Honda Jade CB250F
පහුගිය දවස් වල වැඩත් එක්ක හිර වුනු නිසා පොරොන්දු වූ පරිදි නියමිත වෙලාවට Honda Jade පිළිබඳව Thread එකක් දාන්න හිටියත් එයට කාල වේලාව ලැබුනේ නැහැ. ඉතින් එය බලාපොරොත්තුවෙන් ඇඟිලි ගනිමින් සිටි සියලුම දෙනාගෙන මම සමාව ඉල්ලන අතර ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්ති වන්නේ.....
අද අපි කතා කරන්න යන්නේ තවත් ලංකාවේ ජනප්‍රිය 4-cylinder බයික් එකක් වන Honda Jade ගැනයි.
ඒත් එක්කම ඉතින් කියන්න ඕන ඉතින් මගේ 2000 post දැමීමේ ප්‍රීතියත් සැමරීමට සහ ඒ වෙනුවෙනුයි මෙම thread එක දැමීමට මම අදහස් කලේ......
නිෂ්පාදනය
Honda Motor Co., Ltd (Japan)
වෙබ් අඩවිය
www.honda.co.jp
මාදිලිය
CB250F
කාණ්ඩය
Naked/Sport/Road
ධාරිතාව
250cc (249cc)
විස්තරය
1987 – 1989 කාල සමයේදී ජපානයේ නිපදවුණු CBR250R සහ Yamaha FZR250 වැනි යතුරු පැදි ඉතාමත් ජනප්‍රිය වුනේ ඒවා 4 cylinder -4 stroke වන නිසා සහ High way වල ඉහල වේගයක් ඇත කර ගැනීමට හැකි වූ හෙයිනි.නමුත් පසු කාලීනව පහසුවෙන් භාවිතා කල හැකි තව දුරටත් Racing style එනම් Sports පමණක් වන යතුරු පැදි වෙනුවට එදිනෙදා භාවිතයටද බරින් අඩු සහ බලයෙන් වැඩි යතුරු පැදියක අවශ්‍යතාවක් පන නැගුනු නිසා ජපානයේ Honda සමාගම මෙම “Jade” යතුරු පැදිය නිපද විය.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සාමාන්‍ය මිල ගණන් වලට මිලදී ගත හැකි හොඳම සහ කල්පවත්මක් ඇති 4 cylinder යතුරු පැදියක් ලෙස Jade එක ඉතාමත් ජනප්‍රියව ඇත. රු 200000 පමණ සිට 280000 දක්වා පරාසයක් තුල මිලදී ගත හැකි මෙය Honda Hornet එකට වඩා බරින් සහ පළලින් අඩු වෙයි. එම නිසා පහසුවෙන් ධාවනය කල හැකි අතර දෙදෙනෙකුට වුවද කරදරයකින් තොරව දිගු ගමනක් වුවද යා හැකි වෙයි. මන්ද ශ්‍රී ලංකාව තුල ඇති යතුරු පැදි වලින් ඉතාමත් සැප පහසු යතුරු පැදි වන්නේද Jade සහ CB4 වේ.
ඉතිහාසය
1986 දී ආරම්භ වූ CBR250R යතුරු පැදි නිපදවීම 1990 දක්වා දිගටම සිදු කල අතර 1990 දී CBR250R හි අවසාන 4 cylinder මොඩලය වන Gullarm ලෙස අප හඳුන්වන Fireblade මොදලයෙන් පසුව අවසන් විය.ඉතින් මෙහි 4 cylinder එන්ජිමේ නව අත්දැකීමක් ලෙස එම එන්ජිමම යොදාගෙන Naked/Sports මොඩලයක් ලෙස Jade නිපද වුනි. පසු කාලීනව මෙමෙ එන්ජිමේ විවිධ වෙනස් කම් සිදු වුවද එහි මුලික දේවල් Hornet නිපදවීමෙදීද යොදා ගන්න ලදී.එනම් මෙම වර්තමාන 4 cylinder inline 4 එන්ජිම ප්‍රථමයෙන් CBR250R නිපදවීමේදී Honda සමාගම හඳුන්වාදුනි.
Honda සමාගම පවසන පරිදි ඔවුන් මෙමෙ Jade මොඩලය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වුයේ යතුරු පැදි වලට ලදී පුද්ගලයින් විසින් අපේක්ෂා කරන ප්‍රධාන කරුණු තුනක් ඉෂ්ට කරීමෙන් Naked මොඩලයක් වෙළඳ පොලට හඳුන්වා දීමයි.එම කරුණු තුන වන්නේ,
01. පැදවීම (Riding)
02. හැරවීම (Turning)
03. නැවත්වීම (Stopping)
ඉතාමත් පහසුවෙන් සහ ස්වභාවික ඉරියව් වලින් යුතුව යතුරු පැදියක් පැදවීම, හසුරවීම (හැරවීම), සහ කරදරයකින් තොරව නවත්වා ගැනීම යන කරු පාදක කොට ගෙන යතුරු පැදි නිපදවීම තුලින් මිනිසුන්ට හිතකර (people- friendly) යන සංකල්පය මත පිහිටා මෙම Jade මොඩලය නිපදවන ලදී.
1991 දී මුලින්ම වෙළඳපලට නිකුත් කරන ලද Honda Jade යතුරු පැදිය මාදිලි 3 කින් යුතු විය.ඒවා පිලිවෙලින් චැසි අනුව,
1991 - චැසි 100
1992 - චැසි 110
1993 - චැසි 120
මෙහි චැසි 120 ට අයත් යතුරු පැදි 1995 වන තෙක් නිපද වුනි. මන්ද ඒ වන විටත් Honda සමාගම Hornet නිපදවීමට පිඹුරුපත් සකසමින් සිටි බැවිනි.
මාදිලි වර්ග
සැ.යු. ශ්‍රීලංකාවේ බහුලවම සිදුවන්නේ චැසි 110 චැසි 120 කිරීමයි.එමනිසා එය වෙනකරගනීම ඉතාම අපහසු වෙයි.එය හදින ගැනීමට පුළුවන් වන්නේ චැසි - එන්ජින් number chart එක මඟින් පමණි.
Honda Jade හි කිසිම මාදිලියක Sensor carb පැමිණ නොමැත.
Honda Jade මාදිලියෙහි මුලික නිර්මාණ
Honda Jade හි කොටස්
(1) Easy to see two different diameter Meter Simple eye
(2) Function with large-diameter halogen headlights passing 60/55W
(3) Geometry that contains the body of the rudder steering feel natural response
(4) U-spoke aluminum wheels are 17 inches wide front and rear light
(5) Lightweight large diameter (296mm outer diameter, 267mm effective diameter) front disc brakes
(6) 100/80-17 52S tubeless tire
(7) Produce round pipe double cradle frame and supple feel, handling
(8) Claim the strength large diameter (34.0mm) stainless steel exhaust pipes and mufflers over the buff
(9) 4-stroke liquid-cooled DOHC · 4-cylinder engine can enjoy natural flavors powerful driving
(10) Reconciling the bank angle step height and form a natural riding
(11) Location-type rear shocks exert a supple ride
(12) Center stand for easy maintenance
(13) Wide 140/70-17 66S tubeless
(14) Rear disc brake is easy to control
(15) 4-point hanging on hooks for easy loading of luggage
(16) Rear cargo carrier that combines the simplicity of design and may (optional)
(17) Double-wide seat for more comfortable riding tandem
(18) Get a handle on your hands to sit the extended position, seat height of 780mm and grip around the knee to produce a natural riding position with no sense of shoe None
(19) Steering angle is also wider to allow easy access and maneuverability U-turn (38 ° per side) with the pipe equation semi-Up Handle
(20) Adjustable front brake lever can be adjusted to fit the size of the hand
(මෙහි ජපන් පරිවර්තනය එලෙසම පවතින හෙයින් කියවා ගැනීමෙහි අපහසුතා පැන නැගිය හැකියි.)
එන්ජිම සහ ඉන්ධන පද්ධතිය
1986 දී නිපද වුනු CBR250F සහ පසුව පැමිණි CBR250R යතුරු පැදියෙහි එන්ජිමේ වැඩිදියුණු කිරීමක් ලෙස Honda Jade එන්ජිම නිපද විය.Inline 4 හෙවත් එක පෙලට පිහිටි සිලින්ඩර 4 කින් යුතු DOHC (Dual Over Head Cam) තාක්ෂණයෙන් යුතු මෙය ද්‍රව සිසිලන පද්ධතියකින්ද යුතු වෙයි.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙහි timing chain නොමැති වීමයි.ඒ වෙනුවට timing wheel ඇත.එයත් යම් ආකාරයකින් වාසිදායක විය හැකියි.
Mechanical carb එකකින් යුතු මෙහි Sensor නොමැත.
Multiple wet clutch හෙවත් oil මත ගිල්වන ලද clutch ක්‍රමයක් මෙය සතු වන අතර ගියර 6 කින් යුතු පද්ධතියක්ද මෙම එන්ජිම සතු වෙයි.
තිරිංග
ඉදිරිපස 296mm ඩිස්ක් එකක් සමග Nissin ද්විත්ව පිස්ටන් සහිත තිරිංග කැලිපර් ද, පසුපස 220mm ඩිස්ක් එකක් එක පිස්ටනයක් සහිත Nissin කැලිපර් සහිත වෙයි.
දෙපසම ඩිස්ක් තිරිංග ඇති නිසා තිරිංග හැකියාව හොඳ මට්ටමක ඇත.
කම්පන නිවාරක (Shock-absorbers)
ඉදිරි පස fork leg පහලට සිටින පරිදි තිබෙන shock absorber සහිත fork දෙකක්ද, පසුපස mono-shock එකකින්ද යුතු වන අතර, එහි තද භාවය ඉහල ඇති ඇනයක් කරකැවීමෙන් සීරුමාරු කල හැකිවෙයි.
බොහෝ Hornet අයිතිකරුවන්ට හිසරදයක් වන ගැටළුවක් වන්නේ මෙම mono-shock එක නරක වීමයි. එය උඩ යට දමා නැවත සැදීම නිෂ්පල ක්‍රියාවක් බව මගේ මතයයි.
මෙහි mono-shock එක Hornet එකට වඩා කොට වන අතර එය CBR250R එකෙහි mono-shock එක මෙන් නිපදවා ඇත.
ධාවනය
780mm ආසන උසකින් යුතු වන නිසා මදක් මිටි තැනැත්තෙකුට වුවද පහසුවෙන් මෙම යතුරු පැදිය ධාවනය කල හැකි අතර CD125 මෙන් පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ධාවනය කල හැකි යතුරු පැදියක් ලෙස හැදින්විය හැකිය.ඉදිරිපස සහ පිටුපස ආසන ගනකම කුෂන් යොදා නිපදවා ඇති නිසා දිගු ගමනකට වුවද සුදුසු වෙයි.
ඉදිරිපස සහ පසුපස ටයර වැඩිමනක් පළල නොවන නිසා හොදින් පෙට්‍රල් කරන අතර සාමාන්යෙන් ලීටරයකට 25-28km පමණ ධාවනය කල හැකි වෙයි.
රාමුව
Honda Jade හි මම දකින එක් ප්‍රධාන දුර්වලතාවයකි මෙහි රාමුව. Double bar පයිප්ප බට යොදාගෙන නිපදව ඇති මෙම රාමුව ඔවුන් ශක්තිමත් යයි පැවසුවද සාමාන්‍ය අනතුරකදී වුවත් ඇදවීමට තිබෙන ප්‍රවනතාව ඉතා ඉහල වෙයි. අනිත් දෙය නම් මෙහි අතර මැද joints තිබීමයි. මන්ද පොදුවේ යතුරුපැදි නිපද වන්නන්ගේ මතය වන්නේ කිසිම අවස්තාවකදී රාමුව හානි වීම අවම වන පරිදි නිපද විය යුතු බවයි.
මුලිකව පැනනගින ගැටළු.
පිරිවිතරය
ජයාරූප
ඉතින් මා ප්‍රිය සහෝදරවරුනි, මම හිතන ඔබ ඉහත ලිපියෙන් Honda Jade යතුරු පැදිය පිළිබඳව යම්කිසි දැනුමක් ලබන්නට ඇති කියා.ඔබටත් ඒ පිළිබඳව යමක කියන්නට ඇත්නම් එය පැවසීම මගේ උත්ස්සාහය ඇගයීමක් ලෙම මම සලකනවා.

මගේ වෙනත් ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ
ADB (Android Debug Bridge) පිළිබඳ
Whatz your Android Apps list...?

- චැසි 100
1991 දී හඳුන්වා දුන් අතර මෙය මීටර් දෙකකින් යුතු වන අතර Speedometer එක RPM මීටරයට වඩා වැඩි අරයකින් යුතු වන අතර කලුපාට ප්ලාස්ටික් වලින් කවරය නිපදවා ඇත. තවද එන්ජිමේ දකුණු පස Clutch Housing (දකුණු පැත්තේ පලුව) ඉදිරිපස ඇලුමිනියම් වලින් සකසන ලද රවුම් කොටසද නැත (මෙය 110 සහ 120 එන්ජිමේ තිබිය යුතුයි).තනිකරම පළුව පමණක් ඇත.මෙහි බ්රේක් කලිපර් gold වර්ණ වේ.
නියම චැසි 100 ක් අනිවාර්යෙන් Signal lights කළු පැහැයට හුරු තැඹිලි වර්ණයකින් යුතු වෙයි (Smoked orange).
- චැසි 110
1992 දී හඳුන්වාදුන් මෙය Honda Hornet එකේ මෙන් එක සමාන පළලකින් යුතු මීටර් දෙකකින් යුතු වන අතර එහි කවරය nickel වෙයි.තවද මෙම මාදිලියේදී පමණක් Two –Tone paint දැකිය හැක.චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත.තවද rims එකම වර්ණයකින් යුතු විය. තවද එන්ජිමේ දකුණු පස Clutch Housing (දකුණු පැත්තේ පලුව) ඉදිරිපස ඇලුමිනියම් වලින් සකසන ලද රවුම් කොටසද ඇත. On-light වෙයි. මෙහි බ්රේක් කලිපර් කළු වර්ණ වේ.Head top cover සහ වම් පස coil එකේ cover එක nickel plated වේ
- චැසි 120
1993 දී හඳුන්වා දුන් මෙම මාදිලිය Honda Hornet එකේ මෙන් එක සමාන පළලකින් යුතු මීටර් දෙකකින් යුතු වන අතර එහි කවරය nickel වෙයි. චැසි 120 අනිවාර්යෙන්ම තනි වර්ණයකින් යුතු වෙයි.ශ්‍රී ලංකාව තුල two tone paint එකක් ඇති Jade එකක් නම් එය චැසි 120 ලෙස හඳුන්වයි. නමුත් ජපානයේ officially two-tone චැසි 120 නිකුත්ව නොමැත. තවද rims වර්ණ 2 කින් යුතු විය. තවද එන්ජිමේ දකුණු පස Clutch Housing (දකුණු පැත්තේ පලුව) ඉදිරිපස ඇලුමිනියම් වලින් සකසන ලද රවුම් කොටසද ඇත. On-light වෙයි. මෙහි බ්රේක් කලිපර් කළු වර්ණ වේ.Head top cover සහ වම් පස coil එකේ cover එක nickel plated වේ
සැ.යු. ශ්‍රීලංකාවේ බහුලවම සිදුවන්නේ චැසි 110 චැසි 120 කිරීමයි.එමනිසා එය වෙනකරගනීම ඉතාම අපහසු වෙයි.එය හදින ගැනීමට පුළුවන් වන්නේ චැසි - එන්ජින් number chart එක මඟින් පමණි.
Honda Jade හි කිසිම මාදිලියක Sensor carb පැමිණ නොමැත.
Honda Jade මාදිලියෙහි මුලික නිර්මාණ
Honda Jade හි කොටස්
(1) Easy to see two different diameter Meter Simple eye
(2) Function with large-diameter halogen headlights passing 60/55W
(3) Geometry that contains the body of the rudder steering feel natural response
(4) U-spoke aluminum wheels are 17 inches wide front and rear light
(5) Lightweight large diameter (296mm outer diameter, 267mm effective diameter) front disc brakes
(6) 100/80-17 52S tubeless tire
(7) Produce round pipe double cradle frame and supple feel, handling
(8) Claim the strength large diameter (34.0mm) stainless steel exhaust pipes and mufflers over the buff
(9) 4-stroke liquid-cooled DOHC · 4-cylinder engine can enjoy natural flavors powerful driving
(10) Reconciling the bank angle step height and form a natural riding
(11) Location-type rear shocks exert a supple ride
(12) Center stand for easy maintenance
(13) Wide 140/70-17 66S tubeless
(14) Rear disc brake is easy to control
(15) 4-point hanging on hooks for easy loading of luggage
(16) Rear cargo carrier that combines the simplicity of design and may (optional)
(17) Double-wide seat for more comfortable riding tandem
(18) Get a handle on your hands to sit the extended position, seat height of 780mm and grip around the knee to produce a natural riding position with no sense of shoe None
(19) Steering angle is also wider to allow easy access and maneuverability U-turn (38 ° per side) with the pipe equation semi-Up Handle
(20) Adjustable front brake lever can be adjusted to fit the size of the hand
(මෙහි ජපන් පරිවර්තනය එලෙසම පවතින හෙයින් කියවා ගැනීමෙහි අපහසුතා පැන නැගිය හැකියි.)
එන්ජිම සහ ඉන්ධන පද්ධතිය
1986 දී නිපද වුනු CBR250F සහ පසුව පැමිණි CBR250R යතුරු පැදියෙහි එන්ජිමේ වැඩිදියුණු කිරීමක් ලෙස Honda Jade එන්ජිම නිපද විය.Inline 4 හෙවත් එක පෙලට පිහිටි සිලින්ඩර 4 කින් යුතු DOHC (Dual Over Head Cam) තාක්ෂණයෙන් යුතු මෙය ද්‍රව සිසිලන පද්ධතියකින්ද යුතු වෙයි.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙහි timing chain නොමැති වීමයි.ඒ වෙනුවට timing wheel ඇත.එයත් යම් ආකාරයකින් වාසිදායක විය හැකියි.
Mechanical carb එකකින් යුතු මෙහි Sensor නොමැත.
Multiple wet clutch හෙවත් oil මත ගිල්වන ලද clutch ක්‍රමයක් මෙය සතු වන අතර ගියර 6 කින් යුතු පද්ධතියක්ද මෙම එන්ජිම සතු වෙයි.
තිරිංග
ඉදිරිපස 296mm ඩිස්ක් එකක් සමග Nissin ද්විත්ව පිස්ටන් සහිත තිරිංග කැලිපර් ද, පසුපස 220mm ඩිස්ක් එකක් එක පිස්ටනයක් සහිත Nissin කැලිපර් සහිත වෙයි.
දෙපසම ඩිස්ක් තිරිංග ඇති නිසා තිරිංග හැකියාව හොඳ මට්ටමක ඇත.
කම්පන නිවාරක (Shock-absorbers)
ඉදිරි පස fork leg පහලට සිටින පරිදි තිබෙන shock absorber සහිත fork දෙකක්ද, පසුපස mono-shock එකකින්ද යුතු වන අතර, එහි තද භාවය ඉහල ඇති ඇනයක් කරකැවීමෙන් සීරුමාරු කල හැකිවෙයි.
බොහෝ Hornet අයිතිකරුවන්ට හිසරදයක් වන ගැටළුවක් වන්නේ මෙම mono-shock එක නරක වීමයි. එය උඩ යට දමා නැවත සැදීම නිෂ්පල ක්‍රියාවක් බව මගේ මතයයි.
මෙහි mono-shock එක Hornet එකට වඩා කොට වන අතර එය CBR250R එකෙහි mono-shock එක මෙන් නිපදවා ඇත.
ධාවනය
780mm ආසන උසකින් යුතු වන නිසා මදක් මිටි තැනැත්තෙකුට වුවද පහසුවෙන් මෙම යතුරු පැදිය ධාවනය කල හැකි අතර CD125 මෙන් පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ධාවනය කල හැකි යතුරු පැදියක් ලෙස හැදින්විය හැකිය.ඉදිරිපස සහ පිටුපස ආසන ගනකම කුෂන් යොදා නිපදවා ඇති නිසා දිගු ගමනකට වුවද සුදුසු වෙයි.
ඉදිරිපස සහ පසුපස ටයර වැඩිමනක් පළල නොවන නිසා හොදින් පෙට්‍රල් කරන අතර සාමාන්යෙන් ලීටරයකට 25-28km පමණ ධාවනය කල හැකි වෙයි.
රාමුව
Honda Jade හි මම දකින එක් ප්‍රධාන දුර්වලතාවයකි මෙහි රාමුව. Double bar පයිප්ප බට යොදාගෙන නිපදව ඇති මෙම රාමුව ඔවුන් ශක්තිමත් යයි පැවසුවද සාමාන්‍ය අනතුරකදී වුවත් ඇදවීමට තිබෙන ප්‍රවනතාව ඉතා ඉහල වෙයි. අනිත් දෙය නම් මෙහි අතර මැද joints තිබීමයි. මන්ද පොදුවේ යතුරුපැදි නිපද වන්නන්ගේ මතය වන්නේ කිසිම අවස්තාවකදී රාමුව හානි වීම අවම වන පරිදි නිපද විය යුතු බවයි.
මුලිකව පැනනගින ගැටළු.
- Mono-shock එක කල ගතවන විට විනාශව යාම.
- Regulator එක පිළිස්සීම (අනිවාර්යෙන් japanese original එකක් දැමිය යුතුයි).
- Carb එකේ විවිධ ගැටළු පන නැගීම (දන්න කෙනෙක් ලවා පරීක්ශාකරගන්න)
- මීටරයේ ඩයල් fade වීම.

Last edited: