HORNET ගන්න හදිසි නම් වෙන්න එපා
හොද බයික් එකක්දැනගෙන ගත්තොත්
නොදැන මාරලායක් ගත්තොත් බැදපු ගැනියෙක් ලමයි එක්ක ගත්තා වගෙ වෙනො...
චැසි වලින් කියන්නෙ හදපු අවුරුද්ද
1996 සිට 2006 /07 වෙනකම්
චැසි අනුව සුලු වෙනස්කම් තියෙනවා පිට පෙනුමෙ...
චැසි 100 තමයි 1996 - එන්ගින් පෙන්ට් එක සිල්වර් පාටයි
105 -
110 - කලු අලු පාට හුරු එන්ජින් පෙන්ට් එක්ක් එන්නෙ
115 - හෙල්මට් ලොක් එකක් එනවා 115ට (සුදු මිටර් ඩයල්/ හීට් මිටර් එන්නෙ)
115න් පස්සෙ තමයි එන්නෙ TPS සෙන්සර් ( සෙන්සර් කාර්බ් කියන්නෙ අපෙ අය)
120 - සෙන්සර් කාර්බ් සහ 115 අයිටම් ටිකම එනවා/ ( කාර්බන් මීටර් ඩයල් එකක් එන්නෙ මෙතන ඉදන්/ පෙට්‍රල් මිටර් එකක් තියෙනව , හීට් මිටර් එක අයින් කරලා බල්බ් එක්ක් එන්නෙ)
125 - සෙන්සර් කාර්බ් (එම මීටර් එකමයි)
130 - සෙන්සර් කාර්බ් ( කහ පාට මොනො ශොක් එක/ කහපාට පල්ග් ටොප්)(එම මීටර් එකමයි(
140 - බැල්ක් මිටර් ඩයල් එකක් horent කියලා මිටර් එකෙ ගහලා තියෙනවා / රිම් එකෙ කානුවක් වගෙ තියෙනවා
150 - අන්තිම චැසිය 140 තියෙනවා වගෙමයි
------------------------------------
ලංකාවෙ ෆේමස්ම චැසිය 115
110 චැසි බයික් සැහෙන්න ගානක් 115 කරල තියෙන්නෙ අපෙ අයියලා
හොද මැකනික් කෙනෙක් එක්කන් යන්න
බජාජ් ගලවන එකෙක් නෙවෙ හොදෙ...
පෙන්ට් කරලා , ටයර් පොලිශ් කරලා බබා වගෙ තියලා තියාවි
අහු වෙන්න එපා
එන්ජින් තමයි පට්ටම වැදගත්
මොනො ශොක් එක ඔබලා බලන්න හොදට
උඩ ගහනවද කියලා
ගිය ගමන් එන්ජින් එකට අත තියලා බලන්න රත් වෙලාද කියල
(ලංකාවෙ අයියලා ටිකක් පැදලා තියන්නෙ එන්න කලින්)
එපාර ගෙදර ගෙනාවම ස්ටාර්ට් වෙන්නෙ නැ උදෙට ජල්තර
කූලන්ට් එහෙම ලීක් නම් සැහෙන්න සැලකිලිමත් වෙන්න
(බට දිරලා / ක්ලිප් එක තද කරාම හරි වගෙ ටොක්ස් දෙවි)
එන්ගින් එකෙ සද්දෙ හරිම ස්මුත් සද්ද්යක් එන්නෙ
ගල් මෝල් වගෙ එවා ඇති
අහු වෙන්න එපා...
RPM කට්ට පිස්සෙක් වගෙ උඩ පහලා යනවා නම් ගොඩක් වෙලාවට චයිනා මීටර්
(ඔරිගිනල් එකෙ ලස්සනට උඩට ගිහින් පහලට එනවා )
ඉස්සරහා ෆොර්ක් දෙක අල්ලලා බලන්න . මලකට පැල්ලම් එහෙම තියෙද කියලා
ඔබලා බලන්න ඔයිල් ගහනවද කියලා...
අනිවා චැසි / ඇන්ජින් අංක ඇද වෙලා උඩ පහල ගිහින් නම් ගන්න එපා කොටලා
(ඩුම් වාර්තා ගන්න ගියාම බයිලා එපාර)
බයි එකෙ පොත හොදටම බලන්න
එකෙ අංක එක්ක ගැලපෙනවද කියලා
ලක්ස 6ට
චැසි 140ක් 150ක්ට යන්න පුලුවන් වෙයි (අකුරු W, X,)
දැන් මාර්කෙට් නම් අව්ල්
ෆොර්ක් සීල් දාන්න පුලුවන්
මොනො ශොක් හදන්න පුලුවන්
චෙන් ස්ප්‍රොකට් දාන්න පුලුවන්
------------------------------------
කුරුනගල බයික් ගනන් නේද?
-----------------------------------
මෙ ඉතිං මං දන්න දෙවල් ...
(කටු කාලා ඉගෙනගත්ත එවා / බලලා ගනින් )
බයික් පදින කොල්ලෙක්ගෙන්ම ගන්න තමයි මම නම් කැමැති
සේල් කාරයො කිසිම සුවර් එකක් නැ
හම්ම්මේ. තව මුකුත් නෑ අයියේ මේ හොදටම ඇති. මච් ලව්
වාහන ගැන නම් දන්න පොරක්. ඒත් මේ විස්තර මට රත්තරන්

දැනගෙන ගත්තොත්

හොනට් කියන්නෙ පට්ටම බයික් එකක්.. 


