I missed you

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ඔබ ගියා කියා මං හිත හදා ගත්තාම
එබෙනවා ඔබ යළිත් හදවතේ දොරගුලට
සිහි විකල් වෙලා දැන් දෙලොවක් අතර මම
දෙනු මැනවි යන්නට ඔබෙන් සමුගෙන මට

ඔබේ හීනයට පණ දෙන්නටම හිතාගෙන
මොහොතකට තනිවුණා එදා නුඹ හින්දාම
ආදරේ මා පැතූ ළං වුණා එසැනිණ
ඒත් දැන් තනිවෙලා නුඹත් නෙතු කඳුළින

මගේ ආදරේ නවාතැන් පොළ වුණේ නුඹ නොවේ
ඔබෙ විරහ කඳුලැලි මට නොදැනෙනවා නොවේ
ඒත් මිතුදමින් මිස මට නුඹව හිමි නොවේ
දරැ පැටව් එක්ක දැන් මම යා යුතුම වේ

මාලන් විදානපතිරණ