දැන් බලමු මේ වගේ files ගොඩක් තියෙනකොට කොහොමද මේ ඔක්කොම download කරන්නේ කියලා
මේක කරන්නේ මෙහෙමයි files ටික ඔක්කොම මේ විදියට select කරන්න.
select කරන්න ඕනේ cursor ඒක ඇදගෙන ගිහින් විතරයි.
ctrl +A එහෙම ඔබලා හරියන්නේ නැ හැබැයි.
එතකොට cursor ඒක ඇත හරින තැන වැටෙනවා IDM icon ඒක
ඊට පස්සේ IDM icon ඒක උඩ click කරන්න.එතකොට මේ විදියට එයි.මෙතනින් තමන්ට ඕන files ටික[media files විතරක්] තෝරලා tick කරගන්න.මගෙනම් තියෙන එකේ තියෙන්නේ ඔක්කොම media files විතරයි.සමහර තැන් වල මෙහෙම ඔක්කොම select කරනකොට තව page එකේ තියෙන වෙනත් files හිටන් මෙතනට add වෙනවා.එතකොට තමයි media files ටික විතරක් තෝරාගන්න ඕනේ
මගේ එකේනම් ඔක්කොම files ටික zip folder එකකට add කරලත් තියෙනවා.එතකොට කරන්න ඕනේ ඔක්කොම files ගන්නවනම් මේ zip folder ඒක විතරක් select කරලා ok කරන්න ඕනේ
OK button ඒක click කලාට පස්සේ මෙහෙම එකක් එනවා.මේකෙත් වෙන මොනවත් කරන්නේ නැතුව OK button ඒක click කරන්න.
එතකොට files ටික IDM main Window එකට add වෙනවා
ඊට පස්සේ taskbar එකෙන් IDM click කරන්න.ඊට පස්සේ main Window ඒක එනවා.
එතන තියෙනවා add උන media files ටික.
මන් add කලේ zip folder ඒක නිසා ඒක මෙතන තියෙනවා.ඊට පස්සේ ඒ file ඒක උඩ right click කරලා Resume Download, click කරන්න
ඊට පසු පෙර Download කලා සේම මේ file එකත් Download වෙනවා
අපි Download කරන files Download වෙනවද නැද්ද කියලා බලන්නේ මෙහෙමයි.
taskbar එකේ Download වෙනකොට වැටෙන icon ඒක උඩ click කරන්න
එතකොට download වෙන files වැටෙනවා.
එතන උඩ තියෙනවා තියෙනවා Restore all Download Windows කියලා.ඒක click කලොත් මේ වෙනකොට download වෙන files ටික ඔක්කොම maximize වෙනවා.
මන් මෙවෙලාවේ Download කරන්නේ එකක් නිසා මෙතන පෙන්නන්නේ එක file එකයි.
මෙතන 30% කියලා වැටිලා තියෙන්නේ,දැන් Download වෙන file එකයි.එක උඩ click කලහම Download progress bar එක එනවා.ඒකනම් ඉතින් දැන් ඔයාලා දන්නවනේ.
ආ තව දෙයක් කියන්න අමතක උනා මේක ගැන
Download progress bar
මේකේ තියෙනවා Tabs 3ක්.
දැන් බලමු ඒවගෙන් මොනවාද කරන්නේ කියලා
1)Download Status
2)Speed limiter
3)Options on Completion
මේකේ තමයි අපි Download කරන file එකේ විස්තර පෙන්වන්නේ.
File Size = Download වන file එකේ ප්‍රමාණය
Downloaded = ඒක මේ වෙනකොට Download වෙලා තියෙන ප්‍රමාණය
Transfer rate = Download වෙන වේගය
Time left = සම්පුර්ණයෙන් Download වීමට ගතවන කාලය [මේකනම් හරියටම
වැටෙන්නේ නැ,සැරෙන් සැරේ වෙනස් වෙනවා,
ඒක වෙනස් වෙන්නේ අපේ net speed ඒක අනුවයි]
Resume capability = නැවත Download කිරීමට ඇති හැකියාව.[මේකත් සමහර වෙලාවට
Yes කියලා තිබුනත් නැවත Download කිරීමට නොහැකි වන අවස්ථා තියෙනවා ]
මෙතනින් අපිට පුළුවන් Download වෙන file ඒක සඳහා වැයවන speed ඒක අඩු ,වැඩි කරන්න
ඒක කරන්නේ මෙහෙමයි
Transfer rate කියන තැනට ඉදිරියෙන් වැටෙනවා අපේ සාමාන්‍ය නෙට් speed එක.
ඊට යටින් තියෙන Use Speed Limiter කියන තැනට tick එකක් දාන්න
එහම දාලා, Maximum download Speed කියලා තියෙන තැනට යටින් තියෙන කොටුව තුල ඔයාලා කැමති ගාණක් type කරන්න.එතකොට ඒ අපි දාන ගානට Transfer rate එක ඉදිරියෙන් වැටෙයි[හැබැයි අපේ net Speed එකට වඩා වැඩි ගාණක් දැම්මට වැඩක් වෙන්නේ නැ යාළුවනේ]
මේකෙන් තියෙන වාසිය වෙන්නේ සාමාන්‍යයෙන් IDM එකට net Speed එක වැඩියෙන්ම ගන්නවා,එහෙම වෙනකොට Browsing slow වෙන එක වලක්වා ගන්නයි මේ ක්‍රමය වැදගත් වෙන්නේ .අපිට site එකකට යන්න ඕනේ උනහම මෙතනට අඩු ගාණක් දාලා site එක complete load උනාට පස්සේ මෙතන Use Speed Limiter තැනට දාන tick එක අයින් කරලා දාන්න
තව යටින් තියෙනවා Remember Speed Limiter Settings for this file on download stop / resume කියලා එකක්.මෙතනට tick එකක් දැම්මට පස්සේ වෙන්නේ අපි දාන ගාන[transfer rate ] මේ file එක download වෙන එක cancel කරලා resume කරනකොටත් වැටෙන්න ඕනෙද කියන එකයි.
ඔයාලා කැමතිනම් එතනට tick එකක් දාන්න.ඒක add වෙන්නේ මේ Download වෙන file එකට විතරයි.
මේකේ කියලා තියෙන ඒවගෙන් වැදගත් වෙන්නේ
Show Download Complete Dialog = download වෙලා ඉවර උනාට පස්සේ Download වෙලා ඉවරයි කියලා එවන message ඒක එවන්න ඕනෙද කියලයි
Turn off Computer when done = Download වෙලා ඉවර උනාට පස්සේ computer ඒක Shutdown කරන්න ඕනෙද කියලයි මේකෙන් අහන්නේ
Turn off Computer when done කියන තැනට tick එකක් දැම්මොත් Download වෙලා ඉවර උනාට පස්සේ computer ඒක Shutdown වෙනවා.
ඒක අපිට ගොඩක් පහසුයි නේද යාළුවනේ.Download වෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැනේ, එතනට tick එකක් දාලා කොහේ හරි යන්න උනත් පුළුවන් එතකොට
මේකේ තියෙන අනිත් ඒවා එච්චරම ප්‍රයෝජනයක් වෙන්නේ නැ යාළුවනේ,මන් ඒවත් වෙන දවසක කියලා දෙන්නම්.දැන් ඒවා කියන්න ගියොත් අනිත් ඒවා දාන්න වෙලාවක් නැතුව යනවා
හරි දැන් ඒ tabs 3 ගැන කතා කරලා ඉවරයි.
Download Progress Bar එකේ තව යට තියෙනවා buttons 3ක්
Show details ,pause ,cancel
Show details button කියන එකෙන් පෙන්නන්නේ ,
IDM එකේ download වෙන file එක Download වන්නේ Temporary folder එකේ කුඩා කොටස් විදියටයි.මේකෙන් පෙන්නන්නේ ඒ කොටස් දැනට Download වෙලා තියෙන ප්‍රමාණයයි.
pause button එකෙන් දැන් Download වෙන file එක තාව කාලිකව නවත්තන්න පුළුවන්.හැබැයි මේක නැවතුනාට file එක Temporary folder එකට load වෙන එක නවතින්නේ නැ,ඒක හෙමිහිට load වෙනවා
නැවත start කලාට පස්සේ Download වීම අරඹනවා
cancel button එකෙන් Download වන file ඒක නවත්තල දාන්න පුළුවන්.ඒ නවත්තන ඒක නැවත Download කරන්න ඕනේ උනහම IDM main Window එකට ගිහින් resume Download කරන්නයි තියෙන්නේ.හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ දොව්න්ලොඅද් උන file එකට resume capability තියෙනවාන විතරයි.ඒක නිසා ඔයාලා මතක තියාගන්න ඕනේ cancel කරන්න කලින් status වල යට තියෙන Resume capability කියන තැනට ඉදිරියෙන් Yes කියලා තියෙනවද බලන්න.සමහර වෙලාවට Yes කියලා තිබ්බට නැවත download කරන්න බැ නවත්තපු තැන ඉඳල.එතකොට ඉතින් අයෙමත් මුල ඉඳල Download කරන්න වෙනවා
අම්මෝ තවත් ටිකක් තියනවා
ඒ ටිකත් දාන්නම්.
දැන්නම් ඉතින් කොටලා එපා වෙලයි ඉන්නේ