හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නඩුව කැඳවූ අවස්ථාවේදී නියමකර තිබේ.
2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි එම විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.
මෙම විත්තිකරුවන් ඇපමත මුදා හරින්නේ ද? නැද්ද? යන නියෝගය හෙට පස්වරු 2.00 ට ප්‍රකාශයට පත්කරන බව ද විනිසුරු මඩුල්ල විසින් නිවේදනයකර ඇත.
අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ, මෙම නඩුවට අදාළව විත්තිකරුවන්ට සහ අධිකරණයට භාරදීමට නියමිත ලේඛන අඩංගු වෙලුම් 900 ක් දැනටමත් අධිකරණය හමුවට ගෙනවිත් තිබෙන බවත් තවත් වෙළුම් දෙකක් පමණක් භාරදීමට නියමිතව තිබෙන බවත් සඳහන් කළාය.
ඉදිරිපත් කිරීමට නියමිත ඉතිරි ලේඛන අඩංගු වෙළුම් දෙක හෙට දහවල් 2.00ට පෙර අධිකරණය හමුවේ ගොනු කරන බවට පොරොන්දු වුවාය.