Puzzle එකේ පලවෙනි stage එක ඉවර කරන්න නම්, හරි puzzle pieces වලට අඩිය තියන්න ඕන. එතකොට බිත්තියේ තියන රෑප (wall hangings) වල කවර් open වෙනවා. මේ puzzle pieces එකකට එකක් සම්බන්ද වෙන්නේ ඊජිප්තු දෙවිවරුන්ට අදාල වෙන විදියට (උදා. Bastet piece එකට අඩිය තියලා ඒක ඇක්ටිවේට් කරාට පස්සේ (රතු ලයිට් එකක් පත්තු වෙනවා) අනිත් ඒවාට අඩිය නොතිය කෙලින්ම බලලාගේ රෑපෙට අඩිය තියන්න ඕන. මොකද Bastet කියන ඊජිප්තු දෙවගනගේ අනික් ප්රතිරෑපය තමයි බලලා).
ඊගලට කරන්න තියෙන්නේ කැමරා එෆෙක්ට්ස් ඇඩ් කරන එක.
-------
සපෝට් එක දීලා රිප්ලයි කරන අයට ස්තූතියි.
("ඒවුනාට ගේම් හැදිල්ල අමාරුයි" කියලා රිප්ලයි කරන අයටත් ස්තූතියි. මොකද මේක hobby එකට කරන වැඩක් මිසක්, සල්ලි බලාගෙන කරන එකක් නෙවේ. අපි වගේ සුළු පරිමානෙන් කරන අයට, අවුරුදු ගානක් experience තියන ලෝකේ වටේ ඉන්න indie ගේම් ඩිවෙලොපර්ස්ලා එක්ක compete කරන්න බෑ ලේසියෙන්. සමාර විට මීට අවුරුදු 10කට විතර පස්සේ ඩීසන්ට් ගේම් එකක් හදන්න පුළුවන් වේවි (ඒ වෙනකොට ලංකාව කියලා රටක් තිබුනොත් මේ යන හැටියට).
Last edited: