සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මම නිකන් දැනගන්න අහන්නේ. මේ වගේ ගෙයක් හදන්න ඉඩමේ වටිනාකම නැතුව මුදල කියක් වගේ යයිද ? මේක නම් මට පෙන්නේ විකුනන්න හදපු එකක් වගේ. මේ විකුණන මිලට වඩා අඩුවෙන් යයි නේද ?

    fitted.jpg


    මේකේ ගණන් දාලා තියෙන්නේ කොටි 17 කියල.

    https://ikman.lk/en/ad/with-furnished-luxury-house-for-sale-in-battaramulla-for-sale-colombo-2
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,506
    8,117
    113
    මේක නම් ලොකු ගානක්‌ යන්න ඇති වහලෙට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,756
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඩ් එකේ යටින් දාල තියෙනවා කෝටි 18යි කියල. උඩින් දාල තියෙනවා කොටි 17යි කියල. බ්‍රෝකර් කෙනෙක් වෙන්න ඇති. 😅

    වර්ග අඩි 6000ක් කියල තියෙන්නෙ. වර්ග අඩියකට දැන් 12000ක් කියල හිතුවොත් කෝටි 7ක් විතර යයි.
     
    • Like
    Reactions: Asmodeus and Sen-lu

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,018
    532
    113
    Nugegoda
    ගේක මිළ මෙහෙම පින්තූරයක් විතරක් බලල තීරණය කරන්න බෑනෙ බං. අපි දන්නෙ නෑනෙ මේ ගේ කොහොම හදල තියෙන එකක්ද කියල. ගේක ස්ට්‍රක්චර් එක හදන එකට අමතරව ඒ ගේ ෆිනිෂින් කරල තියෙන විදිය ඒකෙ මිළ රඳාපවතින්න ලොකු සාධකයක්. මේ ඉඩමෙ ප්‍රමාණය, පූල් එක, වහලේ ෆිනිෂින් එක, ඊට පස්සෙ කබර්ඩ්ස් ඒ දේවල්වලටම කෝටි ගාණක් වියදම් කරල බං මේ ගේ... සමහරවිට විකුණන්න හිතේ තියාගෙන හැදුව නෙවෙයි වෙන්න ඇති. ඒත් වෙන රටකට යන අදහසක් ඇවිල්ල එහෙම දේකට විකුණනව වෙන්න පුළුවන් නේහ්..
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා. අද වගේ කාලෙක ඔය විදියෙ ලොකු ගෙයක් හදාගන්නව කියන්නෙම දීරඝ කාලීනව කරුමයක් කරගහගත්ත වගේ වැඩක් තමයි. පිටින් බලන කෙනෙක්ට අනේ මේ වගේ ලොකු ගෙයක් හදාගන්න තිබ්බනම් කියල ආසාවක් ඇති වෙන්න පුලුවන්. ඒත් ඔය වගේ ලොකු ගෙයක් හදල කාලයක් හිටපු කෙනෙක්ගෙන් අහල බලන්න ඕනෙ එයාගෙ අදහස මොකක්ද කියල. එතකොට කියයි රගේ.

    ඔය වගේ ගෙයක් වියදම් කරල හැදුව වගේ නෙමෙයි ඒව හරියට නඩත්තු කරන්නත් ඕනෙ. නැත්නම් කල වියදම අපරාදෙ. අද කාලෙ තියෙන වියදම් එක්ක නඩත්තු වියදම් වැඩි, ගෙදර ලොකු නිසා නඩත්තුවට මිනිස්සු ඕන. එතකොට ඒවට යන පඩිනඩි, මාසික ජල විදුලි ව්යදම්, කාලෙන් කාලෙට එන රෙපයාර් වියදම්. ලේසි නෑ.

    මගෙ අදහස නම් තමන් ජීවත් වෙන ගෙය තමන්ට නඩත්තු කරගන්න ලේසි සහ අඩු වියදමකින් ඒ දේවල් කරගන්න පුලුවන් විදිහට අවශ්‍යම ටික විතරක් ඇඩ් කරල බොහොම පොඩිවට හදාගන්න එක තමයි අද කාලෙ හැටියට සහ දිරඝ කාලීනවත් නුවනක්කාර දේ.

    අනික තමන් පදිංචියට හදන ගෙය තමන්ට වත්කමක් වුනත් ඒක නැවත රිටන් එකක් ලැබෙන ආයෝජනයක් නෙමෙයි. ඒක නිසා අනවශය විදහට මුදල් වියදම් කරගෙන නැවත තමන්ට ඒ දමන මුදල රිටන් බැක් කරගන්න බැරි දෙයකට එක තැනකට නිකන් සල්ලි ගොඩක් යටකරන එක මට අනුවනම් නුවණට හුරු නෑ. හොදම දේ ගෙදර අවශය පමනට පොඩිවට හදන් මිදුල වැඩිපුර ඉඩකඩ තියාගන්න එක.

    අනික ඔය වගේ ලොකු ගෙවල් දවසක තමන්ට විකුණගන්න ඕන වුනොත් ලේසියකට විකුණගන්න බෑ. මොකද මිල වැඩි නිසා ඒ ගාණට ඒවගේ ලොකු ගෙයක් ගන්න කැමති කෙනෙක් හොයාගන්න එක ලේසි නෑ. කරකියාගන්න දෙයක් හිතාගන්න බැරි තරම් කසන සල්ලියක් තියේනම් ඔන්න හැදුවට කමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: cmtwap and Asmodeus