මගේ ගාව ඇක්වා G ග්රේඩ් එකක් තියෙනවා. ඒක 2012 එකක්. දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. පෙට්රල් නං කොළඹ අවට 22-25 අතර වගේ කරනවා. දුර යද්දී 28 වගේ කරනවා. මනුස්සයෙක් වගේ ඩ්රයිව් කලොත් නං 31 යන්න පුළුවන්.හැබැයි ඕක ඇතුල නං වස කැතයි. ටිකක් බාල ප්ලස්ටික් ගොඩක්,සෙල්ලම් කාර් එකක් වගේ. ඇක්වා එකේ ඉස්සරහ නං එච්චරම අවුලක් නැති උනාට පිටි පස්සෙන් පෙනුමත් අජූතයි.
හොන්ඩා ෆිට් එකත් වස කැත වාහනයක්. පෙට්රල් වැඩ කරන්නේ 17 ක් වගේ. ඇක්වා එකට වඩා ෆිට් එක ටිකක් උසයි.
ඔය වාහන දෙකම ගන්න එපා. හයිබ්රිඩ් ගන්නම ඕනි නං ඇක්සියෝ හයිබ්රිඩ් එකක් ගන්න. මේ වාහන දෙක නං අවුල්.