Honda XR250 Part 2

speedmalli

Well-known member
  • Nov 22, 2011
    13,003
    673
    113
    Auckland
    අද ඉතුරු ටික. අනික් බයික් වගේ එක පාරින් කියල ඉවර කරන්න අමාරුයි XR ගැන. 100 ඉදන් 200 වෙනකම් චැසි නම්බර් ආව වෙන එක හොන්ඩා බයික් එකක්වත් මම දන්නෙ නෑ XR ඇරෙන්න. ඒ නිසා 1 ත්‍රෙඩ් එකකින් ඔක්කොම දාන්න ගියොත් මොලෙ විකල් වෙයි.

    ඔන්න එහෙනම් පටන් ගමු.

    Honda_XR250_R_02_1.jpg



    කලින් ත්‍රෙඩ් එකෙන් 100-160 වෙනකන් ආපු බයික් සිරීස් එක ගැන දැම්මනෙ.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=20394758#post20394758

    ඊට පස්සෙ 170 ඉදන් ආව බයික් වෙනස්කම් කීපයක් උනා. කලින් තිබ්බ සාමාන්‍ය ෆෝක් 2 වෙනුවට ඉන්වර්ටඩ් ෆෝක් 2ක් එක්ක ආව. ටැන්කියේ ප්ලාස්ටික් ෆෙන්ඩර් 2කුත් තියනව. ඒ වගේම තමා 170 ඉදන් Denso digital cdi එකක් තමා එන්නෙ. මේ නිසා වැඩි ජවයක් තියනව. ඉස්සර තිබ්බ ඩිජිටල් මීටරේ වෙනුවට කටු මීටරයක් තියනව
    ලන්කාවෙ තියන දුර්මතයක් තමා සුපර්මොටො බයික් ආවෙ 180 ඉදන් කියල. මේව පතුරුවලා තියෙන්නෙ සමහර ජල්තර බයික් බිස්නස් කාරයො තමා. මොකද ලන්කාවෙ තියන බහුතරයක් 180 කියල විකුනන XR ඇත්තටම 170-174 අතර බයික් වෙනස් කරල තියෙන්නෙ. මගෙ යලුවෙක් ලග තිබුන එකක් ඇත්තටම බලනකොට 150 ආව එකක් 180 කරල :dull::no:. ඒක විශ්වාසවන්තයි කියල කියන පොරක්ගෙන්මයි ගත්තෙ. නමුත් ඕක තමා ඇත්ත තත්වය. :growl:

    170-174 සහ 180 කියන කාන්ඩ 2කම බයික් 99% වගේ එක සමානයි, ඉතින් XR වලත් අර හෝනට් 115 වගේ ජපානෙ හැදුවටත් වඩා 180 බයික් ලන්කාවෙ තියනව. :lol:

    ඉතින් තටු මොඩල් එකක් ගන්නව නම් සැලකිලිමත් වෙලා ගන්න. :yes:

    BAJA වලත් මේ වගේ ප්‍රශ්න තියනව. ඒ ගැන මම වැඩිය කතා කරන්නෙ නෑ මගේ කලින් 100-160 ත්‍රෙඩ් එක හොද බැලුවොත් අදහසක් ගන්න පුලුවන් වෙයි :)


    ඒ වගේම 190-200 කියන බයික් 2ත් 90%ක් එක වගේ. මේකට එන්නෙ හෙඩ්ලයිට් CRF වගේ. ඒවගේම සයිඩ් කවර 2 ටිකක් පොඩීවට තියෙන්නෙ. ඒ වගේම 200 මාදිලියෙ ටැන්කි මුඩිය නිකල් පාටින් තියනව. සමහර වෙලාවට මේ මුඩියෙන් කියන්න අමාරුයි මොකද මොඩිෆයි ටැන්කියක් තියනව නම් මුඩිය වෙනස් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ CRF WR250F වල වගේ ප්ලස්ටික් මුඩිය තියෙන්න පුලුවන්. ඉතාමත් කලාතුරකින් මේ වගේ මොඩිෆයි බයික් තියනව. :yes:
    :cool:

    image.jpg


    XR BAJA 170-174

    xr250baja.jpg


    XR BAJA 170-174 මේ බයික් එක ගැන වෙනම කතා කරන්න ඕනෙ, තනි කලු පාටින් ආව මේ මොඩල් එක පොඩි වෙනස්කම් කීපයක් තියනව. අලුත් තටු මොඩල් එක පටන් ගත්තත් මේක එක පාරටම නවැත්තුවෙ නෑ. නමුත් මේකට ඉන්වර්ට් ෆෝක් 2ක් නැති නිසා තතු මොඩල් එක තරම් සැප පහසු නැත. මොන හේතුවකට මේ බයික් එක පරන ෆෝක් සමග ආවද දන්නෙ නැත :confused::eek:

    XR250 Supermoto

    2030418.jpg


    ඇත්තටම සුපර්මොටෝ කියන්නෙ ලන්කාවෙ ජනප්‍රිය බයික් මාදිලියක්. ජපානෙ මේක ජනප්‍රිය උනේ එන්ඩුරො බයික් පදින්න උස මදි අයට පහසු නිසා.

    XR250 Chassis numbers

    Chassis number MD30 170 Engine number 420
    Chassis number MD30 171 Engine number 421
    Chassis number MD30 172 Engine number 422
    Chassis number MD30 173 Engine number 423
    Chassis number MD30 174 Engine number 424

    Chassis number MD30 180 Engine number 424 only XR2505J model

    Chassis number MD30 180 Engine number 430

    Chassis number MD30 190 Engine number 440
    Chassis number MD30 200 Engine number 440