තියරිටිකලි හිතුවොතින් කරන්න පුලුවන් අවුලක් නැහැ
ප්‍රැක්ටිකලි ගත්තම ඕක කරන්න හෙනම අමාරුයි(බැරි නැහැ නමුත් අමාරුයි). හොඳ ජොබ් එකක් කරන්න නිකං කෝස් කරලා හරියන්නෙ නැහැ ඩිග්‍රියක් වත් අඩුම තරමෙ BIT/Diploma එකක්වත් කරගන්න ඕන
IT ජොබකට මුලින් ඉන්ටන්ශිප් එකක් හොයාගන්න එපැයි ඔය වයසට ඒකත් හරි අමාරුයි
ජොබ් හොයන්න ගියත් ඒකම තමයි ජොබ් මාකට් එකේ කම්පීට් කරන්න තියෙන්නෙ කැම්පස් වලින් අවුට් වුනු ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා එක්ක එහෙම. ඒක නිසා ගන්න තැනුත් ටාගට් කරන්නෙ ඒවගේ එවුන් වයස වැඩි උනාම පට්ටම පොරක් කියලා ඉන්ටවිවු එකේදි පෙන්නුවෙ නැත්තං ගන්නෙ නැහැ. මොකද ෆ්‍රෙශ් එකෙක් අරගෙන ට්‍රේන් කරලා හදාගන්න පුලුවන් නමුත් ඔය වයසෙ වගේ එකෙක් එහෙම බැනලා කරලා ට්‍රේන් කරගන්නවා කියන්න ටිකක් අමාරු වැඩක්නේ
සාමාන්‍යෙන් IT ජොබ් එකක මුල් කාලෙ හෙනට කට්ට කාල ඉගෙනගන්න එහෙම ඕන, ඔය වයසෙදි ඒ තරං කට්ට කාල ඉගෙන ගන්න ටිකක් අමාරුයි
පොඩි වාසිත් නැතිව නෙමයි, mathematical concepts එහෙම ඉගෙන ගනිද්දි mature mind එකකට ඒක ගොඩක් ලේසියි ඒක නිසා ඇත්තටම මහන්සිවෙලා කරනවා නං ප්‍රෝගැමින් සහ මැත්ස් ඇල්ගොරිතම් වගේ සබ්ජෙක්ට් හොඳට කරගන්නත් බැරි වෙන එකක් නැහැ
දුකෙන් හරි කියන්නෙ වෙන්නෙ අපිට ඉන්ටවීවු වලදි කලාතුරකින් සෙට් වෙනවා ඔහොම ෆීල්ඩ් මාරු කරලා ගොඩක් වයස වැඩි කාලෙ IT වලට සෙට් උනු එවුන්.ඉන්ටවීවු වලින් කැපෙනවා. ඇවරේජ් ස්කිල් තියන ෆ්‍රෙශ් ග්‍රැජුවේට් කෙනෙක්ට තියන චාන්ස් එකට වඩා ඒ ස්කිල් එකම තියන වයස වැඩි කෙනෙක්ට චාන්ස් එක දෙනවා අඩුයි
IT කරපු එවුන් සුපිරි පඩි ගන්නවා බලන් ඉන්න බැරි නිසා නම් මේකට එන්න හදන්නේ වැඩක් නැහැ මචන්. passion එක නැතුව සවයිව් වෙන්න අමාරුයි.
ප.ලි. කලින් කම්පනියේ HR නම් පෙන්න බෑ.
මට නෙමෙයි විස්තර හොයන්නෙ. මටත් HR එකේ උන්ව පෙන්න බෑ
මටත් පේන්නෙ HR ෆීල්ඩ් එකේ ඉඳලා IT එවුන්ගෙ සැලරි ස්ලිප් දැකලා මාරු වෙන්න හිතිලා වගේ
PS: මටත් 33ක් වගේ. මම දැනට අවුරුදු 15කට කිට්ටු වෙන්න IT field එකේ ජොබ් කරන්නෙ. හිතපන්කෝ දැන් මුල ඉඳන් ඉගෙනගෙන පටන්ගත්තත් තියන ගැප් එක කොහොමද කියලා.