HondaMPLG ගේ සමුගැනීම

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේ ලෝකේ හරි නපුරුයි බං.
    ඒ නිසා උඩ ඉන්න දෙවියෝ හොද මිනිස්සුන්ව එයාගෙ ලගට ගන්නවා
    ඇත්තටම නිශාන්ත අයියලා මේ ලෝකේ ඉන්න නුසුදුසු අය.
    මේ ලෝකෙ දැන් ඉන්නේ පිරිහිච්ච අපි වගේ උන්.
    ඒ හින්දා වෙන්න ඇති බං මෙහෙම වුනේ.
    මම අදහන ජේසුස් වහන්සේ එක තැනක කිව්වා මචංලා ආපහු දවසක වෘකයන්ගේ බැටළුවන් වෙන් කරනවා කියලා.
    ඉතිං
    ජේසු ඒක කලා. වෘකයන්ගෙන් බැටළුවා වෙන් කලා.
    නිශාන්ත අයියේ.
    උඹ බය නැතුව පලයං.
    අපි, උඹ ආදරය කරපු හැමෝවමව උඹ බලාගත්තා වගේ බලාගන්නම්.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම මෙච්චර වුනත් බං නිශාන්ත අයියා එක්ක එලකිරි එකේ වචනයක් දෙකක්වත් කතා කරලා නෑ.
    මතක විහිදහට ත්‍රෙඩ් දෙක තුනක රිප්ලයි කලා.
    ඒත් එයා මැරිලා කිව්වාම හිතට පුදුම දුකක් ආවේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Gmaduranga
    උබට ගොඩක් ස්තූතියි නිශාන්ත අයියගේ මරණය අපිට දැනුම් දුන්න එකට.
    විශේෂයෙන්ම යන අයට ලිපිනය එහෙම දුන්නට ගොඩක් ස්තූතියි
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    ඔබට සුභ ගමන් මිත්‍රයා....
    ජීවිතේ අපිට වඩා තේරුම් ගත්ත කෙනෙක්..
    කුසල් දහම් වඩ වඩාත් කල හැකි ආත්මයක් ලැබේවි..:yes:
    නිවන් සුව දුරනෑ ......:yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    කෑගහල නො ඇඬුවට හිතට දැනෙන්නේ එකම දුක.. :(:(:(:(:(:(:(:(
    පුලුවන් නම් මේ කරන් ගියපු එක දෙයක් හරි දිගට කරන් යමු..
    අඩුම ගානේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ත්‍රෙඩ් හැකිතාක් අපි කිරිය තුළ පතුරවමු..
    හොන්ඩා MPLG හැම විටම උත්සාහ ගත්තේ එවැන්නකට..
    එළකිරිය ජීවිතය හා සමීපකර ගත් තවත් හොන්ඩා MPLG ලා හමුවෙන තෙක් අපි ඇදන් යමු...

    (අධ්‍යාපනික වටිනාකමක් තිබුණ ත්‍රෙඩ් පළ කරපු දැන් වැඩේ අත ඇරල තියෙන අපේ සහෝදරයන් වෙත කෙරෙන ඉල්ලීමකි... හොන්ඩා වැඩේ අත ඇරියේ නෑ අන්තිම මොහොත වෙනකන් ම....ඉතින් ඇයි අපිට බැරි...)

     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම මේකට අලුත් එත් මේවා දැක්කම මට තේරෙනවා උබල කොච්චර එකමුතුද කියලා

    නොදුටු මිතුර ඔබට නිවන් සුව
     
    Last edited: