Highway බස් එකේ ගිහින් සර්විස් දුන් රෑ සමනලියට ස&#35

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Highway බස් එකේ ගිහින් සර්විස් දුන් රෑ සමනලියට ස&#35

    අපි මේ කතාකරන්නේ සමාජ සාධාරණත්වය ගැනය. ඒත් අපේ රටේ ගණිකා වෘත්තියේ යෙදී සිටින විශාල ප්‍රමාණයක් ඇත.ඒත් නීතියෙන් අපේ රටේ ගණිකා වෘත්තිය හෙවත් ලිංගික ශ්‍රමික සේවය තහනම්ය. මේ කියන විස්තරය අපි මැවූ කතාවක් නොව සත්‍යය සිදුවීමකි. ඒත් මේ කතාව මෙසේ ලියා තබන්නේ අපේ රටේ මෙවැනි පිරිසක් සිටින බවත්, ඔවුන් එසේ වී ඇත්තේ ඇයිද යන්න කතා කරන්නටය.

    ඇගේ ගම්පළාත් රත්නපුර කලවාන ය. කොළඹට එන්නේ 2014 අවුරුද්දේය. ඒ එනකොට වයස යන්තම් අවුරුදු 20 කි. ඇය එන්නේ රැකියා සම්මුඛ පරීක්ෂණයකටය. අලෙවිකරණ ප්‍රවර්ධන ආයතනයක ප්‍රවර්ධන නිලධාරිනියක් වන්නට එන ඇයට රූ සපුව හොඳින් තිබුණ නිසා රැකියාව ලබාදෙන්නට ආයතන ප්‍රධානියා කැමති වේ.

    “රස්සාව දෙන්නම්..හැබැයි ඉතින් targets achieve කලොත් තමයි හොඳ පඩියක් ලැබෙන්නේ..ඒකට ඉතින් හොඳ හොඳ කම්පැනි වලින් ඇඩ්ස් ගන්න වෙනවා..එකවුන්ට්ස් සෙට් කරගන්න වෙනවා“

    එදා ඉඳන් ඇය උත්සහ කලේ කලින් කියූ “හොඳ හොඳ එකවුන්ට්“ හොයාගන්නටය. බොහෝ ආයතනවලට අලෙවි ප්‍රවර්ධන යෝජනා අරගෙන යන විට ඒවායේ සිටින ටයි පොලු දැමූ ලොක්කන් සෙවල හිනාවක් දාගෙන කියන්නේ එකම කතාවකි.
    Read More http://struggle.lk/archives/408
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    “මාත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගිහින් අපි මේ ගැන කතාකරමු…ෂුවර් එකටම මම එකවුන්ට් එක සෙට් කරනවා..ඒ වගේම මම ඔයාලගේ කම්පැනි එකට ඔයාගේ සර්විස් හොඳටම හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා..ඔයා මොකද කියන්නේ..“

    මේ කාලකණ්ණි කතාව අහලාම ඇයට එපා වෙන්නට ඇත. ඒත් මාසේ අන්තිමට ගෙදරට යවන්නට කීයක්වත් නැතිව ලතැවෙන ඇගේ හිත එක් දිනක් මේ කාලකණ්ණි යෝජනාවට එකඟවන්නට තීරණය කලාය. ඒ නිකන් නොව හිත පුළුවන්තරම් දැඩි කරගෙනය.

    දවසක් පුරාවට මැදි වයසේ බඩතඩි බේබදු බිස්නස් කාරයෙක්ගේ ඇඟට යටවෙලා ඇගේ බඹසර ඇයව අතෑරලා ගියා. පස්සෙ දවසෙම කලින් කියපු විදිහටම ඇය ඉදිරිපත් කරපු අලෙවි ප්‍රවර්ධන යෝජනාව කියපු ගාණටම අනුමත වුණා. ඇයට ඒකෙන් සෑහෙන ප්‍රමාණයක කොමිස් එකකුත් ලැබුණා. ඊට අමතරව අර බිස්නස්කාරයාගෙන් අතටත් සල්ලි ලැබුණා. ඒත් එදා දවසම ඇය බෝඩිමට වෙලා ගතකලේ ඇඬු කඳුලෙන්, ඇයට තමන්ගේ පවුලේ එවුන්ගේ මූණු සැරින් සැරේ පෙනුනා. හරි අහිංසක විදිහට තමන් දිහා බලලා හිනාවෙන ඒ මිනිස්සුන්ගේ මූණු දකින් දකින වාරෙට ඇය කෑගහලා ඇඬුවා.

    ඇය තීරණය කලා රස්සාවෙන් අස්වෙන්න. අස්වෙලා තමන්ට කරදරයක් නැතිව කරගෙන යන්න පුළුවන් රස්සාව දවස පුරා හෙව්වා. පත්තර ගණනාවක් දවසට බැලුවා, ඒජන්සි ගණනාවකට කකුල් දෙක රිදෙනකල්ම දවස පුරා ඇවිද්දා. ඒත් මේ කාශ්ඨක කොළඹ ඇය කලින් කලාට වඩා නිදහස් රස්සාවක් හොයාගන්න පුළුවන් වුනේ නෑ.

    දවසින් දවස ඇගේ අතේ තිබුණ සල්ලි ඉවරවෙලා යද්දි හදිසියේම අර කලින් ඇයව ලිංගිකව පාවිච්චියට ගත්ත බඩතඩි බිස්නස්කාරයාගෙන් කෝල් එකක් ආවා. ආයේත් ඒ මිනිහට ඇගේ පහස ඕනවෙලා තිබුණා. ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයකට එදාම එන්න කියලා ඇයට කිව්වා. ඇය දෙවතාවක් නොහිතා ඒ ගමන යන්න තීරණය කලා. ඒ ඇගේ ඉරණම ඇයම තීරණය කරපු ගමනක්.

    හයිවේ බස් එකේ ගාල්ලට ගිහින් අර කියපු ප්‍රසිද්ධ හෝටලයේ දවසම ගතකරපු ඇගේ අතට මොණර කොල ගණනාවක් ලැබුණා. පැය ගණනට ඇයට අමුතුවෙන් නැතිවෙන්න දෙයක් තිබුණේ නෑ. ඒත් බඩතඩි බිස්නස්කාරයාට ඇගේ ඒ තරුණ රූ සපුවෙන්, නාඹර නිතඹ, පුන් පියවුරු, ගැමි පෙනුම හිතාගන්න බැරිතරම් ලොකු ඉල්ලම් වෙලා තිබුණා.

    ඊටත් පස්සේ දවසක අර බිස්නස්කාරයා එක්ක එකට අඩිපුඩි ගහන තවත් බිස්නස්කාර යාළුවෙක් ඇයට කෝල් කලා. බීලා විකාර කියවන වෙලාවක අර කලින් බිස්නස්කාරයාගෙන් දැනගත්ත තොරතුරකට ඇයව ගාල්ලේ තවත් තැනකට ගෙන්න ගෙන අර මිතුරු ව්‍යාපාරිකයා ඇය එක්ක රති සැප වින්ඳා. කලින් ගාණටත් වඩා හොඳ ගණනක් ඇයට එතනදි ලැබුණා.

    ඇය පූර්ණකාලීනවා ලිංගික ශ්‍රමික වෘත්තියට එහෙමත් නැත්නම් අපේ රටේ අමුවෙන් කියන ගණිකාවක් වෙන්න ඇයට සිද්ධවුණා. ඒත් කුඩයක් අතේ තියාගෙන ගහක් යටට වෙලා ඉන්න ගණිකාවක් වෙනවා වෙනුවට ඇය පොෂ් ගණිකාවක් වුනේ ඉහළම පැලැන්තියේ බිස්නස්කාරයන්ට. ඕනම කස්ටමර් කෙනෙක්ට ඇය ලබාගන්න ඕනනනම් පැය කීපයකට ලොකු ලොකු ගණන් ගෙවන්න වුණා. ඒ වගේම ගාල්ල ආසන්නයේ ලොකු හෝටලයකට එන්න සිද්ධවුණා. ඇය පුරුදු විදිහටම ගාල්ලට හයිවේ බස් එකේ ඇවිත් දවසේ පැය ගාණ හරියට බෙදාගෙන කස්ටමර්ස්ලා පස් හය දෙනෙක් එක්ක ඉඳලා ලක්ෂ ගණනක් බෑග් එකේ දාගෙන ගියා.

    ඇය ඒ වෙනකොට ඇන්ඳේ පැලැන්දෙත් නිලියක් වගේ. පාවිච්චි කරපු රූපලාවන්‍යා උපකරණ, ද්‍රව්‍ය මිල් ඉහළම ඒවා. ගියපු සැලූන් කොළඹ නගරයේ ඉහළම ඒවා. ඇයට ඇපොයින්මන්ට් එකක් දාන්න බිස්නස්කාරයෝ පොරකෑවා. ඒත් ඇය සතියට දිනයක් දෙකක් විතරයි මේ කෙරුවාව කලේ. ප්‍රසිද්ධ දේශපාලනඥයෝ පවා ඇයගේ පහසට ලොල්වුණා. ඇය හිතුවා තමන්ට කිසිවක් නැතිවෙන්නේ නැතිව ලක්ෂ ගණන් ලැබෙන එක තමන්ගේ ඉරණම නරකයි කියලා හිතුවට එහෙම අවුලක් නෑ කියලා.

    ඒත් ඒ ලක්ෂ ගණන් අතරේ දවසක් ඇයට හදිසියේම අසනීප වුණා. මුත්‍රා කරන්න බැරිව ගියා, මුත්‍රා පිටවෙද්දි පුදුම වේදනාවක් දැනුනා. ඇය හිතුවේ තඩි පිරිමි එක්ක පොර බැදපු ඇයට හර්නියා රෝගයවත් හැදීගෙන එනවද කියලා. පස්සේ දවස ගානේ බඩ රිදෙන්න ගත්තා, පස්සේ පැයෙන් පැය බඩරිදෙන්න ගත්තා. ඊටත් පස්සේ නිතරම ඒ කැක්කුමෙන් ඇය පීඩා වින්දා. ගාල්ලේ යන එක නතරකරපු ඇය කස්ටමර්ස්ලාගෙන් එන දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූයේ නෑ.

    මෙහෙම ඉන්නම බැරිතැන ඇය කාන්තා වෛද්‍යවරියක් හමුවෙන්න ගියා. රෝග ලක්ෂණ බලලා ස්කෑන් එකක් එහෙම කරපු ඩොක්ටර් ඇගෙන් ඇහුවේ “දැන් මට කියපු දේවල්වලට අමතරව මට නොකියපු ඇත්ත කියන්න කියලා“ ඇයට තේරුණා තමන් ලොකු අමාරුවක වැටිලා කියලා. ඇය අන්තිමට හැම විස්තරයක්ම වෛද්‍යවරියට කිව්වා.

    “ඔයාට ටිකක් දරුණු සමාජ රෝගයක් වැලඳිලා..මේක ඒඩ්ස් නෙවෙයි..මේක ගොනෝරියා ලක්ෂණ තියන ඊට වඩා බරපතල ලෙඩක්…වැඩිදුර ප්‍රතිකාර ගන්න රජයේ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේ ඩොක්ටර් කෙනෙක්ට දාන්න වෙනවා“ ඒත් ඇය එතනට යන්න බයවුණා. කොළඹ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ස්ත්‍රී රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා නැවතිලා ප්‍රතිකාර ගත්තා. රෝගයේ බරපතලකම නිසා ඇයට බොහොමයක් විදයම් කරලා බෙහෙත් ගන්න වුණා. අද වෙනකොට ඇයගේ තත්ත්වය යහපත්, ඒත් අද ඉන්නේ අවුරුදු 23 ක් වයස ඒත් පෙනුමෙන් අවුරුදු 60ක් විතර පෙනෙන දිරාගියපු පංචස්කන්දයක් විතරයි.

    එදා ඇය වෙනුවෙන් මොණර කොළ මිටි පිටින් ඇගේ දෙපා මුල තියපු, ඇගේ තන පටය දාරය අස්සෙන් පන්දාහේ කොළ ඇතුල් කරපු, ඇගේ යට ඇඳුමේ වාටියේ ඩොලර් කොළ එල්ලපු කවුරුත් අද ඇයව බලන්න නෑ. එදා ඇගේ රූ සපුවෙන් මත්වෙලා හිටපු අය අද ඇය දිහා කුණු මාළු කෑල්ලක් දිහා බලන තරම්වත් බලන්නේ නෑ. මෙන්න මේක තමයි ලෝක ස්වභාවය.

    අද ලංකාවේ ජීවත්වෙන ලිංගික ශ්‍රමිකයන්ගෙන් එහෙමත් නැත්නම් අපි අමුවෙන් කතාකරන ගණිකාවන් තුන් දෙනෙකුගෙන් එක්කෙනෙක්ට ජීවිතේ කවදාකම හරි කුමක් හෝ සමාජ රෝගයක් හැදිලා තියනවා. ඒක අපේ සමාජය නොදන්න කතාවක්. ඒ වගේම ඒක හරි බරපතල තත්ත්වයක්. සමාජ රෝග කියන්නේ නිකන් උණ හෙම්බිරිසාව වගේ නෙවෙයි. මේ කතාව ලියන එකේ අදහස වුනේ අන්න ඒක තේරුම් කරලා දෙන්නයි.

    ලේසි පහසු දේවල්වල කෙළවර තියෙන්නේ දරාගන්න බැරිතරම් වේදනාව සහ විඳවීමයි කියන අපිට තේරුම්ගන්න තව ගොඩක් කල් යාවි.
     
    • Like
    Reactions: Naradapathum

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කතාව මෙතන දාපන්. වෙන වෙන සයිට් වලට යන්න තරම් අමාරුවක් නෑ. ආ ... එකෙක් කතාව දාල. එල .
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    rassa na kiyana eka nam mama nam piliganne na :) oka wenne salli hoyana lesi deyak nisa witharai..... rassa nam hamathama minissu thama naththe.... foodcity hamadama ad danawa minissu hoyala :) eth oya rassa karana thana inna sewala yakkungen nam berenna mole poddak one :) salli na kiyala kakul deka ath karana eka neme wade :)
    mage vivechane kochchara sadaranda danne na mokada mata ohoma wela nathi nisa eth ikman salli nisa owa karanawa kiyalai mata hithenne :)
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය කතාවට අනුව මම කියන්නේ...

    ඔය කෙල්ලට ජොබ් එකේ ඉද්දී කස්ටමර් අල්ලගන්න බුදියගන්න එක අප්සට් ගිහින් ගණිකාවක් වෙන එක හොද වුනේ කොහොමද බන්...

    මොලේ තියන කෙල්ලෙක් නම් ජොබ් එකේ උඩට යන්න ඇග පාවිච්චි කරලා ගණිකාවත් තැනට පත්නොවී ඉන්න ඕනතරම් අවස්තාව තියනවා බන්...