මටත් වෙලා තියෙනවා මෙහෙම වැඩක්.....
එක සැරයක් ට්‍රිප් එකක් ගිහින් පන්සලක විශ්‍රාම ශාලාවක නැවතුනා. පහුවදා මොකක්ද මන්දා පූජාවකට ඇවිත් හිටපු සමහර සෙනඟ ලැස්ති වෙනවා. අපේ කට්ටිය නිදාගත්තා. මට අපේ අනික් set එකට කලින් ඇහැරුනා. මම ඔය ගමන් ගිහාම පෝලිමේ ඉඳන් toilet යන්ඩ, wash දාන්ඩ කැමති නෑ. මටත් මරු chance එක හින්ද ඔක්කොටම කලින් නිදහසේ ලැස්ති වෙන්ඩ කියල හිතන් උණුවතුර බෝතලේක තිබ්බ තේ ටිකත් බීලා ටවල්, බුරුසු අරන් washroom එකට රිංගුවා. wash එකක් දාගෙන එලියට එනකොට අපේ set එකේ අයත් නැගිටලා කබ කඩ කඩ පෝලිමට එනවා washroom එකට යන්ඩ. මට පස්සේ තව තුන් හතර දෙනෙක් ලෑස්ති උනාට පස්සේ තමයි කට්ටිය වෙලාව බැලුවේ. වෙලාව පාන්දර තුනයි ගානක්.
වෙලා තිබුණේ මට නින්ද ගිහින් පැය දෙක තුනකින් ඇහැරිලා. වටේ පිටේ පුජාවට ලැස්ති වෙන මිනිස්සුන්ගේ සද්දේ හින්දත් නිදි මතක් දැනුනේ නැති හින්දත් මම හිතුවේ උදේ 6ට විතර ඇති කියලා. මම ලැස්ති වෙන සද්දෙට ඇහැරුණු අනික් අය හිතල තියෙන්නේ මම වෙලාව බලල එහෙම ලැස්ති වෙනවා කියලා. හොඳම වැඩේ කියන්නේ එකෙක් වෙලාව බලලත් හිතලා තියෙන්නේ අනික් ඔක්කොම ලැස්ති වෙන හින්ද උගේ phone එකේ වෙලාව වැරදියි කියලා.