මචං මුලින්ම කෙල්ලට කියපන් divorce වෙන්න කියලා උඹ ඒක කියනකොට එයාගෙ ක්ෂණික ප්‍රතිචාරය බලපන්. divorce එකට කැමති පැත්තට නම් ඉන්නේ සේරටම කලින් divorce 1 අරගෙන ඉන්න. divorce එකට එක අඩියක්වත් පස්සට තියනවා නම් අර උඹ් කියපු සේරම දේවල් කලා කියන එක ඇත්තටම බලහත්කාරයෙන්ම වුනාද කියන එක හිතන්න වෙනවා. අරූ ඒ දේ කරල තියෙන්නෙ බලහත්කාරයෙන් නම් තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ කියලා නෑ ඒක ස්ත්‍රි දූෂණයක් වෙනවා නේද මොකද දෙන්නා දිගටම අඹු සැමියන් ලෙස එකට ජීවත් වුනේ නැති නිසා. තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලනේ කියන්නෙ. හැඟීම් වලින් විතරක් තීරණ ගන්න හදන්න එපා. මචං ආදරය වෙනුවෙන් නොමිලේ කැපකිරීම් කරන එක කොල්ලෝ ගොඩක් වෙලාවට කරන මෝඩ වැඩක්. මම නොමිලේ කියල කිව්වේ තමන්ට ආදරයක් නැති කෙනෙක් වෙනුවෙන් කරන දේවල් වලට. කෙල්ල උඹට පණ වගේ ආදරේද කියන එක තේරුම් ගන්න එක උඹට බාරයි. ජීවිතේ පුරාවට, මැරෙන තුරාවට බලපාන තීරනයක් ගන්න කලින් දෙපාරක් නෙමේ දහපාරක්වත් හිතපන් කොල්ලෝ උබත් එක්ක අපිත් ඉන්නවා හදිස්සි වෙන්න එපා හැම පැත්තක් ගැනම හිතපන්.