IMF තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීමේ තීරණය අද..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1718175581-imf_L.jpg


    ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) රැස්වී තීරණය කිරීමට නියමිතය.

    ඒ යටතේ අනුමත කිරීමට නියමිත ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 335කි.

    ඒ සම්බන්ධයෙන් අද (12) කොළඹදී අදහස් දැක්වූ සහකාර මහබැංකු අධිපති බව ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා,

    "රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුද එකක් සාකච්ඡා ආරම්භ කළා. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3ක් අනුමත කළා. මේක අවුරුදු 04කින් මාස 48ක ණය පහසුකම් මාස 06න් 06ට අලුත්වෙන ණය පසුකමක්. සමාලෝචනය වෙනවා මාස 06න් 06ට ඒ වගේම මේ ණය පහසුකම ලබාදීලා තියෙන්නේ අයවැයට සහාය සඳහා. දැන් වෙනකොට ඩොලර්මිලිය 670ක් මේ ණය පහසුකමින් ලැබිලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රීය වෙනකොට අපි බලාපොරොත්තුවෙනවා මේ ණය පහසුකමේ 03වෙනි වාරිකය අපිට ලැබෙයි කියලා. මොකද අද මධ්‍යම රාත්‍රීයේ අමෙරිකාවේ වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලංකාවේ ණය පහසුකමේ දෙවැනි සමාලෝචනය අවසන් කරන්නේ. අපි හිතනවා සියලු රටවල්වල සහයෝගයෙන් ඒ සමාලෝචනය අවසන් කරන්න ලැබෙයි කියලා. ඒත් එක්ක තවත් ඩොලර් මිලියන 335ක පමණ අපිට ලැබෙන්න ඕනේ. ඒත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනට මෙම ණය පහසුකම යටතේ ලබාදුන් මුදල ඩොලර් බිලියනටය වඩා මඳක් වැඩියි."

    adaderana