ග්‍රීසියේ විසූ පෛතගරස් නැමැති දාර්ශනිකයාගේ ඇවෑමෙන් දියුණු වූ අංක විද්‍යාව අද ලොව දියුණු වූ විද්‍යාවක් බවට පත් වී ඇත. ඊජිප්තු සහ බැබිලෝනියානු ජ්‍යෙdතිෂ විද්‍යාව මුලාශ්‍ර කොටගෙන බිහි වූ අංක විද්‍යාව මිනිස් ජීවිතයේ සැබෑ තොරතුරු කිවහැකි බවට සාක්‍ෂි ඇත. ආදී යුගයේ සිටම පැවත එන මෙම නක්‌ෂත්‍ර ක්‍රමය නිසා මේ වන විට බොහෝ රටවල බොහෝ දෙනා මෙම මූලික සංඛ්‍යා ඇසුරින් තම ජීවන තත්ත්වය දැන ගැනීමට උනන්දු වී සිටිති.
කෙනෙකුගේ ජීවිතයෙහි යම්යම් තොරතුරු හා එම සිදුවීම් සිදුවන කාලවකවානුද මේ මගින් හෙළිදරව් කරගත හැකිය. මෙහිදී පළමුව අවශ්‍ය වනුයේ තමන්ට හිමි ගුප්ත අංකය හෙවත් දෛවය අංකය සොයා ගැනීමයි. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔහු උපත ලැබු නිවැරදි වසර මාසය හා දිනය පමණකි. එය සොයා ගන්නේ මෙහෙමයි. ඔබ උපන් වසර මාසය හා දිනය ආදී සියලුම ඉලක්‌කම් පහත සඳහන් ආකාරයට එකතු කර තනි අංකයකට ගත්විට කෙනෙකුගේ දෛවය අංකය සොයාගත හැකිවනු ඇත. ඒ සඳහා නිදසුනක් මෙන්ම 1935 නොවැ. 20 දින උපත ලැබූ අයෙකුගේ උපන් වර්ෂය මාසය හා දිනය මෙසේ එකතු කරමු. 1+9+3+5+1+1+2+0 = 22 එකතුව 22 තනි අංකයට යළිත් එකතු කරන්න. 2+2=4 .. එවිට ලැබෙන අංකය 4 ය. හතර යනු එම උපන්දිනයට හිමි දෛව අංකයයි. සමහර උපන්දින තනි අංකයට ගත නොහැක. එවැනි අවස්‌ථාවක අංකය මෙසේ ලබාගන්න. 1935-12-16 දින උපත ලැබුවෙකුගේ (1+9+3+5+1+2+1+6=28 2+8=10) මෙහිදී තනි අංකයක් නොලැබුණ නිසා ගත යුත්තේ එක පමණි. එවිට ඔහුගේ දෛව අංකය 1 වශයෙනි. මේ අයුරින් ඔබේ දෛව අංකය පළමුව සොයාගෙන ඒ අයුරින් ජීවිත තොරතුරු දැනගන්න. දැන් අපි බලමු දෛව අංක 1 හිමියන්ගේ ජිවන තොරතුරු කෙසේද කියා.
දෛව අංක 1 රවි ග්‍රහයාට අයත්ය. මෙම අංකයෙන් උපත ලබන අය සමාජයේ කා අතරත් කැපී පෙනෙන උද්යෝගිමත් අයෙකි. අවංක එඩිතර හදවතක් හිමි මොවුන් විනෝදකාමීය. කාගේත් සිත්ගන්නා සුළු පෞරුෂයකින් යුක්‌තය. අන්‍යයන් පාලනය කිරීමේ ආත්ම ශක්‌තියක් ඇති මොවුන් යුක්‌ති ගරුකය. විනය ගරුකය. මේ අය මුදල් ඉපයිය හැකි කලාත්මක කාර්යයන්හි නියුතු වෙති. තම සමාජ දක්‍ෂතා අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ආශා ඇත්තෝය. දෛව අංක 1 ද්‍රව්‍ය තලයට අයත් අංකයක් නිසා හැමවිටම ලෞකික දියුණුව ගැන සිතයි. තම ධනය, වස්‌තුව, යාන වාහන, ගේදොර, ඉඩකඩම් ගැන බෙහෙවින් කතා කරයි. විවේකය තදින් ප්‍රිය කරන මොවුන් වෙහෙසවී වැඩ කිරීමට කැමති නොවේ. තමන් අතට තම අතමය සෙවනැල්ල යන පැරණි කියමන මොවුන් අකුරටම පිළිපදිති. අන් අයගේ උදව් උපකාර බලාපොරොත්තු නොවන අංක 1 හිමියන් තම උත්සාහයෙන්ම දියුණුව ලඟාකර ගනී.