මාස 5 කට පෙර මේ රටේ අපි හිටපු තැන සහ අද ඉන්න තැන වෙනස්ය. අර්බුද, ප්‍රශ්න සෙමින් නමුත් ස්ථිර ලෙසින් විසදෙමින් ඇත.
මෙයට මාස 6 කට පෙර, 2023 මාර්තු මාසය ගැන ජාත්‍යන්තර මාධ්‍ය, ආර්ථික විශේඥයින් කියපු අනාවැකි 8 කි.
1. පාන් රාත්තල රු. 550 විය හැකිය. දවස කන්නට විල්බැරෝවකින් මුදල් නෝට්ටු ගෙන යන්නට සිදු වනු ඇත.
2. රටේ 50% කට සාගතනය නිසා කන්න නැති වනු ඇත.
3. ඉන්ධන මිල රු. 1000 ඉක්මවනු ඇත.
4. ගල්අඟුරු නැති නිසා පැය 18 ක විදුලිය කපනු ඇත.
5. බෙහෙත් නැතිව රෝහල් වසා දමන්නට සිදු වනු ඇත.
6. (චීනය එකඟතාවය නොමැතිව) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන නොලැබෙනු ඇත.
7. බෙහෙත් පොහොර නැති නිසා කෘෂිකර්මය විනාශ වී සතා සිව්පාවා ද විනාශ වී, ආර්ථික අර්බුදයේ උච්චතම ස්ථානය 2023 මාර්තුවේ පැමිණෙනු ඇත.
2023 මාර්තු 9 (අද) වන විට අපේ රටේ තත්වය පෙන්වන දර්ශක 7 කි.
1. ඩොලරයට සාපේක්ෂව 2023 වසරේ ලොව වැඩිම ශක්තිමත් භාවයක් ලගාකර ගත් මුදල් ඒකකය රුපියල යි. (බ්ලූම්බර්ග් මාර්තු 6)
2. පිටි, පාන්, පරිප්පු, හාල්මැස්සෝ, අල, ආදී ආහාර මිල සෙමින් නමුත් ස්ථිර ලෙසම පහත බසිමින් ඇත.
3. සාගතයක් නොව එළවළු මිල විකුණාගත නොහැකි මට්ටමට (ගෝවා තොග මිල රු. 40, ලීක්ස් 40, රාබු 30, වට්ටක්කා රු. 20) පහත වැටී ඇත.
4. ඉන්ධන සැපයීම අඛණ්ඩ බැවින් මාළු මිල ස්ථාවර වී ඇත. මත්ස්‍ය අස්වැන්න අඛණ්ඩව ලැබෙමින් ඇත.
5. විදුලිය කැපීම නවතා දමා ඇත.
6. ඉන්ධන පිරිමැසුම්දායක ලෙස නමුත් විධිමත් ක්‍රමයට බෙදාහරිිමින් ඇත
7. උද්ධමන දර්ශකයේ 2 ස්ථානයේ සිටි රට 13 සහ 16 දක්වා පහත වැටී ඇත.
තවමත් ඩොලර් මි. 400 ක අතමාරුවෙන් එක් ඩොලරයක් රටට පැමිණ නැත. මුල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේ මාර්තු 21 දිනයි. රටේ මුදල් ප්රශ්නය සමනය වී, රුපියල ශක්තිමත් වී ඇත.
අපේ රට මහා අර්බුදයේ නරකම පැය දේශපාලනඥයින් හා නිලධාරීන් පිරිසක් විසින් කළමනාකරණය කර ඇත.
නැවත වරක් රට ‘කන්නට අදින්නට තියෙන තැනක්‘ බවට පත්වෙමින් ඇත.
රටේ දුෂ්කරම කාලය ගෙවී අවසන් ය.
ලංකා ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තේ දියසෙන් කුමාරයෙකු නොවේ.
නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හා එයට නායකත්වය දුන් ජනප්‍රිය නොවන තීන්දු ගෙන බැනුම් අසන දේශපාලනඥයින් හා නිලධාරීන් සමූහයකි. එහි ප්‍රතිඑලය මුළු රටටම ය.
ප්‍රශ්න විසඳීමට නොහැකි අය කරන්නේ විවේචනය සහ අපහාස -- උපහාසය යි. දැන් එයට වේළාවයි.
- රජිත් කීර්ති තෙන්නකෝන්