HNB_ඩෙබිට්_කාඩ්_එක_පේපැල්_(paypal)_එක්ක use කරන ආකාරය

kwurohana

Member
Nov 23, 2012
158
1
0
කට්ටිය ගොඩක් දැන් HNB ඩෙබිට් කාඩ් එක පේපැල් එක්ක use කරන එක ගැන උනන්දු නිසා පොඩියට විස්තරයක් දාන්න හිතුන ඒ ගැන

මුලින්ම කියන්නේ HNB debit card එකක් ගන්න විදිය


ලගම තියන HNB branch එකකට ගිහින් කියන්න account එකක් open කරන්න ඕන කියල එහෙම කියනකොට අනිවා කියන්න ඩෙබිට් කාඩ් එකකුත් ඕන කියල එතකොට ඔයාලට ෆෝම් දෙකක් දෙනවා පුරවන්න ඒ දෙක පුරවල රු.2200 කින් පුළුවන් වැඩේ පටන් ගන්න. ඔතන රු. 2200 න් රු. 200 කාඩ් එකට කපාගන්නවා ඊට පස්සේ නම් කිසිම අමතර ගාස්තුවක් අය කරන්නේ නෑ. ATM එකෙන් සල්ලි ගන්නවානම් සාමාන්‍ය විදියට හැම බැංකුවකම අය කරන සම්මත ගාස්තු අය වෙනවා ඒත් අපි දැන් මේක පාවිච්චි කරන්නේ පේපැල් වලට නිසා අපිට එක අව්ලක් නෑ

දැන් කාඩ් එකට apply කරල ඉවරයි දවස් 10 ක් විතර යනකොට කාඩ් එකේ ATM pin නම්බර් එක ගෙදරට එනවා එතකොට කරන්න තියෙන්නේ ඒකත් අරගෙන ආයිත් බැංකුවට යන්න එතකොට ඔයාට ඔයාගේ HNB Debit card එක දෙනවා කාඩ් එක එතනම තියන ATM machine එකට දාල ඔයාට කැමති password එකක් දැම්මම කාඩ් එක active වෙනවා

ඊට පස්සේ කරන්න තියෙන්නේ කාඩ් එක පේපැල් වලට add කරන ඒකනේ ඊට කලින් කාඩ් සෙන්ටර් (0112671955) එකට call කරලා කියන්න online payments වලට කාඩ් එක active කරන්න කියලා එයාල එතකොට පොඩි ප්‍රශ්න ටිකක් අහනවා, කාඩ් නම්බර් එක, ජා.හැ අංකය සහ ඔයාල කාඩ් එකට apply කරනකොට තියෙනවා "Mother's Maiden Name" කියල පුරවන්න එකට දීපු උත්තරය අහනවා. මේවා අහන්නේ අපේම ආරක්ෂාවට මොකද කාඩ් එකේ අයිතිකාරයමද මේ කතා කරන්නේ කියල දැනගන්න ඕනනේ අනිත් එක තමයි ඔයාලට කොච්චර කලෙකටද කාඩ් එක online payments වලට active කරලා තියන්න ඕන කියල එයාලට කියන්න නැත්නම් සතියක් වගේ තමයි active වෙන්නේ. එච්චරයි දැන් ඔයාලගේ HNB card එක අන්තර්ජාලය තුල ගනුදෙනු කිරීම සදහා සුදානම්.

දැන් ඉතින් සාමාන්‍ය විදියට පේපැල් එකට කාඩ් එක add කරන්න. add කරන විදියේ කිසිම වෙනසක් නෑ සම්පත් වෙබ් කාඩ් එක වගේම තමයි. කාඩ් එක paypal වලට add කරාට පස්සේ 4 digit code එකක් ඉල්ලනවා ඒක දවස් 2 පස්සේ තමයි කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා දැනගන්න පුළුවන් වෙන්නේ. දවස් දෙකකින් කෝඩ් ඒක අහල ඒක පේපැල් වලට enter කරාම වැඩේ හරි දැන් ඔයාලට eBay , Buyincoins වගේ පේපැල් වලින් ගෙවීම් කරන ඕනෑම වෙබ් අඩවියකට ඔයාලගේ HNB account එකේ තියන සල්ලි වලින් ගෙවන්න පුළුවන්.

කොහොමද දැන් මේකේ balance ඒක බලන්නේ ? ලගම තියෙන ATM එකට ගිහින් කාඩ් ඒක දාල බලන්නත් පුළුවන් ඒත් ලේසිම විදිය තමයි internet baking account එකක් හදාගන්න එක කරන්න තියෙන්නේ බැංකුවට ගිහින් පොඩි ෆෝම් එකක් පුරවන එක විතරයි දවස් 12 වගේ යනකොට ගෙදරට එනවා login details. එහෙම හදාගත්තාම නෙට් එකෙන්ම නොමිලේ balance check කරන්න පුළුවන් එතකොට ඔයාල payment එකක් කරන්න කලින් balance එකයි payment එක කරාට පස්සේ balance එකයි බැලුවම හරියටම කියක් කැපිල තියෙනවද කියල බලාගන්න පුළුවන්නේ.

මේකේ $1 ට රු. 110.62 ගානක් තමයි කැපෙන්නේ
ඔයාලට හදිස්සියක් වුනොත් account එකේ තියෙනේ සල්ලි ATM එක හරහා අතට ගන්නත් පුළුවන්
තව ඔයාලගේ balance එකට සම්මත පොලි අනුපාත යටතේ පොඩි පොලියකුත් හැදෙනවා, අයෙත් සල්ලි දානකොට ඉතින් දන්නවනේ සාමාන්‍ය ගිණුමකට මුදල් දානවා වගේම බැංකුවට ගිහින් ගිණුම් අංකයට සල්ලි දාන්න තියෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද මේක අලුත් කරන්න කියල අමතර ගාස්තු අය කරන්නේ නෑ


සම්පත් වෙබ් කාඩ් එකට වඩා මේකේ තියෙනේ වාසි ගැන ඔයාලට තේරෙනවා ඇතිනේ වාසි ගොඩක් තියෙනවා වගේම පුංචි අවාසි 2, 3 කුත් තියෙනවා
ඒවා තමයි


4 Digit PayPal code එක අහගන්න දවස් 2 ක් යන එක.
මේක නම් බලපාන්නේ පලවෙනි වතාවට කාඩ් එක PayPal දාන කෙනෙකුට විතරයිනේ මාසෙන් මාසේ PayPal වලට කාඩ් එක දාන්නේ නෑනේ

ඔයාල eBay, buyincoins වගේ එකකින් Refund එකක් ගත්තොත් account balance එකට ඒක වැටෙන්න දවස් 7 යනවා
සාමාන්‍ය විදියට PayPal activity එකේ refund එක පෙන්නනවා ඒත් HNB account එකට එන්න තමයි දවස් 7 විතර යන්නේ මේකත් අව්ලක් නෑ මොකද හැමදාම refunds ගන්නේ නෑනේ අනිත් එක දවස් 7 ගියත් අනිවා refund එක එනවනේ

අනිත් එක තමයි Card center එකේ සහය ලබාගන්න පුළුවන් මම දන්නා විදියට bank working times වල විතරයි.




සම්පූර්ණ උපුටා ගැනීමකි. අස්සේ තිබ්බ නිසා ඈදල ගත්තා ප%හන තියේනං අහන්න
machan card eka online payment active karaganna ona samanyen kochchara kalekata wageda?????? paypal ekata salli genna gannakot card eka online active wela thiyenne onada??????? neththam card eka actve karaganna ona api mona hari payment ekak karanakota witharada..... plz help machan........
 

kwurohana

Member
Nov 23, 2012
158
1
0
paypal & HNB

machan card eka online payment active karaganna ona samanyen kochchara kalekata wageda?????? paypal ekata salli genna gannakot card eka online active wela thiyenne onada??????? neththam card eka actve karaganna ona api mona hari payment ekak karanakota witharada..... plz help machan........
 

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    machan card eka online payment active karaganna ona samanyen kochchara kalekata wageda?????? paypal ekata salli genna gannakot card eka online active wela thiyenne onada??????? neththam card eka actve karaganna ona api mona hari payment ekak karanakota witharada..... plz help machan........

    1. uba card HNB center ekata call karala kiyanna onea online payments active karanna kiyala.. kiypan card eka use karanakan online payments active karanna kiyala.. man ahema thama karea.. dan 2 years wenawa magea card ekata..

    2. paypal through karana oneama payment ekak karanaw onan online payments active karala tiyenna onea..

    uab hithana tharan othama loku scene eka nah machan card center ekata call krapan echarai..