Honda Hornet CB250F
ඔන්න අදත් බොහෝදෙනෙකුගේ ඉල්ලීම පරිදි තවත් අපි අතර ජනප්‍රිය ජපන් බයික් එකක වගතුග අරන් ආවා.
මම හිතන්නේ hornet කිව්වම ඉතින් ලංකාවේ ටිකක් හරි බයික් ගැන දන්නා පොඩි එකාගේ පටන් දන්නවා.

එක එතරමටම ජනප්‍රියයි.අර කතාවකුත් තියනවනේ ලංකාවේ තරම් Hornet ජපානේවත් නැතුව ඇති කියල..!

මම පළමු Honda Hornet යතුරු පැදියක් මිලට ගැනීමට පෙර ඒ පිළිබඳව ලිපි කොතෙක් සෙව්වද හමු නොවීය.එබැවින් මා සිතනවා මේ ලිපිය එවැනි සහෝදරයන්ට මහඟු අත්වැලක් වේවි කියලා.මවිසින් කලක පුරාවට රැස් කරගත් දැනුම ඔබට බෙදා දීමටයි මේ සුදානම් වෙන්නේ.ඉතින් එක හින්ද කියන්න වෙන්නේ ,
Honda Hornet CB250F Review - EXCLUSIVELY on elakiri.com කියලයි.
වැඩි කතා බහ ඕන නැහැ බහිමු වැඩේට.......!
නිෂ්පාදනය
Honda Motor Co., Ltd.
වෙබ් අඩවිය
www.honda.co.jp (Hornet නිෂ්පාදනය කලේ ජපානයේ පමණක් වන බැවිනි)
මාදිළිය
CB250F
කාණ්ඩය
Naked/Sports/Road
ධාරිතාව
250cc (249cc)
විස්තරය
“Hornet” හෙවත් බඹරෙකු ලෙස හැදින්වෙන මෙම ඉතා සිත්ගන්න සුළු යතුරුපැදිය අද වන විට ලංකාව තුල ඉතාමත් ජනප්‍රිය වුවද ජපානයේ අද මෙම මාදිළිය භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඒ වෙනුවට Hornet 600cc නවතම පැදියක් හදුන්වා දී ඇත.ඉතිහාසය තුල වැඩිම වාර්තාගත විකුණුම් පෙන්වූ මෙම Honda Hornet පැදිය 1996 දී නිෂ්පාදනයෙන් ඉවත් කරන ලද Honda Jade පැදියට පසුව එහි එන්ජිමෙහිද විවිධ වෙනස්කම් සිදුකර නවතම ආරකට නිෂ්පාදනය කිරීමට Honda ආයතනය සමත් වුනි.
මෙය රටවල් සීමිත ගණනකට පමණක් ගෙන්වූ අතර හොඳම පුහුණු පැදියක් (learners bike) ලෙසද ජනප්‍රිය වුනි.1996 විට අද වන විට 250cc, 600cc,900cc ලෙස එන්ජින් ධාරිතා 3 ක් මත ජපානයේදී නිෂ්පාදනය කරන ලද අතර වර්තමානයේ මෙහි 600cc වර්ගය පමණක් ජනප්‍රියව ඇති අතර එය 2007 දී නිෂ්පාදනය කල CBR600RR වර්ගයේ එන්ජිම විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය කොට (heavily modified) මෙම Honda CB600F නිෂ්පාදනය කරන ලදී. නමුත් මෙම Honda CB600F Hornet පැදිය බ්‍රසීලයේ මනවුස් (Manaus ) හි පිහිටි නිෂ්පාදනාගාරයේදී නිපද වුනි. අද වන විට CB4 Revo විසින් එදා Hornet සඳහා තිබුණු ස්ථානය අත්පත් කරගෙන ඇත.
ඉතිහාසය
1989 වර්ෂය පමණ වන විට ජපානයේ 400 cc යතුරු පැදි විසින් සන්තක කරගෙන තිබුණු (CB4 සඳහා Project Big 1 Research & Development කරන කාලේ) යතුරු පැදි වෙළඳපොල සඳහා නවතම යමක් එක කිරීමට අදහස් කල Honda සමාගම ඒ සඳහා එකල භාවිතයේ තිබු Honda Jade පැදියේ එන්ජිම සහ විවිධ කොටස්ද ආදේශ කරගෙන නවීන හැඩයකින් යුතු naked වර්ගයේ මධ්‍යම බල කාණ්ඩයට අයත් Honda Hornet නම් 250cc එන්ජින් ධාරිතාවයකින් යුතු යතුරු පැදියක් හඳුන්වා දුනි.
1996 වර්ෂයේදී පළමුවෙන්ම ජපානයේ හමාමත්සු (Hamamatsu) නිෂ්පාදනාගාරයේදී නිපදවන ලද මෙය 2006 වර්ෂය දකවා නිපදවුනි.ඉන්පසු 250cc කාණ්ඩයේ නිෂ්පාදන කටයුතු නවත්වන ලද අතර එහි වෙළඳපොල කොටස Honda VTR 250 මඟින් හිමි කරගන්නා ලදී.
Honda Hornet වර්ගයේ සියලුම කාණ්ඩ වල පැදි (250cc,600cc,900cc) Naked සංකල්පය මත නිපදවු අතර සියලුම ඒවා සිලින්ඩර 4 කින් යුතු විය. CBR250, Honda Jade 250 යන පැදි වල විවිධ කොටස් භාවිතයෙන් හා ඒවායේ දියුණුවේ ප්‍රතිපලයක් ලෙස Honda Hornet එළිදැක්වුනි.
1998 දී ජපානයෙන් පිටත වෙනත් රටකට හඳුන්වාදීමක් ලෙස එංගලන්තයට ප්‍රථම වරට මෙම වර්ගය හඳුන්වාදීමට Honda සමාගම කටයුතු යොදන ලදී.
Honda සමාගම Hornet හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වුනේ ,
• Naked යතුරුපැදි ධාවනයෙන් නවතම වින්දනයක් ලබාදීම
• පළල ටයර් සහිතව ආරක්‍ෂිතව හා ස්ථායි ධාවන හැකියාවක් ලබාදීම.
• හැකිතරම් එන්ජිමෙහි සහ පිටතට පැමිණෙන ශබ්දය අඩුකිරීම සහ එය ප්‍රසන්න කිරීමයි.
මේ 1995 දී මුලින්ම Hornet හඳුන්වාදීමේ උත්සවයකදී ප්‍රදර්ශනය කල ජායාරුපයි.
Hornet නාමය
Honda සමාගම විසින් මෙම යතුරු පැදියට විශේෂ නමක් ලෙස "බඹරා" යන නම හාවිතා කිරීමට හේතුව ලෙස ඔවුන් පහත කරුණු දක්වන ලදී,
• ඉතා හොඳ සමතුලිත භාවය.
• වාතය කපාගෙන යා හැකි පරිදි ප්‍රතිරෝධය අඩුවන ලෙස සැකසු නිමාව. (Aerodynamic)
• ඉහල බලයක් සහිතවීම සහ වැඩි වේගයක් ලබාගත හැකි වීම.
• ශබ්දයෙහි ඇති ප්‍රසන්න බව.
• ඉහළින බැලූ විට බඹරෙකුගෙ හැඩය දිස්වීම.
මාදිලි වර්ග ( Models by chassis)
චැසි 100
1996 ජනවාරි මස හඳුන්වාදුනි. මෙය Honda Hornet හි පළමු නිෂ්පාදනයයි.
චැසි 105
1996 ජුනි මස හඳුන්වාදුන් මෙම මාදිළිය ටිකක් විශේෂිතයි.මන්ද මෙහි විවිධාකාර අමතර අංගෝපාංග (inner mud guard, wide handle, rim paints ) සහිතව නිකුත් විය. පසුපස inner mud guard ඒ අතරින් එක් වූ විශේෂිත අංගයකි. ලංකාවට මේවා පැමිණෙන විට ඒ සියල්ලම සමග එකලස් වන්නේද නැත.
චැසි 110
1997 ජනවාරි මස නිෂ්පාදනය කල මෙහිද චැසි 100 මෙන් ලක්ෂණ පෙන්නුම් කරන ලදී.
චැසි 115
1998 සැප්තැම්බර් මස නිපද වූ මෙම මාදිළිය මදක් ඉහල දැක වූ මාදිලි වලට වඩා වෙනස් වුවකි.මෙහි helmat lock එකක් සහ foot rest එක සවිවන ඇලුමිනියම් පට්ටමෙහි කකුල ගැවෙන ස්ථානයට රබර් කෑල්ලක් සවිකර ඇත.
චැසි 120
1999 දෙසැම්බර් මස එළිදැක්වුණු අතර මේ දක්වා MC31 ලෙස නිපදවූ Hornet කාණ්ඩය BA-MC31 ලෙස වෙනස් කරන ලද අතර,චැසි 120 පසු පැමිණි සියලුම Hornet යතුරු පැදි Sensor Carb සහිතව නිපදවුනි.
චැසි 125
ඉහත සියලුම ලක්ෂණ ( චැසි 120) සහිතව 2000 දෙසැම්බර් මස මෙය එළිදක් වුනි. (Sensor Carb)
චැසි 130
Sensor Carb සහිතව ඉහත ලක්ෂණද ඇතිව 2003 මාර්තු මස නිපද වුනු මෙම මොඩලය ඉහත සියලුම මාදිලි වලට වැඩ ඉතා ස්වල්ප වශයෙන් දිගින් , පළලින්, සහ උසින් අඩුවෙයි.තවද ground clearance ද ඉතා ස්වල්ප වශයෙන් අඩුවෙයි.
චැසි 140
ඉහත චැසි 130 හි සියලුම ලක්ෂණද සහිතව Deluxe version එකක් ලෙස 2005 සැප්තැම්බර් මස නිපදවනු ලැබූ මෙය දෙසැම්බර් මස 28 වෙළඳපොළට නිකුත් කරන ලදී.මෙය වෙළඳ පොලට හඳුන්වා දෙනවිටදී වර්ග 03 ක් යටතේ එලි දක්වන ලදී. (Sensor Carb සහිතයි) (Crystal Lights)
•Standard
• Standard with Color Customization (මෙහිදී තමාට කැමති rim සහ body වර්ණයක් තෝරාගත හැක)
• Deluxe (Two tone paint එක සමඟ paint එකට අනුව rim stickers සමඟ නිකුත් විය)
මෙහිදී Body color 6 ක්ද, Rim color 2ක්ද වශයෙන් මිශ්‍රණ 12 ක් තෝරාගත හැකි වුනා. තවද චැසි 140 සහ 150 ඉදිරි පස fork leg කළු matte වර්ණයෙන්ද යුතු විය.
චැසි 150
මෙලොවට හඳුන්වා දුන් අවසාන 250cc කාණ්ඩයේ Hornet යතුරු පැදි මොඩලය වන මෙය 2006 දෙසැම්බර් මස වෙළඳ පොලට හඳුන්වාදුන් අතර Honda සමාගම 1996 සිට නිපදවූ Hornet 250cc නිපදවීම අවසන් කරන බව ප්‍රකාශයට පත් කෙරුණා.ඉහත චැසි 140 සියලුම ඇඟ වලින් යුතු මෙම මාදිලියෙන්ද වර්ග දෙකක් නිපදවන ලදී. (Sensor Carb සහිතයි)
• Standard
• Deluxe
Honda Hornet හි blueprint එක
එන්ජිම සහ ඉන්ධන පද්ධතිය
1986 දී නිපද වුනු CBR250F යතුරු පැදියෙහි එන්ජිමේ වැඩිදියුණු කිරීමක් ලෙස Honda Jade එන්ජිමද ,එහි වැඩිදියුණු කිරීමක් ලෙස Hornet හි එන්ජිම නිපද විය.Inline 4 හෙවත් එක පෙලට පිහිටි සිලින්ඩර 4 කින් යුතු DOHC (Dual Over Head Cam) තාක්ෂණයෙන් යුතු මෙය ද්‍රව සිසිලන පද්ධතියකින්ද යුතු වෙයි.
චැසි 120 සහ ඊට පසු පැමිණි සියලුම මාදිලි වල Sensor Carb පැමිණි අතර එමඟින් carb එකෙහි throttle position එක නිමානය කොට එය CDI එකට ලබාදීමෙන් එන්ජිමෙහි කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු කරයි.
Multiple wet clutch හෙවත් oil මත ගිල්වන ලද clutch ක්‍රමයක් මෙය සතු වන අතර ගියර 6 කින් යුතු පද්ධතියක්ද මෙම එන්ජිම සතු වෙයි.
2003 පසු පැමිණි මාදිලි වල Pulse Secondary Air Injection ලෙස නව තාක්ෂණයක් ඇතුලත් කල අතර එය මොටෝර් වාහන වල Turbo එකක් ක්‍රියාකරන ආකාරයට ක්‍රියා කරයි. (පිටාර වාතය නැවත ඉන්ධන පද්ධතියට ඇතුල් කිරීම)
තිරිංග
ඉදිරිපස 296mm ඩිස්ක් එකක් සමග Nissin ද්විත්ව පිස්ටන් සහිත තිරිංග කැලිපර් ද, පසුපස 220mm ඩිස්ක් එකක් එක පිස්ටනයක් සහිත Nissin කැලිපර් සහිත වෙයි.
දෙපසම ඩිස්ක් තිරිංග ඇති නිසා තිරිංග හැකියාව හොඳ මට්ටමක ඇත.
කම්පන නිවාරක (Shock-absorbers)
ඉදිරි පස fork leg පහලට සිටින පරිදි තිබෙන shock absorber සහිත fork දෙකක්ද, පසුපස mono-shock එකකින්ද යුතු වන අතර, එහි තද භාවය ඉහල ඇති ඇනයක් කරකැවීමෙන් සීරුමාරු කල හැකිවෙයි.
බොහෝ Hornet අයිතිකරුවන්ට හිසරදයක් වන ගැටළුවක් වන්නේ මෙම mono-shock එක නරක වීමයි. එය උඩ යට දමා නැවත සැදීම නිෂ්පල ක්‍රියාවක් බව මගේ මතයයි.
ධාවනය
760mm සහ 745mm (චැසි 130,140,150 = 745mm) වැනි උසක් සහිත වන නිසා සාමාන්‍ය උසක් සහිත පුද්ගලයෙකුට වුවද මෙය පහසුවෙන් ධාවනය කල හැකි වුවද, CB4, Jade, VTR තරම් පහසු ලෙස ධාවනය කල නොහැක. මන්ද CB4 සහ Jade හි seat height පහල වන අතර VTR එකද පුද්ගලයෙක් හිද ගත් විට තරමක් පහත් වෙයි. විශාල ප්‍රමාණයේ ටයර් නිසා balance හොඳ වුවත් ලිස්සන ගතිය නම් ටිකක් වැඩි වෙයි. එම නිසා ඔබ වේගයෙන් ධාවනය කරනවා නම් පරීක්ශාකාරී වන්න. ටයර් හොඳ තත්වයේ තබා ගැනීමටද වග බලා ගන්න.
තවද පිටුපස යන පුද්ගලයාට අල්ල ගැනීමට ඇති හැඩලය නිසා ඉදිරියට විසිවීමෙන් ආරක්ෂාකාරී විය හැක.
ඉදිරිපස අසුන මදක් හෝ සැප පහසු වුවත් පසු පස ආසනය නම් දිගු ගමනකට සුදුසු නොවෙයි.
ඉන්ධන කාර්යක්ෂමතාවය පිළිබඳව කතාකරනවානම් Honda සමාගම කියන්නේ 60km/h සමාන වේගයකින් 6 වන ගියරයේ ධාවනය කළහොත් උපරිම වශයෙන් ලීටරයකට 32km ක් ධාවනය කල හැකි බවයි.නමුත් දැනට මට ඇති අත්දැකීම් මත උපරිමව දිගු ගමන් වලදී ලීටරයකට 26 km ද, කෙටි හෝ නගරබද ධාවනයේදී ලීටරයකට 23km පමණද වන බවයි.
රාමුව
Diamond ක්‍රමයට නිපදවා ඇති frame එක තනි box type බාර් එකක් මඟින් සදා ඇත. එම නිසා මෙයට mono-backbone ලෙස හඳුන්වයි.
වෙනත්
දැනට සාමාන්‍ය මිලගණන් වලට ගත හැකි වඩාත් ජනප්‍රිය මාදිළිය වන්නේ චැසි 115 වේ. ශ්‍රී ලංකාව තුල විවිධ මිල ගනන් යටතේ Hornet මිලට ගත හැකි අතර එය රුපියල් 300000 සිට 600000 දක්වා පමණ වෙයි. විවිධ විවිධ අමතර අංගෝපාංග සහ ටයර් වල ස්වභාවය අනුවත් යතුරු පැදියේ තත්වය අනුවත් මෙම මිල ගනන් වෙනස් වෙයි. එම නිසා කරුණාකර Honda Hornet යතුරු පැදි මිලට ගන්න විට මදක් පරීක්ශාකාරී වන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
පිරිවිතරය
චැසි 100 සිට 115 දක්වා
Overall length ×width × height (m) -2.045 × 0.740 × 1.055
Wheelbase (m) -1.415
Minimum ground clearance (m) -0.170
Seat height (m) -0.760
Dry weight / Weight (kg) -166/149
Seating capacity (persons) -Two
fuel consumption rate @ constant speed of 60km/h -32.0 kmpl
Minimum turning radius (m) -2.6
Engine Model -MC14E (4 cylinder, 4-stroke water-cooled DOHC )
Total displacement (cm3) -249
Maximum output (PS / rpm) - 40/13, 000
Maximum torque (kgm / rpm) -2.4/11, 000
Carburetor Model -VP03
Starting method -Electric Self
Ignition device Type - Full-transistor battery ignition
Lubricating method - Force splash combined pumping
Lubricating oil capacity (L) - 2.7
Fuel tank capacity (L) - 16L
Clutch type - Wet multi-plate coil spring
Transmission format - Constant mesh 6-speed return
Changing the speed ratio-
1st:2.7332
2nd:2.000
3rd:1.590
4th:1.318
5th:1.111
6th:0.965
Tire Size
Front - 130/70ZR16
Rear - 180/55ZR17
Brake type
Front- 296mm single disk Hydraulic 2 pistons
Rear - 220mm single disk Hydraulic 1 piston
Suspension system
Front-Telescopic
Rear-Swing arm
Frame format- Diamond (Mono backbone)
චැසි 120 සිට 125 දක්වා ඉහත සියලුම අංග සහිතව VP05 හෙවත් sensor carb සහිතවේ
චැසි 130 සිට 150 දක්වා දිග-2.035m, පළල- 0.740m, උස -1.050 m ,wheel base- 1.410m, Ground clearance- 0.155m , seat height -0.745m ලෙස මදක් අඩුවී ඇති අතර චැසි 120 සිට 150 දක්වා මාදිලි වල බර dry/weight -168-151kg ලෙස මදක් වැඩිවී ඇත.
ජායාරුප
මේ තියන්නේ සුපිරි චැසි 150 ක්........
සුපිරි carbon fiber කෑන් දෙකක් සමග........
මේ තියන්නේ සුපිරි චැසි 115 ක් ......
ඔන්න වාසනාවන්ත කොල්ලෝ.......................
මේ කොල්ල නම් ඉතින් පරිසමාප්ත අර්ථයෙන්ම වාසනාවන්තයෙක්....

ලස්සන කෙල්ලෙකුත් සෙට් වෙලා, දෑවැද්දට එළකිරි Bike එකකුත් ලැබිල.....!

තව photos අවශ්‍ය නම්,
මේ තියන්නේ මට තිබ්බ Hornet එක. චැසි 105 ක්. සුපිරියටම තිබ්බා.නමුත් විකුනුවට පස්ස කෑවා කියලා තමයි ආරංචිය....
බොහෝදෙනාගේ ඉල්ලීම ඉටුවුවායයි සිතන අතර ඔබට Honda Hornet යතුරු පැදිය පිළිබඳව මනා දැනුමක් ලැබුනේ යයිද මම සිතමි.
ඉතින් සහෝදරයනි මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෝටර් සයිකල් පැද්දට කමක් නැහැ.කරන දෙයක් පරිස්සමෙන් කරන්න...!
ප:ලි:
කරුණාකර:
* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
* short ඇඳලා bike පදින්න එපා.
* ටයර් ගෙවිච්ච bike පදින්න එපා.
* Brake නැති bike පදින්න එපා.
* හෙල්මට් නැතුව bike පදින්න එපා.
*Jacket එකක් bike නැතුව පදින්න එපා.
*license නැතුව bike පදින්න එපා. (පොලිසියෙන් අල්ලයි)
මගේ වෙනත් ලිපි:
Honda VTR 250 Review
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ
ADB (Android Debug Bridge) පිළිබඳ

Last edited: