How to display a QR code via NodeMcu?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    guys,
    මගෙ පොඩි ප්‍රොජෙක්ට් එකකට සර්වර් එකක හොස්ට් කරපු ප්‍රොග්‍රෑම් එකකින් generate කරන QR code එකක් 'මොකක් හරි ඩිවයිස්' :rolleyes: එකකට යවලා ඒකට කනෙක්ට් කරපු ස්ක්‍රීන් එකකින් display කරන්න ඕනෙ. ඊට අමතරව පුශ් බට්න් ස්විච් එකකින් වගේ ගන්න ඉන්පුට් එකක් ආපහු සර්වර් එකට දෙන response එකක් විදියට report කරන්නත් ඕනෙ. මේ වැඩේ ආයෙ ආයෙ වෙන්න ඕනෙ. ඒ කිව්වෙ එක පාරක් generate කරලා යවපු qr code එක display කරලා පුශ් බට්න් එක එබුවට පස්සෙ ආපහු අලුත් කෝඩ් එකක් generate කරලා සර්වර් එකෙන් යවනවා 'ඩිවයිස්' එක පරණ එක අයින් කරලා අලුත් එක පෙන්නනවා. ඔය වගේ දේකට මේ 'මොකක් හරි ඩිවයිස්' එක විදියට මට NodeMcu එකක් පාවිච්චි කරන්න පුලුවන්ද lcd/oled display එකක් එක්ක Raspberry එකක් වෙනුවට?
    help එකක් දෙන්න NodeMcu දන්න කට්ටිය, අනිත් අය බුම්ප් එකක්වත් දාන්න pls :yes:
     
    • Like
    Reactions: nkt

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Node වලින් arduino වලට වඩා ලේසි වෙයි කියලා මං හිතුවෙ. Arduino වලින් මං කිව්ව ඒව ටික ගොඩ දාගන්න පුලුවන්ද බන්?
    Server ekk ekk wada krna hinda raspbery eka hodi kiyala hitenawa...
    එහෙමද, මං ටිකක් Cost එකත් අඩු කරගන්න බැලුවෙ node use කරලා. ඔය කියලා තියෙන ටික කරගන්න node වලින් බැරි වෙයිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    ඕකට Arduino වලට වඩා Node ලේසයි මොකද ඉන්බිල්ට් කනෙක්ටිවිටි තියන නිසා වයිෆයි කනෙක්ට් කරා නම් සර්වර් එක ඇක්සස් කරන්න පුලුවන් නේ
    ක්‍රම දෙක තුනක් මට හිතෙනවා ට්‍රයි කරලාම තමයි බලන්න වෙන්නෙ කොහොමද කියලා
    පොඩි වැඩක් නිසා rpi එක overkill එකක් වෙයි.

    සර්වර් එකේ QR Code එක ජෙනරේට් කරලා කෙලින්ම ඉමේජ් එකක් විදියට සර්වර් එකේ තියාගෙන, REST API එකකින් image URL එක node එකෙන් API එකෙන් අරගෙන ඩිස්ප්ලේ කරන්න පුලුවන්. button press එකත් සර්වර් එකට API call එකක් විදියට යවන්න පුලුවන්. එතකොට බටන් ප්‍රෙස් කරාම API call එක ගිහින් ඒකෙ රෙස්පොන්ස් එකට අලුත් කෝඩ් එක එන විදියට API එක හදා ගන්න පුලුවන් නේ
    NodeJS වගේ එකකින් කරනවා නම් API වැඩේ පැයක වැඩක් වෙයි

    කෝඩ් එක කෙලින්ම node එකට API එකෙන් අරගෙන ඒකෙදි QR එක ජෙනරේට් කරලා ඩිස්පලේ කරන්නත් පුලුවන්,

    ඔය සේරටම ලයිබ්‍රීස් එහෙම තියනවා මම නිකමට සර්ච් එකක් දාල බැලුවා
    QR එක ඩිස්ප්ලේ කරන්න ලොකු හොඳ ඩිස්ප්ලේ ඕන නැහැ,
    ඔය ගනන් අඩු පොඩි ඩිස්ප්ලේ ඕන එකක් හරියාවි
    TFT, OLED, 5110 වගේ ඕන එකක් වැඩ කරාවි අවුලක් නැතිව

    ඕන නම් ඔය QR එක ස්කෑන් කරාම එකෙන් මොකක් හරි URL එකක්ම තිබිලා ස්කෑන් කරලා ලින්ක් එක ක්ලික් කරාම කෙලින්ම සර්වර් එකට request එක යන විදියට වගේ හැදුවොත් බටන් ප්‍රෙස් පාට් එක ඩිවයිස් එකෙන් අයින් කරන්න පුලුවන් වෙයි ඕන නම්.
     
    • Love
    Reactions: AVES

    Thnk u very much bro ❤ කරන විදියත් එක්කම expalin කලාට. කෝඩ් එක scan කරන එකයි, බටන් ප්‍රෙස් එකයි යූසර්ලා දෙන්නෙක් වෙන වෙනම කරන්නෙ. ඒකයි ඒ දෙක වෙන වෙනම දාලා තියෙන්නෙ. Anyway, thanks again 👍
     
    • Like
    Reactions: NEMISIS