how to learn Fighting?

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,111
    1,423
    113
    Kandy
    ඔය හැම ෆයිටින් ස්ටයිල් එකක්ම ඇත්ත ජීවිතයේදී ප්‍රායෝගික නෑ කියලා තේරුනේ mix martal arts හින්දා.මොකද මොනවා හරි එක ෆයිටින් ස්ටයිල් එකක් මාස්ටර් කරලා තියෙන කෙනෙක් රියල් ෆයිට් එකකට ආවහම මික්ස් මාෂල් ආට්ස් සාමාන්‍ය විදිහට ඉගෙනගත්ත කෙනෙක් එක්ක උනත් එයාට ෆයිට් කරන්න අමාරු වෙලා තියෙනවා .ufc කියන එක ලෝකෙට ආවට පස්සේ ඕක ගොඩක්ම ඔප්පු වුනා.. ufc වලදී කොටස් දෙකක් තියෙනවා grapling & striking කියලා grapling වලදී අපිට ඕනෙ වෙන්නෙ wrestling & brazilian jiu jitsu ඒතකොට striking වලදී අපිට ඕන වෙන්නේ boxing & muay thai. මික්ස් මාෂල් ආර්ට් වලට එන හැම ෆයිටර් කෙනෙක්ම ඔය grapling & striking වල තියෙන මං කියපු fighting style හතර හො කීපයක් ඉගෙන ගන්නවා මොකද ප්‍රතිවාදියාගෙන් බේරෙන්න ඒ දේවල් ඕනෙ වෙන නිසා විශේෂයෙන් grapling master කරලා තියන කෙනෙක් defeat කරන්න ගොඩක් අමාරුයි MMA වලදී. එනිසා ප්‍රායෝගික ජීවිතයේ real life situation එකකදි ප්‍රයෝජනවත් වෙන තනි fighting style එකක් නම් කරන්න අමාරුයි. ඒ නිසයි හැම දේකම එකතුවක් වන mix martial art ඉහලින්ම ඉන්නේ . ඒ වගේම krav maga ත් ප්‍රයෝගික ජිවිතේ street fight එකකදී ආත්ම ආරක්ෂාවට උපකාරී වෙන්න පුළුවන් මොකද එකත් හැදිලා තියෙන්නේ ගොඩක් සටන් කලා වල එකතුවක් විදිහට. israel රට තමා krav maga ලෝකෙට හදුන්වලා දුන්නේ. තව boxing ගොඩක් ප්‍රයෝජනවත් close fight style එකක් නිසා.
     

    nidarsha91

    Well-known member
  • මේ ත්‍රේඩ් එකට තමන්ගෙ බුද්ධිමය දායකත්වය ලබා දුන්න හැම දෙනාටම ස්තූතියි. සෑහෙන්න මහන්සි වෙලා එක සටන් ක්‍රමයක් හොයාගන්න ලැබුනා. ගෙවිච්ච කාලෙදි සටන් උගන්වන එක එක විදියෙ ගුරුවරු කීප දෙනෙක්ගෙම අදහස් වලට ඇහුම්කන් දෙන්න ලැබුනා. මුදල් එක්ක ඉදිරියට යන ජීවන රටාව අස්සෙ බහුතරයකට පන්ති වලට සහභාගි කරාවගන්න ලොකූ උනන්දුවක් තිබුනා.ඒත් මගේ වුවමනාවට වඩාත්ම ගැළපෙන ක්‍රමය හොයාගන්න ඕන වුණ හින්ද තව හෙව්වා. සෙවීම අවසානයෙදි සාර්ථක වුනා. ඒ වගේම මේ ක්‍රමය ආරම්භයෙ ඉන්නෙ. ඒක හිතන තරම් පහසු නෑ.

    මේ ක්‍රමය තෝරගද්දි ආව නිගමන විදියට. තව අවුරුදු 5කින් 40ට ලන් වෙනව. මුළු ඇඟෙම මාංශ පේෂි වල ස්වභාවය වෙනස් වෙන්න පටන් ගන්නවා. කොටින්ම අතේ ස්වභාවය වෙනස් වෙනව. මෙච්චර කාලෙකට තිබුනු ග්‍රිප් එක වෙනව වෙනව. කොටින්ම අත් අකුරු පල හැඩය පවා වෙනව වෙනව. ඊලඟට අස්ථි වල ශක්තිය හීන වෙන පැත්තට යනව. අස්ථියක් බිඳුනොත් ඒක ආයෙ රිකවර් වෙන්න යන කාලය වැඩි වෙනව.

    ඉතින් මේ හැමදෙයක්ම එක්ක අමාරුම සටන් කරමය වෙච්ච - සමාවෙන්න කියල කියන, හොම්බයි කටයි සමතලාම කරල දාන්න තරම් වෙන අවස්ථාවකදි තමන් ඇතුලෙම සටන් කරල, අත් හැරල, අනේ මට සමාවෙන්න කියල ඒ අවස්ථාව පසු කාලීනව ලොකු වාතයක් වෙන එකෙන් වළක්වගන්න සටන් ක්‍රමේට මම මාරු වුණා.


    කෙනෙක්ට මේක මහා නිවට කමක් වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම මේක කියන තරම්ම පහසුද කියලත් දැනෙන්න පුළුවන්. ඔව් එහෙම නෑ. ගෑස් ස්ටේශන් එකකදි පොම්පකරුට මුදල් දෙන්න මට අමතක වුණා ලඟකදි. මම කිව්වා මට සමාවෙන්න මට ඇත්තටම අමතක වුණා කියල. බිස්නස් එකේ ප්‍රශ්නයක් එක්කයි මම එවෙලෙ උන්නෙ. ඒත් මේ මනුස්සය පහත් විදියට බැන්න. පස්සෙ මමත් වචන කීපයක් කිව්වා. පස්සෙ එතනින් ආවත් මම හරි ඒ මනුස්සය වැරදී කියන සිතුවිල්ලම එක්ක උන්නා. ඒත්, ආයෙමත් හිතද්දි තේරුම් ගත්තෙ තේරුමක් නෑ මේක ඔලුව ඇතුලෙ තියාගෙන ඉන්න එක කියල. පස්සෙ එදා හවසම මම ආයෙමත් ගිහිල්ල සමාව ගන්න ඕනෙයි කියල හිතාගත්තා. ඒකත් හිතන තරම් ලේසි වුණේ නෑ. ඒත්, මන් කිව්ව. ඒ මනුස්ස්යත් කිව්ව ඒක මම අමතක කලා කියල. අවසානෙට මම ගෑස් ස්ටේශන් එකෙන් පාරට ආවෙ හරිම හිතේ නිදහසකින්. මාරම දිනුමක් මට ලැබුනා.

    මාස ගානක් විඳවන අතේ පයේ අමාරු තිබ්බෙ නෑ. අස්ථි බිඳිල තිබ්බෙ නෑ. පොලිසි යන්න වුවමනාවක් තිබ්බෙ නෑ. ඒ වෙනුවෙන් නැවත වැය කරන්න කාලය වුවමනා වුනෙත් නෑ.

    මේක පොඩි සිදුවීමක් විතරයි. ඒත් මේ සටන් ක්‍රමය පුරුදු කරගන්න ලොකු පූර්විකාවක්!

    අනිත් දේ තමයි දැනට තියෙන ජීවිත රක්ෂණයෙන් කතා කරා කිව්ව ලෝයල්ටි කස්ටමර් කෙනෙක් හින්ද අලුත් අවස්ථාවක් තියෙනව, හැබැයි ඒ උප්ග්‍රේඩ් එකේ බෙනිෆිට්ස් ලැබෙන්නෙ නැති එක කන්ඩිශන් එකක් තමයි තමා විසින්ම විහින්ම පැටලෙන රණ්ඩු සරුවල්, උද්ඝෝශන වගේ දේවල් කියල. ඉතින් නිකන් පරිප්පු නොකා ඉන්න එක කොයිත්‍රම් ලොකු වාසනාවක්ද කියල දැන් හිතෙනව. මොකද මම වෘත්තීය සටන්කරුවෙක් නෙවෙන නිසා.

    හැමෝටම ජයමවේවා!