Huawei Y541 GPS ? good or bad ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    මේ Huawei Y 541 එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?

    කොහොමද GPS ?
    මොකක්ද GPS chip එක දන්නවද ?

    මම try කරලා බැලුවා . Sensitivity ගොඩක් අඩු වගේ.
    Satellite 3 or 4 අහුවෙන්නේ.
    Lock වෙන්න ගොඩක් වෙලා යනවා. වාහනේ යනකොට
    route එක track කරලා බැලුවා. බීලා ගියා වගේ.

    මේක මේ phone එකේ අවුලක්ද නැත්නම් ඔක්කොම huawei y 541 එහෙමද?

    ඔව් මේක මුදලින් අඩු phone එකක් නිසා සුපිරි වැඩ බලාපොරොත්තු වෙන්න බැහැ .

    නමුත් මම මේකට ළඟ මිල ගණන් තියන Acer liquid Z 220 එකක් try කරා.
    GPS satelite 10 or 12 ක් අහුවෙනවා. lock speed ගොඩක් වැඩියි. Tracking හොදයි.
    සංසන්දනය කරේ phone දෙක එක ලග තියල.

    huawei එකේ විශේෂ settings මුකුත් තියනවද ?
    නැත්නම් GPS එච්චර හොද නැද්ද ?
    එක්කෝ මම try කර phone එක අවුල්ද?

    ඔය කට්ටියගේ experience කොහොමද?

    N.B. I posted this in the thread related to Huawei Y541 here: http://www.elakiri.com/forum/showpost.php?p=19510812&postcount=21

    but since it is under Elakiri Talk, I posted it here too which may be more relevant since regarding mobile phones.