උන්ඩියල් පුරුදු උනා වගේම මමත් ඇතුලුව ගොඩක් පිරිස හරියට දැනගෙන නෙමෙයි උන්ඩියල් එවිවෙ. ( මමත් මාස් දෙකක් උන්ඩියල් එව්ව ඒත් ඇත්ත සීන් එක දැනගත්තට පස්සෙ එව්වෙ නෑ ). ඇත්තම හේතුව මිනිහ කියන්නෙ ග්රීඩි සතෙක්. පොඩි හරි ලභයක් තියනවනම් තමන්ගෙ අතේ ඩොලර් දහයක් හරි ඉතුරු වෙන දෙයක් තියනවනම් යූස් කරන්නෙ ඒකම තමයි. දැන් ආණ්ඩුවට කරන්න ඉතුරු වෙලා තියන එකම දේ උන්ඩියල් උන්ව අල්ලන එක විතරයි. ආණ්ඩුවෙ වැරදිම නිසා උන්ඩියල් පුරුදු උන මිනිස්සු දැන් ගෝඨ ඉන්න නිසා එවන්නෙ නෑ, කොරෝන කාලෙ ලංකාවට එන්න දුන්නෙ නෑ, එවන සල්ලි හොරකම් කරනව වගේ බයිල කිය කිය ඉන්නේ ඇත්තටම ඒ ලාභය නිසා. ගෝඨා ගියා කියල ආයි පාඩු කරන් හරි පාරෙ එවන්නෙ නෑ එතනින් 10%ක් වත්. ඒත් දීර්ග කාලීනව හිතල බැලුවොත්, ගෝඨගෙන් පලිගන්න හරි මොනවටහරි අපි හරි සල්ලින් නෝවා පස්ස ගැහුවොත් ඒකෙ හානිය වෙන්නෙ අපේම ලංකාවෙ ඉන්න දෙමවුපියන්ට, සහෝදරයන්ට. ගෝඨලට මහින්දලට ඕවගෙන් දැනෙන්නෙවත් නෑ. දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි. ඒත් දැන් පරක්කු වැඩියි. දැන් තියෙන්නෙ උන්ඩියල් උන් අල්ලන එක. එව කරන්නෙත් උන්ගෙම උන් නම් ගෝඨගෙන් පලිගන්න හිතගෙන උන්ගෙම වලට සල්ලි යවනව වගේ වැඩක්.