චැට් කරද්දිත් එහෙමයි අනික් කෙනා කියන දේකට ස්ටිකර් එකක් හරි ඉමෝජි එකක් හරි දානව ඇරෙන්න මම වැඩිය මුකුත් කියන්නෙ නැ.
    මේ ප්‍රශ්නෙ මට දැන් ටික කාලෙක ඉදන් තියනව. කවද පටන් ගත්තද කියල මතක නෑ ඒත් මේක එන්න එන්න වැඩි වෙන ගතියක් තියනව. මන් මුලින්ම හිතුවෙ මේක Al stress එකත් එක්ක ආපු එකක් කියල. ඒ නිසා වැඩිය ගනන් ගත්තෙ නෑ. Als ඉවර වෙලා සතියක් වගේ යද්දි මේ ප්‍රශ්නෙ ටිකක් නැති උනා. ඒත් දැන් සතියක විතර ඉදන් ඒක ආපහු එහෙමයි. කාලෙන් කාලෙට රෑට නින්ද යන්නෙ නැති සීන් එකකුත් එනව. අදත් එහෙම උන නිසා ඇදට වෙලා කල්පනා කර කර ඉද්දි මේක ලියන්න හිතුනෙ.
    මේකට කරන්න දෙයක් දන්නවනං කියන්න :)
     
    • Like
    Reactions: kinkon

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,167
    1,314
    113
    Gym yanna
    යනව. ගිහින් පැය තුන හතරක් යනකල් හොදයි. ඊට පස්සෙ ආපහු අර සීන් එක එනව.

    සමාජේ ගැවසියන්. සමහරවිට උබ comfort zone එකේ ඉන්න එකට ආස ඇති. challenging කරන්න කවුරුවත් නැති නිසා. ජොබ් එකක් කරනකොට හරියයි.
    වෙන්න පුලුවන්. ගමන් දෙක තුනක්ම දාගත්ත යාලුවො එක්ක. බලමු
    ------ Post added on Mar 14, 2023 at 8:55 AM
     

    V.I.P Bandara

    Member
    Apr 20, 2023
    2
    1
    3
    Doctor කෙනෙක්ට හරි psychiatrist කෙනෙක්ට හරි කියන්න. එතකොට එයා තීරණය කරයි මොකක්ද හේතුව, කරන්න ඕනෙ මොනවද කියලා. Gym එකට යන එකත් හොඳයි හැබැයි ගිහිල්ලත් අවුල තාම එහෙමම තියෙන නිසා psychiatrist කෙනෙක්ටම තමයි විසඳන්න පුළුවන්.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    මාත් ඔහොමයි 😐 ලෙඩක් නෙමෙයි වෙන්න ඇති නේද?? සෝශල් මීඩීයා යූස් කරන්නත් හිතෙන්නේ නෑනේද?
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,167
    1,314
    113
    Doctor කෙනෙක්ට හරි psychiatrist කෙනෙක්ට හරි කියන්න. එතකොට එයා තීරණය කරයි මොකක්ද හේතුව, කරන්න ඕනෙ මොනවද කියලා. Gym එකට යන එකත් හොඳයි හැබැයි ගිහිල්ලත් අවුල තාම එහෙමම තියෙන නිසා psychiatrist කෙනෙක්ටම තමයි විසඳන්න පුළුවන්.
    Thank you!
    මාත් ඔහොමයි 😐 ලෙඩක් නෙමෙයි වෙන්න ඇති නේද?? සෝශල් මීඩීයා යූස් කරන්නත් හිතෙන්නේ නෑනේද?
    මානසික ගැටලුවක්ද දන්නෙ නෑ. සෝශල් මීඩියා යන්න හිතෙන්නෙ නෑ තමා. ගියත් විනාඩි පහෙන් එපා වෙනව
     
    • Sad
    Reactions: AhhhCapaCapa