කුස්සියකට wiring කරද්දි සාමාන්‍යෙන් දාන්නේ 15A ද නැත්තම් 17A (6 7) wire එකද?
AC unit වලට නම් පාවිච්චි කරන්නේ 17A එක. කුස්සියකට එච්චර ඔන නෑ නේ? මොකද හිතන්නේ?
AC unit වලට නම් පාවිච්චි කරන්නේ 17A එක. කුස්සියකට එච්චර ඔන නෑ නේ? මොකද හිතන්නේ?
15A, 17A වයර් කියලා ජාතියක් නැහැ. වයර් එකේ දිග සහ ගෙනියන ඇම්පියර් ගාණ මත වයර් එකේ Cross section එක වෙනස් වෙනවා. තව වයර් conduit එකක් ඇතුලෙද නැත්නම් එලියෙද යන්නේ කියන එකත් වයර් එකේ Cross section එක select කරද්දි බලනවා.
Wiring කරපු කෙනා ඇදලා තියෙන wire එක 300V / 500V මේකේ amp ගාන කීයද?
මචං වයරිං කරන කොට වයර් ඉතුරු කරං ලස්සනට කෙටිම ක්‍රමේකින් ඔක්කොම වයරිං කරන්නෙ කොහොමද?
මටනං නිකං පිස්සු වගේ
මටත් වයරිං කලෑකි.. හැබැයි තව කෙනෙක් දැක්කොත් කියයි අපරාදෙ වයර් නාස්ති කරල
Wiring කරපු කෙනා ඇදලා තියෙන wire එක 300V / 500V මේකේ amp ගාන කීයද?
වෝල්ටේජ් එක අනුව ඇම්පියර් ගාණ කියන්න බෑ. වයර් එකේ වෝල්ට් අගයක් ගහලා තියෙන්නේ ඒකේ Insulation එක ගැන අදහසක් ගන්න.
මුලින්ම Current path diagram එක කොලේක ඇඳගනින්. එතකොට වයර් අඩුවෙන් යොදා ගන්ට ලේසියි. (search "current path diagram" in google)
තැන් තැන් වලින් වයර් කපලා ජොයින්ට් කරනවට වැඩිය ඒක හොඳයි.
Plug base, switches තියෙන මට්ටමෙන්ම වයර් අැද්දොත් ටිකක් ඉතුරු කරගන්ට පුලුවන් (හැබැයි ආරක්ෂිතව).

දාන වයර් තිරණය වෙන්නෙ උබ පාවිච්චි කරන උපකරන අනුව තමා මචං.15A flug base දානවා නම් 2.5mm වයර් වලින් දාන්න ඔනි(7/0.67).
13A වගේ නම් 1.5mm වයර් දැම්මා නම් ඇති.