im fuked. hiv positive

lilman

Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    ඕක තමයි මුස්ලිම් බඩු ගහන්න එපා කියන්නේ නානා

    අල්ලා හුකාබර්
    :(
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    HIV මාරාන්තික නැහැ ඒත් ඒඩ්ස්‌.....

    කිනම් මොහොතක ඇඟට ඇතුළු වේදෝ කියා කිවනොහැකිය. හොර රහසේ සොඳුරු නිමේෂයක මන්දාලෝකයේ තුරුණු සුවඳ ඉතිරී ගිය යහන් තලාවකදී සිත කය වල්මත් වූ සියුම් විරාමයක මර දූතිකාව ඔබව වැළඳ ගැනීමට ඉඩ තිබේ. අවදානම ඔබ ළඟය. ආරක්‍ෂාකාරීවීම ඔබ සතු කාර්යයකි. 'එච්.අයි.වී මාරාන්තිකය.'

    මෙතෙක්‌ පිළියම් සොයා නොගත් රෝගයක්‌ ලෙස සැලකෙන එච්. අයි. වී. නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝග කරමින් කිසිදු පැකිලීමකින් තොරව මිනිස්‌ සංහතියට එරෙහිව දරුණු සංහාරයක යෙදී සිටී. ලොව පුරා දිනකට හයදහස්‌ අටසියයක්‌ පමණ පිරිසක්‌ එච්.අයී.වී ආසාධනයට ගොදුරු වෙමින් සිටිති. එමෙන්ම දිනකට පන්දහස්‌ හත්සියයකගේ පමණ ජීවිත අහිමි කරන එච්.අයි.වී. රෝගයට පිළියම් සොයාගැනීමට ලොව පුරා විශේෂඥ වෛද්‍යවරු නොනිමි අරගලයක යෙදී සිටියද තවමත් ඔවුන්ට හැකි වී ඇත්තේ එච්.අයි.වී. රෝගය පාලනය කිරීමට ඖෂධ සොයාගැනීමට පමණි.

    කෙනකුගේ සිරුරේ එව්.අයි.වී. වෛරසය උඩු දුවන්නට පෙර හඳුනා ගෙන වෛද්‍ය උපදෙස්‌ සහ නිසි ප්‍රතිකාර ලබාගතහොත් එච්.අයි.වී. ආසාදනය දිවි තිබෙන තුරා පාලනය කළ හැකි රෝගයක්‌ බව ද ප්‍රථමයෙන් කිව යුතු කරුණකි. එහෙයින් දැන් එච්.අයි.වී. ආසාදනයේ ඇති අවදානම ද තරමක්‌ දුරට අවම වී තිබේ. නමුදු ඒඩ්ස්‌ මාරාන්තිකය. අපි මුලින්ම එච්.අයි.වී. සහ ඒඩ්ස්‌ රෝග තත්ත්වයන් ගැන අවබෝධ කරගමු.

    මිනිස්‌ සිරුරේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අඩපණ කර, ඒ හේතුවෙන් විවිධ රෝග කාරකවලට ගොදුරුවීමේ අවදානම ඇති කිරීම මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසය (Human Imm unodeflcincy Virus) එච්.අයි.වී. යනුවෙන් හඳුන්වයි.

    නතුකරගත් ප්‍රතිශක්‌ති ඌනතා සහලක්‍ෂණය (Acquired Immune Deflciency Syndrome) ඒඩ්ස්‌ රෝගී තත්ත්වය යනු එච්.අයි.වී. ආසාදනයේ යම් රෝගී තත්ත්වයකි. එච්.අයි.වී. වෛරසය ඒඩ්ස්‌ තත්ත්වයට පැමිණි විට එය කිසි ලෙසකින් ඹෘෂධවලින් පාලනය කළ නොහැකිය.

    එච්.අයි.වී. වෛරසය මිනිස්‌ සිරුරකට ඇතුළු වී රෝග ලක්‍ෂණ පෙන්වීමට වසර 8-10 ක්‌ වුවද ගත විය හැකිය. එලෙසින් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන අවස්‌ථාව වන විට රෝගී තත්ත්වය ඒඩ්ස්‌ තත්ත්වයට පැමිණ තිබීමට ඉඩ තිබේ. එවිට රෝගියා ද ජීවිත අවදානමේ එළිපත්තටම පැමිණ සිටිනවා නිසැකය. දැන් අපි එච්.අයි.වී. බෝවෙන ආකාරය ගැන මොහොතක්‌ කතා කරමු.

    එව්.අයි.වී. ආසාදනය වන ප්‍රධාන ක්‍රම තුනකි. එනම් එච්.අයි.වී. ආසාදිතයකු සමග පවත්වන අනාරක්‍ෂිත ලිංගික සංසර්ගයේදී (යෝනි, ගුද), එච්.අයි.වී. ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුළු වීමෙන් හෝ එච්.අයි.වී. ආසාදිත මවකගෙන් උපදින දරුවාට ආසාදනය වීමෙනි. එච්. අයි. වී. ආසාදිත මවගෙන් උපදින දරුවාට ආසාදනය වීමට 15%-45% ක්‌ පමණ ප්‍රවණතාවක්‌ ඇතිමුත් මෙම තත්ත්වය අවම කිරීමට ද වර්තමානයේ ඖෂධ ඇති බවත් කිවයුතුය.

    එමෙන්ම උක්‌ත පැවසූ ක්‍රම තුනට අමතරව ද එච්.අයි.වී. ආසාදනය වන තවත් ක්‍රම කිහිපයක්‌ ගැන සමාජයේ විවිධ මත පවතී. 'සැලුන්' එකක්‌ තුළදී එච්.අයි.වී. ආසාදිතයකුගේ රැවුල කැපීමට පාවිච්චි කළ රේසර් තලයම වෙනත් කෙනකුගේ රැවුල කැපීමට පාවිව්චි කළ විට ඒ රේසර් තලයේ ලේ තැවරී තිබුණහොත් ඒ පුද්ගලයාට ද එච්.අයි.වී. ආසාදනය වීමට ඉඩ ඇතැයි සමාජයේ මිනිස්‌සු තුළ යම් බියක්‌ පවතී. එය මිථ්‍යා මතයක්‌ පමණි. එච්.අයි.වී. වෛරසය කෙනකුගේ ශරීරයකට ඇතුළු වීමට නම් ඒ පුද්ගලයාගේ සිරුර තුළට රුධිරය යම් ප්‍රමාණයක්‌ ඇතුළු විය යුතුය. එවැනි රුධිර ප්‍රමාණයක්‌ රේසර් තලයකින් සිරුරකට ඇතුළු වන්නේ නැත. එහෙයින් ජනතාව අනවශ්‍ය බියක්‌ ඇති කර ගැනීමට අවශ්‍ය නැත. ජනතාව බිය විය යුත්තේ වසංගතයක්‌ සේ පැතිර යන ඩෙංගු වැනි රෝග සඳහාය. එච්.අයි.වී ආසාදනය සඳහා බිය විය යුත්තේ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවක්‌ ඇති කරගෙන තිබෙනවා නම් පමණි.

    එච්.අයි.වී. ලොව පුරා අධි වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි යුගයක මෙරටද එච්.අයි.වී. රෝගයෙන් පෙළෙන නොදරුවන් ඇතුළු නව යෞවනයන් සහ වැඩිහිටියන් හාරදහස්‌ පන්සියයකට ආසන්න පිරිසක්‌ වෙසෙති. එමෙන්ම සෑම මාස තුනකටම දහසයකට ආසන්න එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක්‌ මෙරට එච්.අයි.වී රෝගීන් අතරට අලුතින් එකතු වේ. අප සමාජයට හොර රහසේ වසරින් වසර එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව වැඩි වුවද එච්.අයි.වී නිවාරණය සඳහා සමාජය දැනුවත් කිරීමට තවමත් නිසි වැඩපිළිවෙළක්‌ නැත. එච්.අයි.වී ආසාදනය පිළිබඳ නොදැනුවත් බව හෙයින්ද ලෝක අපවාදයෙන් වහං වී සිටීමට තමන් එච්.අයි.වී. ආසාදිතයකු වූ බව දැන දැනත් වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සිටින අයද අප අතර සිටින්නට පුළුවනි. එවැනි සිද්ධිවලට ප්‍රධානම හේතුව එච්.අයි.වී. පිළිබඳ සමාජයේ ඇති නොදැනුවත් බවය.

    ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයන් සඳහා මෙරට සුවිශාල කර්ත්‍යවයක්‌ කරගෙන යන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වුවද එච්.අයි.වී. නිවාරණ වැඩසටහන් කරගෙන යන්නේ තෝරාගත් අධිඅවදානම් කණ්‌ඩායම්වලට පමණි. එමෙන්ම ඒ ආයතනය මගින් එච්.අයි.වී. ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට ද දායකත්වය ලබාදෙන අතර, එච්.අයි.වී. ආසාදිතයන්ට වුවද ඔවුන්ගේ අනාගතය නිරෝගී සම්පන්නව ගත කරගෙන යැමට, තමන්ගේ ලිංගික ජීවිතය ගැටලු රහිතව පවත්වාගෙන යැමට උපදෙස්‌ ලබාදීමේ වැඩසටහන් ද නිරන්තරයෙන්ම එම ආයතනය තුළින් පවත්වාගෙන යනු ලබයි.

    එච්.අයි.වී. අධි අවදානම් කණ්‌ඩායම් යනුවෙන් හඳුන්වන්නේ වාණිජ ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, මේ පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් සිටිති. මෙය සම ලිංගික චර්යා රටාවක්‌ වුවද මොවුන් සම ලිංගිකයන් නොවෙති. නමුදු මේ පිරිමින් - පිරිමින් අතර ගුද මාර්ගයේ කෙරෙන සංසර්ගයේදී කාන්තාවක්‌ සමග ලිංගික සංසර්ගයේදී එච්.අයි.වී. ආසාදනය වීමට ඇති අවදානමට වඩා වැඩි අවදානමක්‌ තිබේ. මෙහිදී ගැටලුව වී ඇත්තේ චර්යා රටාවේය.

    මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්( මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යනුවෙන් හඳුන්වන්නේ මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා පුද්ගලයන්ය. නමුදු මෙරට මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නන් සිටින්නේ අවම මට්‌ටමක බව සැබෑය. එහෙත් මේ මත්ලෝලීන් ද මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවින් ද මොවුන් අධි අවදානම් කොටසක්‌ හැටියට සලකා තිබේ. මේ කණ්‌ඩායම් ත්‍රිත්වයේම පුද්ගලයන් බන්ධනාගාර රැඳවියන් සේ මෙරට බන්ධනාගාර තුළ සිටිති. ඒ නිසාම බන්ධනාගාර රැඳවියන් ද අධි අවදානම් කණ්‌ඩායමක්‌ ලෙස හඳුන්වමින් එච්.අයි.වී. නිවාරණ විශේෂ වැඩමුළු බන්ධනාගාර තුළ පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම වෙරළ මඟ පෙන්වන්නන් (beach boys) එච්.අයි.වී. අධි අවදානම් කොටසක්‌ හැටියට හඳුන්වනු ලැබේ. එසේ නම් මේ අධි අවදානම් පිරිසට බාහිරින් වුවද යමෙකුට එච්.අයි.වී ආසාදනය වීමට ඉඩ තිබේ. මන්ද මෙරටින් හඳුනාගෙන සිටින එච්.අයි.වී ආසාදිතයන් අතර බොහෝ දෙනා ජීවිතයේ කිසිම දිනක පිටරටකට නොගිය, සංචාරකයකු සමග කිසිදු සම්බන්ධතාවක්‌ පවත්වා නොතිබූ පුද්ගලයන්ය. එහෙයින්ම එච්.අයි.වී යනු දැන් මෙරට සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පැතිර ඇති වෛරසයක්‌ බව ද නොකිවමානය. ඒ නිසාම මුළු මහත් සමාජයම එච්.අයි.වී ආසාදනය පිළිබඳ පුළුල්ව දැනුවත් කිරීම රජයේ වගකීමක්‌ බව ද අපි මතක්‌ කර සිටිමු.

    "මම මගේ ශරීරය විකුණුවේ කැමැත්තෙන් නෙමෙයි. මට ඒක කරන්න සිද්ධ වුණා. මම මුලදී එච්.අයි.වී. රෝගය ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. කොහොම හරි මගේ ඇඟට එච්.අයි.වී. මාරයා ඇතුළු වුණා. මම පෙර කළ පිනකට මට මුලදිම දැනගන්න පුළුවන් වුණා මගේ ඇඟේ එච්.අයි.වී. වෛරසය දුවනවා කියලා. මගේ අම්මයි තාත්තායි නැති වුණා. මම කසාද බැඳලා නැහැ. දැන් මට කාත්කවුරුවත් නැහැ. ඒත් මට බලාපොරොත්තුවක්‌ තියෙනවා. ඒ අපේ රටෙන් මේ එච්.අයි.වී. රෝගය අතුගාලා දාන්න දායක වෙන්නයි"

    "මිනිස්‌සු එච්.අයි.වී රෝගීන් වෙන්නේ ආරක්‍ෂාකාරී උපක්‍රම පිළිබඳ නොදැනුවත්කම නිසයි. අනිත් එක තමයි එච්.අයි.වී. කියන්නේ නිකම්ම බෝ වෙන රෝගයක්‌ නෙවෙයි. ඇඳුම් පැළඳුම් ගෑවුණා කියලවත්, මළ මුත්‍රවලින්වත්, මදුරුවන්ගෙන්වත්, එක පිඟානක-කෝප්පයක කෑවට-බීවට, එකට නිදාගත්තට එච්.අයි.වී බෝ වෙන්නේ නැහැ. මේක බෝ වෙන්නේ අනාරක්‍ෂිතව ලිංගික එක්‌වීමකදී විතරයි." මේ ලිපිය සකස්‌ කිරීමේදී අපි එච්.අයි.වී ආසාදිතයන් කිහිප දෙනකු සමගම කතා කළෙමු. තම ශරීරය රුපියල් ශත ඉදිරියේ ලංසු තබා වෘත්තීය ජීවිතයේ අර්ථසාධකය ලෙස එච්.අයි.වී වැළඳගත් කාන්තාවක්‌ පැවසූ වචන ටික අපි ඒ අයුරින් මෙසේ සටහන් කර තැබුවෙමු.

    එච්.අයි.වී ආසාදිතයන් ද මිනිසුන්ය. දෛවයෙන්, සදාචාරයෙන් සහ ලෝක අපවාදයෙන් බැට කෑ අසරණ මිනිසුන්ය. මේ මිනිසුන්ව සමාජයෙන් කොන් නොකළ යුතුය. මොවුන්ට ද සමාජය තුළ ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යැමට ඉඩ ලබාදිය යුතුය. සමාජය විසින් එච්.අයි.වී ආසාදිතයන්ව කොන් කරන නිසාම ඔවුන් එච්.අයි.වී ආසාදිතයන් කියා දැන සිටියද ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් නොවේ. සමාජයට රෝගය වසන් කරගෙන සිටීමට ප්‍රයත්න දරයි. එවිට ඔහු හෝ ඇය ඔවුන්ගේ ලිංගික චර්යාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යයි. එහිදී සිදුවන්නේ කුමක්‌ද? තවත් කෙනකුව එච්.අයි.වී ආසාදිතයන්ගේ ගොනුවට ඇතුළත් කරගැනීමක්‌ නොවේද? සිදු විය යුත්තේ එය නොවේ. ඔබ අනාරක්‍ෂිත ලිංගික චර්යාවන් පවත්වාගෙන යන කෙනෙක්‌ද? ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වී වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමය. එමෙන්ම රුධිර පරීක්‍ෂණයක්‌ද කර ගන්නේ නම් ඉතාම වැදගත්ය. තම ගමේ ලිංගාශ්‍රිත රෝග සායනයට යැමට අපහසුතාවක්‌ තිබේ නම් නගරයට පැමිණ වෛදවරයකු හමු වී රුධිර පරීක්‍ෂණයක්‌ කර ගැනීම ඔබගේ ශරීර සුවතාවට ඉතාම අගනේය. එසේ කරන ඔබගේ රුධිර පරීක්‍ෂණය 'නෙගටිව්' විය හැකිය. එහෙත් ඔබට එච්.අයි.වී ආසාදනය වී නැතැයි කියා සිතීම වැරැදිය. මන්ද අද ඔබ අනාරක්‍ෂිත කෙනකු සමග ලිංගික සංසර්ගයේ යෙදී හෙට රුධිර පරීක්‍ෂණය කළ පමණින් එච්.අයි.වී ආසාදනය වී ඇද්ද කියා දැන ගැනීමට නොහැකිය. අපේ රට තුළ තිබෙන වෛද්‍ය පහසුකම් සමග කෙනකුට එච්.අයි.වී ආසාදනය වී ඇද්දැයි දැන ගැනීමට නම් මාස තුන හතරක්‌ ගත වේ.

    අවදානම් පුද්ගලයන්ව එසේ එච්.අයි.වී ආසාදනය ගැන දැනුවත් කරද්දී, ඔබත් ලිංගික ජීවිතයේදී ආරක්‍ෂාකාරී විය යුතු යෑයි අපි කියමු. එච්.අයි.වී. ආසාදිතයකු ඔබට බලෙන් එච්.අයි.වී. ආසාදනය කිරීමට පෙළඹෙන්නේ නැත. එමෙන්ම කෙනකුට එච්.අයි.වී. ආසාදනය වූයේ නොදැනුවත්කම නිසා යෑයි පැවසීමට නොහැකිය. ඔබගේ ආරක්‍ෂාව ඔබ සපයා ගත යුතුය. එච්.අයි.වී ආසාදිතයකු සමග වුවද ආරක්‍ෂා සහිතව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් ගැටලුවක්‌ නැත. එහෙත් අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතු එක්‌ සහකරුවකු සහ සහකාරියක්‌ පමණක්‌ සමග ලිංගික චාර්යාවේ යෙදෙන්නේ නම් එය ඔබගේ පවුලේ සෞඛ්‍යයට ඉතාම වැදගත්ය. මන්ද අනාරක්‍ෂිතයකු සමග ලිංගික ඇසුරක්‌ පවත්වන පුද්ගලයකු තම විවාහක බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා සමගද ලිංගිකව එක්‌ වේ. එවිට ඔබට වැළඳී ඇති ලිංගික රෝගය ඔබේ සහකාරියට හෝ සහකරුටද ආසාදනය වීමට ඉඩ තිබේ. ඉනිදු නොනැවතී තම දරුවන්ට ද ආසාදනය විය හැකිය. එවිට ඔබ පමණක්‌ නොව ඔබගේ කැදැල්ල ද අවුල් ජාලාවක්‌ වනවා නිසැකය. ලිංගික ජීවිතයේදී තමන්ගේ ආරක්‍ෂාව තමන්ම සලසා ගන්නේ නම් තමන්ගේ සුවතාව පමණක්‌ නොව තම පවුලේ විශ්වාසය ද බිඳුවක්‌ හෝ පළුදු නොවනු ඇත.

    සමාජය තුළ ද එච්.අයි.වී ආසාදනය සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක්‌ කළ යුතුව ඇතැයි අපි නැවත වරක්‌ මතක්‌ කර සිටිමු. එමෙන්ම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සමග එච්.අයි.වී ආසාදනය අන්තර්ගත කර කතා කළ යුතු කාලය එළැඹ ඇත. රටේ සෑම දරුවකුටම ඔවුන්ගේ වයසට සුදුසු අයුරින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කරන්නේ නම් ඔවුන්ගේ තුරුණු වියේදී එච්.අයි.වී මරදූතිකාවන් ඇසුරු කළ ද තමන්ගේ ආරක්‍ෂාව සඳහා ගත යුතු පියවරයන් කුමක්‌දැයි කියා ඔවුන් තේරුම් ගෙන සිටී. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ එච්.අයි.වී එකට කතා කළ යුතු මාතෘකාවක්‌ යෑයි අප කීවේ එහෙයිනි.

    එච්.අයි.වී. ගැන පළමුවෙන් ඔබ දැනුවත් විය යුතුය. දෙවනුව අන් අයව දැනුවත් කළ යුතුය. එය මනුෂ්‍යත්වයේ වගකීමකි.
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සාමාන්‍ය ජනතාව
    HIV/AIDS සම්බන්ධ ප්‍රශ්න සහ පිළිතුරු

    1. HIV යනු කුමක්ද?

    HIV යනු වෛරසයක් වේ. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයන යන්නය. HIV වැනි වෛරස් තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකි, ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්,HIV ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය.

    2. ඒඩ්ස් යනු කුමක්ද?

    ඒඩ්ස් රෝගී තත්වයකි. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය යන්නය. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ/අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු මට්ටමකටවිටය දුර්වලවූ විටය.

    3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු කුමක්ද?

    ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබගේ ශරීරය බාහිර විෂබිජ හා රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කරේ. එය සුදු රුධිර සෛල සෑදී ඇත. සුදු රුධිරාණු ආසන්න වශයෙන් 2% ක ලේ වල පවති. ඉතිරිය ශරීරයේ අක්මාව, ප්ලීහාව සහ වසා පද්ධතිය වැනි ස්ථාන ගොනුවී පවතී.

    4. HIV මගින් AIDS සැදෙන්නේ කෙසේද?

    HIV මගින් AIDS (ඒඩ්ස්) තත්වය ඇතිවේ. HIV වෛරසය ක්‍රමයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල අසාදනය කරේ. HIV මෙම සෛල ක්‍රමයෙන් විනාශ කරන විට ශරීරය ආසාදන වලට වඩා වැඩි අවදානමක් ගනී. ප්‍රතිශක්තිකරණ ඉතා අඩු මට්ටමක ඇති පුද්ගලයෙකුට ඒඩ්ස් තත්වය ඇතිවේ. HIV අසාදනය වූ පසු ඒඩ්ස් තත්වයට පත්වන තෙක් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවීමට වසර ගණනාවක් ගත විය හැක.

    5. ඒඩ්ස් රෝග ලක්ෂණ මොනවාද?

    යම් පුද්ගලයෙකුට අවස්ථාවාදී ආසාධන හෝ ඒඩිස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරේ.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා 'අවස්ථාවාදී' ආසාදන ලෙස හැඳින්වේ.

    අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කලහැක. පුද්ගලයෙකුගේ රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල (CD4 සෛල) සංඛ්යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කල හැක.

    6.ඒඩ්ස් සඳහා ප්‍රතිකාර තිබෙනවා ද?

    බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙන නමුත් AIDS සදහා ප්‍රතිකාරයක් නොමැත.ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

    වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ ඇත. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම දීර්ඝ කෙරේ.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම එචි අයි වෛරසය මරා දැමිය නොහැකිය.

    7. HIV වෛරසය AIDS රෝගී තත්වය ඇති කිරීමට කොපමණ කාලයක් ගතවේද?

    කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්වය ඇතිවේ.මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වේ, බොහෝ සාධක මත රඳා පවතී. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කරේ.

    ප්‍රතිවෛරස ඖෂධ මගින් එච්.අයි.වී. ආසාදනයේ සිට ඒඩ්ස් රෝගී තත්වය දක්වා ප්‍රගමනය වීමට ගතවන කාලය බොහෝසේ වැඩිකර ඇත.

    8. ශරීරයෙන් පිටත HIV වෛරසයට පැවැත්මක් තිබේද?

    HIV විද්‍යාගාර තත්වයන් තුළ හෝ, ජීවී මිනිස් සිරුර තුල හැර ජීවී තත්වයෙන් පැවතිය නොහැක. (සුදුසු තත්ව යටතේ එසේ විය හැකි බොහෝ බැක්ටීරියා හෝ දිලීර, මෙන් නොව)ඒ නිසා, එය මිනිස් සිරුරෙන් බැහැරව HIV වෛරසය පැතිර යාම හෝ නඩත්තු කටයුතු කිසිවක් සිදු නොකෙරේ.එනිසා HIV වෛරසයට ශරීරයෙන් පිටත පැවැත්මක් නැත.

    9. වෛරසයට නිරාවරණය වීමෙන් කොපමණ කලකට පසු HIV සඳහා රුධිර පරික්ෂාවක් කරගත යුතුද?

    මෙම පරීක්ෂණය මගින් ප්‍රතිදේහ හදුනා ගනී. වෛරසය ඇතුලත් වීමෙන් කලකට පසු ශරීරය තුල ප්‍රතිදේහ නිපදවේ.හදුනාගත හැකි තරම් ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් කාලයක් ගතවේ.මෙම කාලය මනුෂ්‍යයෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වේ.මෙම ගතවන කාලය “කවුළු සමය” ලෙස හදුන්වයි.බොහෝ දෙනෙකු සති 02ත් 08ත් අතර කාලය තුලදී (දින25) හදුනාගත හැකිතරම් ප්‍රමාණයක් ප්‍රතිදේහ නිපදවයි.සමහර පුද්ගලයින්ගේ එම කාලයට වඩා කාලයක් ඒ සදහා ගත කරයි.එබැවින් මුලින් HIV පරීක්ෂණයේ ප්‍රතිඵලය රහිත වුවද මාස 03 කට පසුවද එම පරීක්ෂණය නැවත කිරීමෙන් ප්‍රතිඵල සහිත වියහැක.

    10. මට මෙම HIV පරීක්ෂණය සිදුකර කර ගත හැක්කේ කොහේදීද?

    මෙම පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකර ගතහැක.සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගත හැක.එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදු වේ.

    11. HIV වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වැළදෙන්නේ කෙසේද?

    ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය වේ.

    HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය සිදුවිය හැක.

    රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස පැටවුන් බෝකිරීමෙන්), සම grafts හෝ ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවේ.

    12. HIV වෛරසය සිප ගැනීමකදී වැළදේද?

    මෙම වෛරසය සිප ගැනීමකදී අසාධනය නොවේ.කම්මුල් සිපගැනීම ආරක්‍ෂිත වේ.කිසිදු පුද්ගලයෙක් සිප ගැනීම,වැළදගැනීම,අතට අතදීම මගින් HIV වෛරසය ශරීර ගතවීමක් වාර්තා වී නැත.

    විවෘත-මුව තබා සිප ගැනීම HIV රෝගය සම්ප්‍රේෂණය සඳහා ඉතා අඩු අවදානම් ක්‍රියාකාරකම් ලෙස සැලකේ. කෙසේ වෙතත්, දීර්ඝ විවෘත-මුව තබා සිප හෝ මුඛයෙන් තොල් හානි මගින් එච්.අයි.වී. අසාදනය කිරීමට ආසාදිත පුද්ගලයකුගෙන් සමත් වේ.

    13. මා හට HIV වෛරසය මුඛ-ලිංගික සංසර්ගය මගින් වැළදිය හැකිද?

    මෙම වෛරසය අසාදිත රුධිරයේ සහ ශුක්‍ර තරලයේ තිබීමෙන් ගම්‍ය වනුයේ මේවා තුලින් බෝවිය හැකි බවයි. ශුක්‍ර තරලය පහවිමකදී,විදුරුමස තුල රුධිරය වහනය වීමේදී, මුඛ තුවාල ඇති විටකදී මෙන්ම උගුරේ ඇතිවන සෙම් රෝග අසදනයකදී එම ස්ථානයන් තුලින් ශරීරය තුලට HIV වෛරසය ඇතුළුවීමට හැකියාව ලැබේ.

    14. හවුලේ ආහාරපාන භාවිතය මගින් HIV වැළදිය හැකිද?

    නැත.

    15. එකම වැසිකිළිය හවුලේ භාවිතයෙන් HIV වැළදිය හැකිද?

    නැත.

    16.මදුරුවන් දෂ්ඨ කිරීම මඟින් HIV වැළදිය හැකිද?

    නැත.

    17. HIV ආසාධිත කාන්තාවක් තම කුස තුල සිටින බිලිදාට හෝ අළුත උපන් දරුවාට ලබා දෙන මව්කිරි මගින් HIV වෛරසය බෝවිය හැකිද?

    ආසාධිත කාන්තාවකට එම වෛරසය තම කුසතුල සිටියදී මෙන්ම බිහිවිමදී එම ළදරුවාට අසාදනය කලහැක.එසේම ලබා දෙන මව්කිරි මගින්ද වෛරසය පැතිරේ.කෙසේ නමුදු එම කාන්තාව ඒ බව කලින්ම දැන සිටියේ නම්,නියමිත ඖෂධ භාවිතා කිරීමෙන් දරුවාට වැළදීමේ හැකියාව ඉතා හොදින් අඩු කර ගත හැක.මෙම අවදානම තවදුරටත් අඩුකර ගත හැකි ක්‍රමවේදය වනුයේ සිසේරියන් සැත්කමට මුහුණදීම මෙන්ම දරුවාට මව්කිරි ලබාදීමෙන් වැලකී සිටීමයි අද පවතින වාතාවරණය සැකසී ඇත්තේ ඉපදී මාස 06ක් යනතුරු මව්කිරි ලබාදීම අනිවාර්යය කිරීමයි.එසේ වුවද ප්‍රතිවෛරස ඖෂධ ලබාගැනීම තුලින් මවකට තම ශරීරය තුල අවම ප්‍රමාණයෙන් වෛරසය පාලනය කර ගැනීම තුල ළදරුවාට ලබා දෙන මව්කිරි වල අවම තත්වයේ වෛරස් ප්‍රමාණයක් පවත්වා ගැනීම සිදුකල හැක.

    18.මා හට HIV වෛරසය සැලුන් තුලදී හෝ පච්ච කෙටිමකදී ඇතුළු විය හැකිද?

    එම ස්ථාන වලදී බෝවීමකට ඇති ඉඩකඩ ඇතිවනුයේ ඔබේ සමේ ඇතිවන තුවලයකදී හෝ කැපීම,කෙටිමක් තුලදී පමණකි.එම තුවාලයක් තුලින් අසාදිත රුධිරය ශරීරයට අතුල්විමකින් පමණක් අසාදනයවීමේ හැකියාව පවතී.බොහෝ සැලුන් වලදී භාවිතා කරනුයේ එක් වරක් පමණක් භාවිතාකොට ඉවතලන බ්ලේඩ්ය.එබැවින් HIV වෛරසය පමණක් නොව හෙපටයිටිස් B වැනි රුධිරයෙන් අසාදනය වන අනිකුත් රෝග බෝවීමද වලකී.කෙසේ වුවද අප රට තුලදී මෙම ස්ථාන වලදී අසාදනයවීම් වාර්තා වී නොමැත.

    19. HIV හා අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන අතර සම්බන්ධයක් තිබේද?


    HIV අසාදන සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග එකිනෙක අතර සම්බන්දකම් ඇත. HIV වැළදුන රෝගියෙකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් එමගින් ඔහුහෝ ඇයගේ ශරීරය සතුව ඇති HIV වෛරස් ප්‍රමාණය වැඩි කරදීම සිදුවේ.එමගින් අන් අයට අසාදන වේගය සහ අවදානම් භාවය වැඩිවේ.මෙය ලිංගික ප්‍රදේශවල ඇති තුවාල තුලින් හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්‍රාවයන්ගෙන් වීමටද පුළුවන. එසේම HIV රහිත පුද්ගලයකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් ඔහුට හෝ ඇයට HIV වෛරසය වැළදීමේ හැකියාව ඉහල තත්වයක පවතී.මේ තත්වය ඇතිවනුයේ අනිකුත් ලිංගාශ්‍රිත රෝග මගින් ඇතිකරනු ලබන සමේ තුවාල සහ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල මගින්ය.(උදා:උපදංශය සහ හර්පීස්) රෝග ලක්ෂණ රහිත අවස්ථාවකදී වුවද (ක්ලැමිඩියා,යාගොනෝරියා) ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හේතූ කොටගෙන ක්ලැමිඩියා,ගොනෝරියා තත්ත්ව යටතේ HIV අසාදනය වඩා පහසුවෙන් සිදුවිය හැක.

    ලිංගික සංසර්ගයකදී කොන්ඩම් භාවිතාකිරීමෙන් මෙම HIV අසාදනය ඇතුළු අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම හොදින් පාලනය කරගත හැක.

    20. HIV වැළදුන පුද්ගලයකු නිරෝගී පුද්ගලයකු මෙන් දැකිය හැකිද?

    ඔව් ඇත්ත වශයෙන්ම. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගත නොහැක.එසේ වුවද ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කල හැක.සත්‍ය තත්වය මෙය බැවින් HIV වැළදුන පුද්ගලයකු නිරෝගිමත් පුද්ගලයකු ලෙස පෙනෙන බැවින්ද කිසිවකු තමා ලිංගිකව සම්බන්දවන පුද්ගලයා තවදුරටත් HIV වෛරසය සහිතව ජීවත්වන පුද්ගලයෙකු ලෙස නොදකී.
     
    • Like
    Reactions: D T