IMF වෙතින් සුබ පණිවිඩයක්
වෙතින් සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකාව සමග සිදු කරන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.
ඇය ප්‍රකාශ කර ඇත්තේ, විදේශ සංචිත අඩු වීමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බව ය.
“අපිට අපේ සාකච්ඡා දිගට ම කරගෙන යා හැකි රජයක් තිබෙන මොහොතේ, අපගේ කණ්ඩායමක් ලංකාවට පැමිණේවි. අපි දැනටමත් සාර්ථකව සිදු කර ඇති තාක්ෂණික කටයුතු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම තාක්ෂණික කණ්ඩායම මත පදනම්ව අපට හැකි ඉක්මනින් සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වෙනවා.”
ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ, “ඊළඟ නායකයාට සහයෝගය ලැබෙන තාක් සහ රට මෙහෙයවීමට හැකියාව ලෙබෙන තාක්” ඕනෑ ම ශ්‍රී ලංකා පරිපාලනයක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන බව ය.